අනුර කිව්ව ආණ්ඩුවේ ප්‍රධාන වැඩේ කරගන්න බැරිවෙයිද?

මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට දරන ලද උත්සාහය නැවත වරක් අසාර්ථක වෙතැයි ඉඟි පළවෙමින් තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද උත්සාහයට ප්‍රතිචාර දක්වමින් සිංගප්පූරු බලධාරීන් දන්වා ඇත්තේ තම රටේ නීතියට අනුව සිංගප්පූරු පුරවැසියෙකු ශ්‍රී ලංකාවට උද්ර්පනය කළ නොහැකි බවය.

උපතින් ශ්‍රී ලාංකිකයෙකු වුවද පසුව සිංගප්පූරු පුරවැසිභාවය ලබාගත් අර්ජුන් මහේන්ද්‍රන් යහපාලන රජය සමයේ මහබැංකුවේ අධිපති ධුරය දරන ලදී.

එම කල සීමාවේ සිදුවූ බැඳුම්කර වංචාව හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන දහයක අලාභයක් සිදුවූ බවට බවට ඔහුට චෝදනා එල්ල වී ඇත. අර්ජුන් මෙම වංචාවේ ප්‍රධාන චුදිතයෙකි.

මීට පෙරද ඔහු ලංකාවට ගෙන්වා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තු උත්සාහ කර ඇති නමුත් සිංගප්පූරුවේ විසින් එය ප්‍රතික්ෂේප කර තිබින.

කෙසේවෙතත් ජනාධිපතිවරණ සමයේ අනුර කුමාර දිසානායක පැවසුවේ ආණ්ඩුවේ ප්‍රධාන කටයුත්තක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන්ව මෙරටට ගෙන්වන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...