ස්වභාවධර්මය අනෙකා කරගෙන ගොඩනැගුණු සංගීතය, නර්තනය, හා අනෙකුත් කලාවන් අතර චිත්‍ර කලාවට හිමිවන්නේ සුවිශේෂ තැනකි. සංකල්ප මත පදනම් නොවී, ආදී ප්‍රාග් මානවයා විසින් සතුන්ගේ ලේ, ගස්වැල්වල කොළ පොතු හා අඟුරු භාවිතා කරමින් ගුහා ආශ්‍රිතව අඳින ලද කුරුටු චිත්‍රවලට සංකල්පීය අරුතක් නැහැ වගේම, ඒ කුරුටු චිත්‍ර ගැන සංකල්පීය අරුතකින් විචාරාත්මක කියවීමක් කිරීමට නොහැකි වන්නේ, එම සිතුවම් අයත් වන්නේ සංකල්ප ලෝකයට පෙර ස්වභාවිකව අඳින ලද ප්‍රාතමික කලා Primitive Period සම්ප්‍රදායකට අයත් නිසාවෙනි. එම නිසා එම චිත්‍ර අපිට කියවගන්න වෙන්නේ ස්වභාවික රූප විදියට පමණයි.
ඒත් මිනිසා විසින් භාෂාව අත්පත් කරගැනීමේ ප්‍රතිපලයක් හැටියට ස්වභාවික මිනිසා සංස්කෘතික මිනිසෙක් බවට පත්විය. එතැන් පටන් ලෝකයේ බොහෝ දේවල් වෙනස් වීමට පටන්ගත් අතර, චිත්‍ර කලාව මෙන්ම අනෙකුත් කලාවන්ද සංකල්පීයව වෙනස් වුණු අතර, චිත්‍ර කලාව ස්වාභාවිකත්වය අතික්‍රමණය කරමින්, විශාල පරිවර්තනයකට ලක්වුණු අතර, චිත්‍ර කලාව පල්ලියේ බලපෑම් වලට The Influence of Church බොහෝසෙයින් පත්විය. මෙම ආගමික ආධිපත්‍ය පරදා බුද්ධි ප්‍රබෝධන යුගයත් පෙරලියක් බවට පත්වූයේ ඉතාලියානු පුනරුදයත් Renaissance සමගිනි. ආගමික හා වැඩවසම් සීමා ඉක්මවා, මිනිසාගේ සංකල්ප ලෝකය තර්ක බුද්ධියත් සමග උත්කර්ෂණයට නැංවුයේ මේ පුනරුදයේ මහා පෙරලිය නිසාවෙනි.
අපිට එහෙම මහා පුනරුද පෙරලියක් නැති නිසා අපේ චිත්‍ර කලාව මෙන්ම අනෙකුත් කලාවන් පවතින්නේ ඉතාමත් ප්‍රාථමික තලයක් තුළ කිව්වොත් බොහෝ දෙනෙක් මා සමග උරණ වනු ඇත. කවුරු හරි කෙනෙක් මගෙන් අහන්න පුළුවන් අපිට කලාවක් කියලා ඇත්තටම නැතිද කියලා. ඔව්, තියෙනවා, ඒත් ඒවා අර මහා කණ්ඩනයන් තුලින් ගොඩනැගුණු කලාවන් නොවෙයි, සාමාන්‍යයෙන් අපේ සිතුවිලි මට්ටමේ නතර වුණු, මහා දාර්ශනික සම්ප්‍රදායන් තුලින් ගොඩනැගුණු කලාවන් නොවෙයි. මා දන්නා තරමින් ලංකාවේ දෘශ්‍ය කලා පීඨවල උගන්වන ගුරුවරුන්ද එහෙම බරපතල ලෙස හදාරන අයවලුන් නෙවෙයි. මොකද එහෙම ගුරුවරුන් ඉන්නවා නම්, ඒ අයගෙන් ආභාෂය ලබල එලියට එන දෘශ්‍ය කලා ශිල්පීන්ගේ කලා කෘති තුලින් ඒ බව දෘශ්‍යමාන වෙන්න ඕනනේ. කැන්වසය මත පින්සලකින් පාට කරලා, මොනවා හරි දෙයක් ඇන්ද පලියට ඒවා මහා සංකල්ප ලෝකයක් පිටුපසින් ආභාෂය ලැබූ දෘශ්‍ය කලාවන් නොවෙයි. ඒ නිසා තමයි සංකල්ප නෙවෙයි මගේ වැඩේ, මම කැමති පරණ තැනට ගිහින් මගේ චිත්‍ර අඳින්න සහ සංකල්ප ඉක්මවා ගිය තැන තමයි කලාව බිහිවෙන්නේ වගේ අතාර්කිල කතා කියන්නේ.
මම එහෙම කතා කියන අයගෙන් අහන්නේ පොඩි සරළ ප්‍රශ්න කීපයයි. ඔය වචන ඉක්මවා ගිය තැන සහ, මුල් යුගයට ගිහින් අඳින චිත්‍ර මොනවගේද ? ඒවා අර ප්‍රාථමික යුගයේ Primitive Period ආදී මානවයා විසින් ගල් ගුහාවල ඇඳි සිතුවම් වගේද සහ වචන ඉක්මවා ගිය තැන බිහිවෙන කලාව මොකක්ද කියන පුංචි කාරණා ටිකයි.
චිත්‍ර කලාව ඇකඩමික් අර්ථයෙන් ගත් කල, එහි සංරචන සැලසුම් මූලධර්මයන් ලෙස රේඛාව Line, හැඩය Shape, වර්ණ Colours, දිශාව Direction, සහ සංයුතිය Texture යන මූලධර්මයන් ගුරුකොට ගෙන ගොඩනැගෙන සංවිධිත පෙළ ගැස්මකි. මෙම මූලයන් ව්‍යුහාත්මකව කලා කෘතියක් ලෙස නිම කරන්නට නම්, එම කලා ශිල්පියාගේ මානසික ලෝකය තුළ දාර්ශනික මෙන්ම සංකල්පීය චින්තන ධාරාවක් තිබිය යුතුයි. ඒ චින්තන පරාසය තුලින් තමයි චිත්‍රයක අන්තර්ගතය Subject Matter ගොඩනැගෙන්නේ සහ ආකෘතිය Form නිර්මාණය වෙන්නේ. ඉතිං, ඇකඩමියාව තුලින් චිත්‍රයක මූලිකාංග ඉගෙන ගත් පමණින් එය කලා කෘතියක් වෙන්නේ නැත්තේ ඒකයි.
ලෝකයේ මෙතෙක් බිහිවූ සම්භාව්‍ය කලාවේ සිට, අද නූතනය තුළ බිහිවෙන සංකීර්ණ කලා කෘති වලට පිටුපසින් දාර්ශනික හා සංකල්පීය දහරාවන්වල විශාල චින්තන පරාසයක් විහිදී ඇති අතර, සංකල්පවලින් තොරව කලා කෘති ගොඩනගන්නට පුළුවන් කියන කාරණය කවුරු හරි විශාරදයෙක් මට පැහැදිලි කර දෙනු මැනවි.
ඉහත කලා කෘති දෙකේ නිර්මාණ කරුවන් වන්නේ අධියතාර්ථවාදී Surrealism කලා ශානරය පදනම් කරගෙන විශිෂ්ට කලා කෘති නිර්මාණය කල ස්පාඥඥ ජාතික සැල්වදෝර් ඩාලිගේ Salvador Doming Felipe Jacinto Dali කලා කෘතියක් සහ ජර්මන් ජාතික, මිනිස් ශරීරය අවිඥානික භීතියක් Unconscious Phobia බවට නිර්මාණය කල ලුසියන් ෆ්‍රොයිඩ් Lucian Michael Freud කියන කලා කරුවන් දෙදෙනගෙයි.
ඩාලි කියන්නේ කාල් යුංග්ගේ සාමුහික අවිඥානය Collective Unconscious කියන මනෝවිශ්ලේෂනාත්මක අදහස් පද්ධතිය බැරෑරුම් ලෙස අධ්‍යයනය කල කලා කරුවෙක් වන අතර, ජපානයේ නාගසාකි හා හිරෝෂිමා නගරවලට න්‍යාෂ්ටික බෝම්බ හෙලීමෙන් පසු කොන්ටෝම් භෞතික ව්ද්‍යාව හා වෙනත් දර්ශනයන් අධ්‍යයනය කරමින් යුද්ධයේ කුරිරු බව සිතුවම් හරහා ප්‍රකාශමාන කල කලා කරුවෙකි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මුණුබුරෙකු වන ලුසියන් ෆ්‍රොයිඩ් කියන්නේ මිනිසුන්ගේ අභ්‍යන්තරික අඳුරු ප්‍රේරණයන්වල Death Drive අවිඥානික ස්වරූපය මිනිසුන්ගේ නග්න Nude දේහයන් හරහා එහි ව්‍යාකුලත්වය Chaos සිතුවමට නැගු සංකීර්ණ චිත්‍ර ශිල්පියෙකි. ඔහු මෙම ව්‍යාකුල මිනිස් ශරීර සිතුවමට නගන්නට මූලිකව බලපා ඇත්තේ වියට්නාම් යුද්ධය තුළ ඇතිවූ අතිබිහිසුණු බවයි.
මේ යුධමය පසුබිම හරහා මිනිසුන් තුළ ඇතිවෙන මානසික උදාසීනත්වය අප්‍රේරණ සංකීර්ණතාවය Amotivational Syndrome ඩාලිගේ කලාව තුලින් ප්‍රකාශ කල අතර, එම මානසික තත්වයන් යටතේ මිනිස් ශරීරවලින් ප්‍රකාශනය වෙන අවිඥානික ආඝාත ධ්වනියන් Beat Tone ලුසියාන් ෆ්‍රොයිඩ් විසින් ඉතාමත්ම නිර්මාණශීලීව කලාව හරහා ප්‍රකාශ කරන්නට හැකියාව ලැබී ඇත්තේ ඔවුනගේ සංකේත ලෝකයේ ඇති පුළුල් බව නිසයි.
ඩාලිට සහ ලුසියාන්ට තමන්ගේ දාර්ශනික සහ සංකල්පීය ලෝකය පුළුල් නොවෙන්නට මෙවැනි සංකීර්ණ දෘශ්‍ය කලාවන් නිර්මාණය කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතිං, දාර්ශනික සහ සංකල්පමේය චින්තනයක ආභාෂය නැති අපේ දෘශ්‍ය කලා ශිල්පීන් නැවත පැරණි තැනට යනවා සහ කලාව උපදින්නේ වචන ඉක්මවා ගිය තැනකදී කියලා මහත් උජාරුවෙන් කියද්දී මට හිතෙන්නේ මේ අයගේ පටු සීමාවේ විඥානික ස්වරූපය සහ ජීවිතවල ඇති අති සරළ බවයි. ඉතිං, අපේ මේ සරළ දෘශ්‍ය කලාව පුපුරවා යන්න සංඛේත ගරිල්ලා ප්‍රහාරයක් වදින තුරු මම ඉතාමත්ම ආශාවෙන් බලා සිටිමි.
ආමේන්