පරිප්පු 69න් සහ සැමන් 92න් මිල ඉහළට

පරිප්පු සහ සැමන්වලට පැවති පාලන මිල ඉවත් කිරීමත් සමඟ වෙළඳුන් විවිධ මිල ගණන්වලට අලෙවි කිරීමට පටන්ගෙන තිබෙන බව වාර්තා වේ.

සුපිරි වෙළඳසැල් හිමියන් පවසා ඇත්තේ පරිප්පු සහ සැමන් පෙර පැවති මිලටම අලෙවි කරන බවයි.

ඒ අනුව පරිප්පු කිලෝ ග්‍රෑමයක් රුපියල් 134 කටත්, ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 192 කටත් අලෙවි කිරීමටයි ඔවුන් තීරණය කර තිබේ.

මීට පෙර රජය විසින් පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 65 කටත්, සැමන් රුපියල් 100 කටත් අලෙවි කරන ලෙස නියෝග කරමින් මිලක් යොදා තිබුණි.

ඉහළ මිල ගණන් යටතේ මිලදී ගෙන තිබූ අදාළ භාණ්ඩ සඳහා වන වෙනස පියවීමට රජය කටයුතු කරන බව පැවසුණි.

කෙසේ වෙතත් සුපිරි වෙළඳසැල් ජාලා පවත්වාගෙන යන සමාගම් සඳහන් කළේ අප්‍රේල් 10 වනදා සිට එම සහන මිල සතොස සහ සමූපකාරවලට පමණක් අදාළ වන බැවින්  අදාළ වෙනස පියවීමට රජය තවදුරටත් කටයුතු නොකරන බව දැනුම්දී ඇති බවයි.

එමෙන්ම නැවත දැනුම් දෙනතුරු එක් පාරිභෝගිකයෙකුට එකවරකට පරිප්පු කිලෝග්‍රෑම් දෙකක් සහ සැමන් ටින් දෙකක් පමණක් මිලදි ගැනීමට සුපිරි වෙළඳසැල්, අවස්ථාව ලබාදී තිබේ.

මේ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ අප්‍රේල් මස 9 වනදා සිට සතොස සහ සමූපකාර සමිති හරහා සහන මිලට පරිප්පු සහ සැමන් අලෙවි කරන බවයි.

පාලන මිලක් පැනවූ අවස්ථාවේද එම මිල ගණන් යටතේ පරිප්පු සහ සැමන් මිලදී ගැනීමට තිබුනේ  සතොස සහ සුපිරි වෙළඳසල් කිහිපයක් හරහා පමණි. දැන් පාලන මිල ඉවත් කිරීමත් සමඟ වෙළදුන් හිතූ හිතූ ගණන්වලට පරිප්පු අලෙවි කරමින් සිටින බව විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ.

ආණ්ඩුව පරිප්පු සහ සැමන් සඳහා පාලන මිලක් යොදන අවස්ථාවේ ලෝක තෙල් මිල පහල අගයක පැවතුනි. නමුත් ආණ්ඩුව තෙල් මිල පහල දැමීමකින් තොරව ජනතාවට සහන දෙන බව පවසමින් පරිප්පු සහ සැමන් මිල අඩුකරන ලදී.

එසේම පරිප්පු සහ සැමන් අඩුකිරීම කොරෝනා වසංගත සමයේ ජනතාවට ලබාදුන් විශාල සහනයක් ලෙස හුවා දක්වමින් ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන පවත්වනු දැකිය හැකිවිය.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...