දරුවන්ට අමතරව ගර්භනී කාන්තාවනුත් පෝෂණ අවදානමක

ගර්භනී මව්වරුන්ගේ සහ කුඩා දරුවන්ගේ බර අඩුවීමේ තත්ත්වයක් නිරීක්ෂණය වන බව පවුල් සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙයි. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුක්කු කියා සිටියේ මෙය දුරබැහැර ප්‍රදේශවලින් වැඩි වශයෙන් වාර්තා වන බව යි.

“මේ වෙනකොට නිසි පෝෂදායී ආහාර වේල් නොලැබීම සහ මානසික අවපීඩනය, මේ සෑම කාරණයක් එක්කම ගර්භනී මවගේ අපි දකිනවා බර අඩුවීමක් පෙන්නුම් කරනවා, දුෂ්කර ප්‍රදේශයන්වල මව්වරුන්ගේ. මේ දුෂ්කර පළාත්වල සිටින අම්මාවරුන්ගේ පෝෂණ ඌණතා පෙන්නුම් කරනවා සුළු වශයෙන් මේ වන විට,” ඇය BBC වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

“දරුවන්ගේ බර තිබුණු බරට වැඩිය සුළු වශයෙන් අඩුවෙලා තියෙනවා. පනස්දෙනෙක් ගත්තොත් දරුවෝ, එයින් 20%ක වගේ පෙන්නුම් කරනවා සුළු බර අඩුවීමක්, මේ ආර්ථික අර්බුදය පටන්ගත්තාත් සමගම.”

“ඉදිරියට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් උග්‍ර බර අඩු දරුවන්. එවගේම සෑම දරුවෙක්ගේම බර අඩුවීම්, මේවා බලාපොරොත්තු වන්න පුළුවන්. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මේ දරුවන්ගේ සහ ගර්භනී මව්වරුන්ගේ පෝෂණය ගැන රජය මීට වැඩිය සිතිය යුතු යි කියලා,” දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශ කළා ය.

මේ අතර පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා සඳහන් කළේ, ගැබිණි මව්වරුන්ගේ පෝෂණ ඌණතා හඳුනාගැනීමට මේ වන විට දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර ඇති බව යි.

ගර්භනී මව්වරුන්ට ලබාදෙන බවට පොරොන්දු වූ පෝෂණ මල්ල මේවන විට ලබාදීම නවතා දමා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...