දේශබන්දු පොලිස්පති වෙන්න සුදුසුකම් සපුරයි?

අද මැයි 9 ප්‍රහාරයේ අධිචෝදනා ලද දේශබන්දු තෙන්නකෝන්ගේ අධිචෝදනා ඉවත් කිරීමට අභියාචනාධිකරණය තීරණයකර තිබේ.

ඉකුත් වසරේ මැයි 9දා ගාලු මුවදොර ‘ගෝඨාගෝගම’ අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස තමන් නම් කරන ලෙස දන්වා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබ ඇති ලිපියක් බලරහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමේ තීන්දුව මෙය වේ. මැයි 09 වනදා ගෝල්ෆේස් වෙත පැමිණි මැරයන් සමඟ දේශබන්දු සිටින ආකාරය පැහැදිලිව දැකිය හැකිවිය.

ඔහු මෙම සිදුවීමට අදාළව වැරදිකරු බව මානව හිමිකම් කොමිසමද නිර්දේශ කර තිබුණි. එම කොමිසමේ තවත් නිර්දේශයක් වූවේ ප්‍රහාරයට ලක්වූ ගෝල්ෆේස් අරගලකරුවන්ට ඔහු වන්දි ගෙවිය යුතු බවයි.

මිට අමතරව රගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක් සොයගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනුකොට තිබෙන රිට් පෙත්සම සම්බන්ධ තීන්දුව ද අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. මෙම සිදුවීමේදී එම තමන්ට දේශබන්දු තෙන්නකෝන් දුරකථනයෙන් කතා කොට බලපෑම් කළ බව කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපතිවරයා සාක්ෂි ලබාදෙමින් අධිකරණයේදී පවසා තිබුණි. මෙම චෝදනාවලින් ද බොහෝවිට දේශබන්දු නිදහස් කරනු ඇත.

මිට අමතරව මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම් ඇතුළු විෂමාචාර රැසක් සම්බන්ධයෙන් දේශබන්දුට චෝදනා එල්ල වී තිබේ.

මෙහිදී අවදානයට ගතයුතු වැදගත් දෙයක් වන්නේ මේ වනවිට පොලිස්පති ධූරය හිස්ව පවතින බවයි. පොලිස්පතිධූරයට සුදුස්සන් ලෙස නම් කර ඇති ලයිස්තුවේ උඩින්ම සිටින්නේ දේශබන්දු තෙන්නකෝන් වේ.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...