උපකාරක පන්ති ගුරුවරුන් නියාමනයට යෝජනා

පුද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය පිළිබඳව  පසුගිය ජුනි 8 වනදා අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡාවට ගෙන තිබේ.  එහිදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙන අතර  පුද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්  වෙනුවෙන්  නියාමන වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමටත්  ඔවුන්ගේ වෘත්තීය සඳහ නිසි පිළිගැනීමක් ඇති කොට දීමට   අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරකව වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න යැයි අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් වෙත නිර්දේශ ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.

පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් සම්බන්ධයෙන් සමාජයේ පවතින  දුර්මතයන් වෙනස් කිරීමටත්  උපකාරක පන්ති පවත්වාගෙන යනු ලබන ගුරුවරුන්ගේ සුදුසුකම් හා ගුණාත්මකභාවය පිළිබඳව  සොයා බැලීමටත්  මෙමගින් සිදු වන බව ඔවුන්ගේ අදහසයි.  ඒ අනුව පුද්ගලික ගුරුවරුන් නියාමන කිරීම හරහා ඔවුන්ට පිළිගැනීමක් ලබාදීමට හැකිවන බවත්  මෙම අධීක්ෂණ කමිටුවේ අදහස වී තිබුණි.

අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව  එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය වී. රාධක්‍රිෂ්ණන්  මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වී තිබේ. එම කාරක සභා  රැස්වීමට  එහි සාමාජිකයන් වන අසංක නවරත්න, මුදිතා ප්‍රිශාන්ති, මංජුලා දිසානායක, මහාචාර්ය චරිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූ අතර විපක්ෂ  නායක සජිත් ප්‍රේමදාස, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල කාරක සභාවේ සභාපතිතුමාගේ අවසරය  මත සහභාගීවීය.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...