Breaking News

ඌවිදු විජේවීරගේ ඉන්දියානු ව්‍යාප්තවාදයට හික් ගෑවෙයිද විජේවීරට

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් අවජාතකව බිහි කරපු අධිරාජ්‍යවාදය නමැති රාජ්‍යයන් සියල්ලේ ඊළඟ පාලකයා බවට පත්වන්නේ ඉන්දියාව බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර අද කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උවිඳු විජේවීර ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාවේ උප ජනාධිපතිවරිය ඉන්දියානුවෙකු බවත්යේ බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඉන්දියානුවෙකු බවත් කැනඩාවේ අමාත්‍ය මණ්ඩලයේ  අති  බහුතරයක් ඉන්දියානුවන් සිටින බවයි. එමෙන්ම ඉන්දියාවේ අගමැති ඔස්ට්‍රේලියාවට යන විට ඕස්ට්‍රේලියාවේ දවස් දෙකක් නිවාඩු ලබාදෙන බවත් ඔහු කියා සිටියා.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් උවීඳු විජේවීර ප්‍රකාශ කරන්නේ වර්තමාන ලෝකයට එරෙහිව හැදෙන අධිරාජ්‍යවාදයට ඉන්දියාව උප්පැන්න ලියමින් සිටින බවයි.

උවදු විජේවීරගේ පැහැදිලි කිරීමට අනුව ඉහත රටවල් වල දේශපාලන ඉහළ පුටුවල ඉන්දියානුවන් සිටින්නේ ඉන්දියානු ව්‍යාප්තවාදයේ බලපෑම හේතුවෙනි.එය ඉන්දියාව ලෝකය අල්ලන උපක්‍රමයක් ලෙස හුවා දක්වන්නට උත්සාහ දරණ බව පෙනෙන්නට තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉන්දියානු ආක්‍රමණය හා එහි ඒජන්තයන් පරදවමු යන තේමාව යටතේ සංවිධානය කර තිබුණු සම්මන්ත්‍රණයේදීය..

  • උවිදුගේ තාත්තා විජේවීර උනාට දේශපාලනේ හිටපු පියා චන්ද්‍රා ප්‍රනාන්දු මාමා..
    දැන් උවිදුගේ ලොක්කා විමල් …
    උවිදු යන්නේ විමල්ගේ ජාතිකවාදී නඩේ ඉස්සර කරගෙන ලාභේට සිංහල බෞද්ධ ඡන්ද ටික එකතු කර ගන්න..
    මේ මොහොතේ ලෝකයේ වැඩිම ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන ඇති ඉන්දියාවේ විජිතකරණය දකුණු ආසියාවේ බලය රදවා ගැනීමේ ඉලක්කයක් ඒක ඇත්ත නමුත් සමස්ත අධිරාජ්‍යයවාදී මැදිහත්වීම් වල පාහර කම් වහල ලංකාවේ බයියෝ චූන් කරන්න තමයි ජාතිවාදී හැඩේකින් ඉන්දීය විරෝධය ගේන්න යන්නේ

leave a reply