ඉන්දියාවේ තත්වය බරපතලයි lockdown කාලය දීර්ග කළ යුතුයි, ප්‍රාන්ත වලින් යෝජනාවක්

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා පිහිටුවන ලද ප්‍රාන්ත කමිටු 11 විසින් ගනු ලැබූ තීරණයන්ට අනුව මෙතෙක් ප්‍රකාශකර තිබු කාලය ඉක්මවා lockdown කිරීම දීර්ග කිරීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා .

මේ අනුව ඉදිරියටත් සියලු ඒකරාශී වීම සහ විවිධ වර්ගවල ආගමික කටයුතු සම්පූර්ණයෙන් නැවැත්වීම ඇතුළත් වන බවත් ඒවගේම ජූනි දක්වා පාසල් හා විද්‍යාල වසා තැබීමට ප්‍රාන්ත කමිටු එකගතා පළකර තියනවා .

ඒ හා සමානව, තත්වය යහපත් වන තුරු හෝටල් / අවන්හල් සහ බාර් සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතු අතර මංගල උත්සව, අවමංගල්‍ය කටයුතු, ආයතනික නගර සභා රැස්වීම් වැනි පොදු කටයුතු ද කොන්දේසි යහපත් වන තෙක් වසා දැමිය යුතු බව ඔවුන්ගේ අදහසයි .

කෙසේ වෙතත් lockdown කිරීම සම්බන්ධයෙන් මධ්‍යම රජය තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැතබව ඒකාබද්ධ සෞඛ්‍ය ලේකම් ලැව් අගර්වාල් මහතා පවසා තිබිණි .වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය තත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් පමණක් නිදහස් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුනා

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත වලට අනුව, වෛරසය හේතුවෙන් හටගන්නා සංකුලතා නිසා ජීවිත 117 ක් නැතිවී තියනවා . මෙම වෛරසය ඉන්දියාවේ පුද්ගලයින් 4,421 කට ආසාදනය වී ඇත. ගෝලීය වශයෙන්, කොවිඩ් -19 රටවල් 183 ක් පුරා ජීවිත 75,800 කට වැඩි සංඛ්‍යාවක් හා ලක්ෂ 13.5 කට අධික පිරිසක් පීඩාවට පත් කරමින් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...