Breaking News

ජනාධිපතිගේ ‘ඇමතීම’ වෙලාවට විදුලි කප්පාදුවක් නැහැ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද දිනයේ පැවැත්වීමට නියමිත විශේෂ කතාව සිදුකරන අවස්ථාවේ දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලිය කප්පාදු නොකිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බව වෙබ් මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබේ.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර ඇති අද (16) දිනයේ විදුලි කප්පාදු ලැයිස්තුවේ රාත්‍රි 8 සිට 9.30 දක්වා කාලය තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයකට විදුලිය කප්පාදු නොකරනු ඇති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පස්වරු 8.30 ට මෙම කතාව සිදුකිරීමට නියමත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ජනාධිපතිවරය ගැන, ආණ්ඩුව ගැන, ජනාධිපතිවරයා ‘ජාතිය ඇමතීම’ ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශේෂ කතා බහක් ඇතිව තිබේ. එහිදී බහුතරයක් ජාතිය ඇමතීම ගැන උපහාසයෙන් සඳහන් කර ඇති ආකාරය දැකිය හැක.

leave a reply