පොහොර නැව ගැන විගණකාධිපති වාර්තාව වැරදියි – කෘෂිකර්ම ඇමති ඇඟ බේරගන්න හදයි

ආන්දෝලනාත්මක චීන පොහොර නැවට මුදල් ගෙවීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව නිවැරදි නොවන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් තමන්ට දැනුම් දී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. නමුත් එය නිවැරදි නොවන බව ඇමතිවරයා ශාක්ෂි සහිතව ඔප්පු කර නැත.

ඒ, ගුවන්විදුලි නාලිකාවක් කළ විමසීමකදී පිළිතුරු ලබාදෙමින්.

විගණකාධිපති දෙපාර්තමේන්තුව එම පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් විමසා ඇතත් අමාත්‍යාංශ නිලධාරීන් ලබාදුන් පිළිතුරු එම වාර්තාවට ඇතුළත් කර නොමැති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

එසේම, සාමාන්‍යයෙන් මෙවැනි වාර්තාවක් මුලින්ම ඉදිරිපත් කළයුතු වන්නේ පාර්ලිමේන්තුවට වුවත් මෙම වාර්තාව මාධ්‍ය වෙත කලින්ම නිකුත් වී ඇති බව පවසන අමාත්‍යවරයා එය වරදක් බවත් එය එසේ සිදුවුණේ කවරාකාරයෙන්දැයි පරීක්ෂණයක් සිදුකරන බවත් පවසනවා.

අඅහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000කින් සමන්විත වූ චීන පොහොර නැව වෙනුවෙන් කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීමෙන් රුපියල් කෝටි 138 කට වැඩි මුදලක් (ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක්) වැය කිරීම රජයට පාඩු කිරීමක් බව දැන් පැවසෙනවා.

ඒ නිසා එම ගනුදෙනුවේ සිද්ධිය සම්බන්ධයෙන් පාඩු වූ මුදල අදාළ වගකිව යුත්තන්ට නඩු පවරා අයකර ගන්නා ලෙස රජයේ විගණකාධිපතිවරයාගේ නිර්දේශ කර ඇ.

නොසැපයූ පොහොර වෙනුවෙන් මුදල් ලබා ගැනීම සහ 2020- 2021 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගිවිසුම ප්‍රකාරව ලබා නොදී පාඩුවක් කිරීම සම්බන්ධයෙන්ද අදාළ පොහොර සැපයුම්කාර සමාගම අසාදු ලේඛන ගත කර එම සැපයුම්කරුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසද විගණකාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.

විගණකාධිපතිවරයා මෙම නිර්දේශය නිකුත් කර ඇත්තේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඉදිරිපත් කරමින්. ජීවානුහරණය නොකළ සහ මර්දනය කිරීමට නිර්දේශිත කෘෂි රසායනික වර්ගයක් නොමැති විනාශකාරී බැක්ටීරියා සහිත පොහොර මේ ආකාරයට ශ්‍රී ලංකාවට ඇතුළු කිරීමට උත්සාහ දරා තිබූ බවයි විගණකාධිපතිවරයා තම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...