දරුවන්ට අමතරව ගර්භනී කාන්තාවනුත් පෝෂණ අවදානමක

ගර්භනී මව්වරුන්ගේ සහ කුඩා දරුවන්ගේ බර අඩුවීමේ තත්ත්වයක් නිරීක්ෂණය වන බව පවුල් සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙයි. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුක්කු කියා සිටියේ මෙය දුරබැහැර ප්‍රදේශවලින් වැඩි වශයෙන් වාර්තා වන බව යි.

“මේ වෙනකොට නිසි පෝෂදායී ආහාර වේල් නොලැබීම සහ මානසික අවපීඩනය, මේ සෑම කාරණයක් එක්කම ගර්භනී මවගේ අපි දකිනවා බර අඩුවීමක් පෙන්නුම් කරනවා, දුෂ්කර ප්‍රදේශයන්වල මව්වරුන්ගේ. මේ දුෂ්කර පළාත්වල සිටින අම්මාවරුන්ගේ පෝෂණ ඌණතා පෙන්නුම් කරනවා සුළු වශයෙන් මේ වන විට,” ඇය BBC වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

“දරුවන්ගේ බර තිබුණු බරට වැඩිය සුළු වශයෙන් අඩුවෙලා තියෙනවා. පනස්දෙනෙක් ගත්තොත් දරුවෝ, එයින් 20%ක වගේ පෙන්නුම් කරනවා සුළු බර අඩුවීමක්, මේ ආර්ථික අර්බුදය පටන්ගත්තාත් සමගම.”

“ඉදිරියට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් උග්‍ර බර අඩු දරුවන්. එවගේම සෑම දරුවෙක්ගේම බර අඩුවීම්, මේවා බලාපොරොත්තු වන්න පුළුවන්. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මේ දරුවන්ගේ සහ ගර්භනී මව්වරුන්ගේ පෝෂණය ගැන රජය මීට වැඩිය සිතිය යුතු යි කියලා,” දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශ කළා ය.

මේ අතර පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා සඳහන් කළේ, ගැබිණි මව්වරුන්ගේ පෝෂණ ඌණතා හඳුනාගැනීමට මේ වන විට දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර ඇති බව යි.

ගර්භනී මව්වරුන්ට ලබාදෙන බවට පොරොන්දු වූ පෝෂණ මල්ල මේවන විට ලබාදීම නවතා දමා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...