ජනාධිපතිගේ ‘ඇමතීම’ වෙලාවට විදුලි කප්පාදුවක් නැහැ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද දිනයේ පැවැත්වීමට නියමිත විශේෂ කතාව සිදුකරන අවස්ථාවේ දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලිය කප්පාදු නොකිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බව වෙබ් මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබේ.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර ඇති අද (16) දිනයේ විදුලි කප්පාදු ලැයිස්තුවේ රාත්‍රි 8 සිට 9.30 දක්වා කාලය තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයකට විදුලිය කප්පාදු නොකරනු ඇති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පස්වරු 8.30 ට මෙම කතාව සිදුකිරීමට නියමත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ජනාධිපතිවරය ගැන, ආණ්ඩුව ගැන, ජනාධිපතිවරයා ‘ජාතිය ඇමතීම’ ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශේෂ කතා බහක් ඇතිව තිබේ. එහිදී බහුතරයක් ජාතිය ඇමතීම ගැන උපහාසයෙන් සඳහන් කර ඇති ආකාරය දැකිය හැක.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...