අණ්ඩුවේ කොරෝනා බලකායත් ‘ෆේල්’ – සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොරෝනා වැළක්වීමේ ජාතික ක්‍රියාන්විතය ෆේල් වී ඇති බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එයට හේතුව කොරෝනා මැඩ පැවැත්වීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුව මිත්‍යාවයි සහ හමුදාවයි ගැන පමණක් විශ්වාස කිරීම බවද එම සංගමය පවසයි.

ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ගිශාන්ත දසනායක පැවසුවේ නොමළ ගෙයකින් අබ මිටක් ගේන්නට කිව් ආකාරයට කොවිඩ් නැති ගෙදරකින් අබ මිටක් ගේන්න කිව්වොත් හොයාගන්න බැරි වෙන බවයි.

“මේ මොහොතේ ඉතා බරපතල ලෙස සෞඛ්‍ය කටයුතු බිඳ වැටිලා තියෙන්නේ. මහජන පරීක්ෂකවරුන්ට දරන්න බැරි රෝගීන් සංඛ්‍යාවක් සිටිනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරු විවිධ රාජකාරි කටයුතු සඳහා ගිහින් ඉන්න්නවා. ආසාදිතයන්ට සම්බන්ධ වෙන්න කවුරුත් නැහැ. මේක තමයි තත්ත්වය. නිරෝධායන ක්‍රියාවලිය නමට පමණක් සිදුවන්නක්. නිරෝධායනට ලක්වෙන්න මිනිස්සුන්ගේ අවශ්‍යතා බලන්න ප්‍රජා කමිටුවක්වත් හදන්න මිනිස්සු අසමත්. රෝහලකට පැමිණෙන කෙනෙක් ආසාදිත වුණොත් ඔහුට ගෙදර යන්නේ බස් එකක නැත්තනම් කුලී රථයක වෙන්න පුළුවන්. ඒ කියන්නෙ මේ මොහොත වනවිට රෝගීන් සමාජයේ සැරිසරනවා. ඔවුන්ට සැරිසරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ ආශ්‍රිතයින් සැරිසරනවා. වගේම ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ගවල බරපතල කම නිසා සමහර රෝග ලක්ෂණ බරපතල තියෙන අය ඒක හංගනවා. ඔවුන් තහවුරු කරගන්න ඉදිරිපත් වෙන්නෙත් නැහැ. පවුලේ ආර්ථික ක්‍රියාවලිය, සාමාන්‍ය ක්‍රියාවලිය සෑහෙන්න කාලෙකට අඩපන වෙයි කියන බය ඔවුන්ට තියෙනවා. ඒ අඩපන වෙන කාලෙ ඔවුන්ට පිහිටක් නැහැ. බුදුන්ගේ කාලෙ කතාවක් තියෙනවා කිසා ගොතමිගේ හිත සනසන්න නොමල ගෙයකින් අබ මිටක් ගේන්න කිව්වා කියලා. දැන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවල තියෙන සතුටුදායක බව නිසාම කොවිඩ් නැති ගෙදරකින් අබ මිටක් ගේන්න කිව්වොත් හොයාගන්න බැරි වෙනවා.”

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...