පුංචි කාලේ ඉගෙනීමට මම හරිම දුර්වලයි.ඒ හින්දා ම ඉස්කෝලේ වහකඳුරුයි.ඒ කාලේ මුහුද ගාවින් බස් එක යද්දී බලනව හිතනව මම අකමැති ගුරුවරු මුහුදේ පා වෙවී ඉන්නවනම් කොච්චර හොඳද කියලා .(නිකම් නෙවි මැරිල)
පස්සෙන් පහු මටම හිතිලා ඉගෙන ගන්න පෙළඹුණා.ඒක පිටිපස්සේ තව ගොඩක් චරිත හිටියා.හතේ අටේ පංතිවල පියදාස මිස්,උසස් පෙළ කාලේ ආර්ථික විද්‍යාව උගන්නපු මානෙල් මිස්,දේශපාලන විද්‍යාව උගන්නපු ගනේගොඩ මිස් ප්‍රමුඛයි.
ඒ වගේම අපි වගේ දුර්වලයන්ට ක්ෂේමභූමියක් වුනු ගාල්ලේ ඉගෙනුම අමතක කරන්න බැහැ .
ගණිතය සිංදුවෙන් ,කතාවෙන් උගන්නපු තිලක් සර් ,දැඩි විනය නමුත් නියම ගුරුවරු වුන තිස්ස සර් ,ජයසිංහ සර් කොහොම අමතක කරන්නද?
ඉගෙන ගන්නනම් උගන්නන විදියත් හරි වැදගත් කියලා මේ ගුරුවරු පෙන්නල දුන්න.ඒ වගේම මනුස්සකම ඕනමයි කියලා වටහා දුන්නා.ඒ මිනිස්සු ගුරු මිනිසුන්.(අඳුනන්නේ නැති දේව ගති ගැන කියන්න බෑනේ)
ඉතින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඔය උගන්නන වැඩේට සම්බන්ධ හැම කෙනෙක් ම වගේ උගන්නන විඳි ගැන ඉගෙන ගන්නවා.ඒවට අවශ්‍ය සුදුසුකම් රැස්කරනව.ඉහළට යන්න ඒව රැස්කරනව .මාත් එහෙමයි.
මොන ගඟෙන් වතුර ආවත් මුහුදට වැටුනට පස්සේ එකයි.අපි කොයි ක්‍රමෙන් සුදුසුකම් රැස්කරගත්තත් වැදගත් ඒවා හරියට පාවිච්චිය .ප්‍රායෝගික කරගැනීම.
හැබැයි ක්ෂේත්‍රය තුළ වැඩිපුර දකින්නේ තමන්ගේ සුදුසුකම් ගැන පුරාජේරුව .මානය.
ලොකුම ගැටලුව ඕක නෙවි.දවසින් දවස පාසල තුළින් ළමයි ගිලිහෙනව.පාසල ගැන විශ්වාසය ,ආදරය අඩුවෙනව.ළමා මිතුරු පාසල් ළමා හතුරු වෙනව කියලා දැනෙනව.ගෙදරට පස්සේ රැකවරණය ,ආදරය දෙන්න තියෙන ප්‍රමුඛ තැන පාසලද කියලා හිතට දැනෙනව.
උගන්නනව කියන්නේ පෙළපොත වැමෑරීම නෙවිනේ.ආදරය,මනුස්සකම ,අත්දැකීම් තවරලා ,පිළිගැනීම ,විශ්වාසය පාසලෙන් දරුවට ලැබෙන්නම ඕන.ඉතින් හැඩවැඩ දාලා කරන ඉගෙනුම අස්සේ ඕව තියෙන්නත් ඕනනේ.
මට මෙහෙම ලියන්න හිතුවේ හුඟක් දරුවෝ එක්ක කතා කරද්දී පාසල ගැන සතුටක් නැති නිසා.
ළමයි පාසල් ප්‍රතික්ෂේප කළොත් ඒකේ ප්‍රතිඵල එච්චර නරකම නැතිවෙන්නත් පුළුවන් .මොකද ඉගෙන ගන්න ඕන තරම් මාදිලි තියෙනවා .
හැබැයි පාසලෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා වැඩි දේවල් .ඉතින් ඒ අවස්ථා නැතිවීම එච්චර හොඳ තත්වයක් නෙවි.
හැබැයි ඒක අපි කාට කාටත් අපිටම ටොක්කක් ඇනගන්න හේතුවක් වෙනව.
වැඩිය සීරියස් නොවී සරලව ළමයිට ළංවෙන්න අපි හැමෝම වෙනස් වෙන්නම වෙනව.