70 දශකයේ කවිය තුළ මුණගැසෙන, මුහුණුවර වෙනස් යලි මුණ ගැසුණු 70දශකයේ දේශපාලනය

මේ අනුව 1970 – 77 සමය අරාජිකත්වයේ සමයක් ලෙස වුව හැඳින්විය හැකිය.රාජ්‍ය බලය හිමිකර ගත් කණ්ඩායමක් රටේ පාලනය මෙහෙය වුව ද ඔවුන්‍ට මේ කිසිදු අර්බූදයකට විසඳුම් පැවතියේ නැත. මෙහි ප්‍රතිඵලය වූයේ සමස්ත සමාජ ජීවිතය ම බිඳ වැටීමයි.එනයින් සාමාන්‍ය ජනයා පැවති ක්‍රමය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම කලකිරී සිටි අතර ඔවුන්ට කිසියම් ප්‍රබල විකල්පයක අවශ්‍යතාව පැවති බව 1977 මැතිවරණ ප්‍රතිඵලය විමසීමෙන් පෙනීයයි.එහෙත් 1977 න් පසුව උදා වූ යුගය ද ජනතා අපේක්ෂා ඉටු වූ යුගයක් ලෙස සැලකිය නොහැකි බව පෙන්වා දීමට සිදු වේ.

24 වන පිටුව අවසන් ඡේදය

1.12.1
පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ දිගින් දිගටම ක්‍රියාත්මක වූ සංවෘත ධනවාදී ආර්ථික ක්‍රමය එහි අවසානය වෙත වේගයෙන් ළඟා වෙමින් පැවතිණ.1970 – 77 කාල පරිච්ඡේදය පුරාම දක්නට ලැබුණු විවිධ ගැටුම්, කුමන්ත්‍රණ හා පෙරළි එකී ආර්ථික අර්බුදයේ දේශපාලන ප්‍රකාශනයක් බවට පත්විය. මේ තත්ත්වය හමුවේ නිර්මාණය වී පැවතියේ විකල්ප දෙකකි . ඉන් පළමුවැන්න වූයේ පැවති ධනවාදී ආර්ථික ක්‍රමය වෙනුවට ඊට සපුරාම වෙනස් ආර්ථික ක්‍රමයකට පරිවර්තනය වීමයි. නො එසේ නම් නොඑසේ නම් ධනවාදයේ ම වෙනත් මුහුණුවරකට රූපාන්තරණය වීමයි.

25 පිටුව දෙවැනි ඡේදය

ඉහත උපුටා ගැනීම් 2 කරනු ලැබූවේ 70 දශකයේ සිංහල කවිය නමින් ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න විසින් රචනා කරනු ලැබූ පොතෙනි. මධුරංග මේ පොත හරහා විමසුමට ලක් කරන්නේ 70 දශකයේ කවිය පිළිබඳව. ඊට ප්‍රවේශය ලබා ගැනීම සඳහා මුලින්ම ඔහු කරන්නේ ඒ වක වානුවේ සමාජ දේශපාලන ආර්ථික පසුබිම 70 දශකයේ කවියට කොයිතාක් දුරට බලපා තිබෙනවාද කියා පාඨකයාට අවබෝධයක් ගැනීමට අවශ්‍ය සමාජ දේශපාලන සංස්කෘතික වටපිටාව විග්‍රහ කිරීමයි.

පැහැදිලිවම මේ ලිවීමේ දිශානතිය වෙන්වන්නේ මධුරංගගේ 70 දශකයේ සිංහල කවිය පොත කියවා අවසන් කර ඒ පිළිබඳ මගේ අදහස ප්‍රකාශ කිරීමක් සඳහා නොව වර්තමාන සමාජ දේශපාලන අර්බුදය පිළිබඳව කියවා ගැනීමට අවශ්‍ය කරන මූලික අඩිතාලම එහි තිබෙන බවට ඔබට ඉඟියක් ලබා දීමටයි.

අපි අද මේ මුහුණ දෙමින් සිටින්නේ රාජපක්ෂලා විසින් අලුතෙන් නිර්මාණය කරනු ලැබූ අර්බූදයකට නොව වෙනස් වෙමින් සමනය වෙමින් උග්‍ර වෙමින් හැඩය මුහුණුවර, මාරු කරමින් 74 වසරක් ඉදිරියට පැමිණි එකම ක්‍රමයේ නූතන ජඩ මුහුණුවරටයි.

නූතන සමාජ දේශපාලන සංස්කෘතික අර්බුදයේ මුහුණුවර හඳුනාගැනීම සඳහාත් ලක්ෂාන් මධුරංගගේ මේ 70 දශකයේ සිංහල කවිය පොත ඔබට වැදගත් වේවි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...