Breaking News

පුරාවිද්‍යා කතාව අමතකයි – දැන් ජනාධිපති මන්දිරය ගැන අලුත් කතාවක්

ජුලි 9 වනදා අරගලයට පැවැති දිනට සමගාමීව අරගලකරුවන් විසින් සිය ග්‍රහණයට ගත් ජනපති මන්දිරයට සිදුව ඇති හානි නැවත අලුත්වැඩියා කිරීමට රුපියල් මිලියන 364.8ක මුදලක් වැයවෙන බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ ගොඩනැගිල්ලේ වියදම් කටයුතු සඳහා පමණක් මෙම මුදල වැය වනු ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අදාළ තක්සේරුවට ඓතිහාසික චිත්‍ර, ගෘහ භාණ්ඩ, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයට හා වාහනවලට සිදුව ඇති හානිය ඇතුළත් නොමැති බව සඳහන් වේ.

අදියර දෙකකින් අලුත්වැඩියාව සිදු කිරීමට සැලසුම් කර ඇති අතර පළමු අදියර යටතේ රාජ්‍ය උත්සව සහ අනෙකුත් උත්සව පැවැත්වීමට හැකි අයුරින් සිදු කිරීමට නියමිතයි.

දෙවන අදියර යටතේ කාර්යාල හා අනෙකුත් අලුත්වැඩියාවන් සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අල්ලාගත් අවස්ථාවේ ආණ්ඩුව චෝදනා කළේ එහි ගෘහ භාණ්ඩවලට හා පෞරාණික චිත්‍ර වැනි දේට හානි වී ඇති බවයි.

නමුත් දැන් මෙතරම් විශාල මුදලක් වියදම් කර ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කිරීමට ඇත්තේ කුමක්ද යන්න ප්‍රශ්නයකි. එසේම මීට පෙර ආණ්ඩුව පැවසුවේ මෙම ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථානයක් බවයි. එබැවින් මෙම ස්ථානයට ඇතුළුවූවන්ට පුරා විද්‍යා පනතෙන් නඩු දැමිය හැකි බවට ආණ්ඩුව පවසන ලදී. මෙහිදී ආණ්ඩුව උත්සාහ ගනු ලැබුවේ ජනාධිපති මන්දිරයට ඇතුළුවූ පුද්ගලයන්ට ඇප ලබා නොදී තබාගත් හැකි පුරා විද්‍යා පනත යටතේ චෝදනා ගොනු කිරීමටයි. නමුත් එය වැළකී ගියේ ජනාධිපති මන්දිරය පුරා විද්‍යාත්මක ස්ථානයක් ලෙස ගැසට් කර නොතිබූ නිසයි.

දැන් ජනාධිපති මන්දිරයට අරගලකරුවන් නිසා සිදුවූ හානිය නිසා බව කියමින් ජනාධිපති මන්දිරය අලුත්වැඩියා කිරීමට විශාල මුදලක් වැයවන බව කියයි. මෙය අරගලකරුවන් මත වරද පැටවීමේ අලුත් ක්‍රමයක් අත්හදා බැලීමක්ද යන සැකය ඇතිවේ.

leave a reply