කඩා දැමූ මළවුන්ගේ ස්මාරකය යළි ඉදිවේ

Date:

යුද්ධයේදී මිය ගිය උතුරු නැගෙනහිර ජනතාව සිහිපත් කිරීම සඳහා 2019 වර්ෂයේ යුද්ධය අවසන් වී දස වසරක් පිරීම හේතුවෙන් යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ තිබූ මළවුන්ගේ ස්මාරකය බලහත්කාරයෙන් කඩා ඉවත් කරන්නට පසුගිය ජනවාරි 8 වනදා කටයුතු කළා. මිලිටරි බලය පාවිච්චි කරමින් කළ මේ අත්තනෝමතික ජාතීන් අතර අසමගිය ඇති කරන ක්‍රියාවට එරෙහිව යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ජනතාව විරෝධතාවය පාමින් උද්ඝෝෂනයක් ගෙන ගිය අතර ශ්වවිද්‍යාල ශිෂ්‍යයන් උපවාසයක් ආරම්භ කළා.ඒ අතර අද දිනය හර්තාල්  දිනයක් ලෙස නම් කරමින් ඊට විරෝධය දක්වන්නට ජනතාව සූදානමින් සිටියා.

මිලිටරි බලය පාවිච්චි කරමින්  මේ ක්‍රියාවට එරෙහිව වාමාංශික ප්‍රගතිශීලී ජනතාව මෙන්ම ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාගේ විරෝධය එල්ල වීමේ ප්‍රතිඵලයක් ලෙස ජනවාරි එකොලොස් වනදා වන විට ගත් අත්තනෝමතික ක්‍රියාව ආපස්සට ගනිමින් නැවත එම ස්මාරක ඉදිකිරීම සඳහා කටයුතු කිරීම සිදුවී තිබේ.ඒ  අනුව අද දින එම ස්ථානයේම නැවත එම ස්මාරකය ඉදිකිරීමට අවශ්‍ය මුල් ගල් තැබීම විශ්ව විද්‍යාලයේ උප කුලපති එස්. සිරිසත්ගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. උපවාසයේ යෙදී සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඔවුන්ගේ උපවාසයද අත්හැර දැමිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...