Breaking News

වල්සපුගල වන අලි කලමණාකරන රක්ෂිත ගැටලුවට ඉක්මන් විද්‍යාත්මක විසදුමක් අවශ්‍යයි – වෙනසක තාරුණ්‍ය

වල්සපුගල වන අලි කලමණාකරන රක්ෂිතය ආශ්‍රිත ගැටලුවට විද්‍යාත්මක විසඳුමක් ඉතා ඉක්මනින් ලබාදිය යුතු බව වෙනසක තරුණය සංවිධානය පවසයි. එම සංවිධානය විසින් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජිකා කෝෂිලා හංසමාලි පැවසුවේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් වන සතුන්ට ජිවත්වීමට තිබෙන කැලය විනාශ වී තිබීම නිසා වන සතුන්ගෙන් ජනතාවට හිරිහැර සිදුවූ බවයි.

එහිදී ජනතාව අලි කළමනාකරණ රක්ෂිතයක් ගැසට් කරන ලෙස ඉල්ලමින් ජනතාව විරෝධතාවයක නිරත වූ බවද ඇය පවසයි.

කෝෂිලා හංසමාලි වැඩිදුරටත් පැවසුවේ,

“මේ කළමනාකරණ රක්ෂිතයට අදාළ තීන්දු තීරණ අරගෙන ගැසට් එකක් නිකුත් කරා. නමුත් එයට අදාළ විසදුමක් ක්‍රියාත්මක වෙලා නැහැ. ගොවින් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව විද්‍යාත්මක විසදුමක් ලබාදෙන ලෙසයි. වන අලි ප්‍රශ්නය විසදන්නේ නැතුව ගොවි ජනතාවගේ ප්‍රශ්නයට විසදුම් නැහැ. පෙබරවාරි 03වනදා වෙනසක තාරුණ්‍ය ලෙස වල්සපුගල ගොවීන්ගේ අරගලයට සහය පළකරමින් හම්බන්තොට නගරයේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. ”

එසේම මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර පැවසුවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ජනවාරි 29වනදා මහජන අදහස් විමසීම සඳහා නිකුත් කරන ලද ප්‍රමිති කෙටුම්පතක් විශේෂිත පොහොර සඳහා යන මාතෘකාව යටතේ නිකුත් කර ඇති බවයි.

ඔහු පවසන ආකාරයට එම කෙටුම්පතේ තිබෙන්නේ ලංකාවට ගෙන්වන පොහොර සම්බන්ධයෙන් වූ දැනට පවතින් ප්‍රමිතියට අමතරව ප්‍රමිතියක් සකස් කිරීමට මෙය ඉදිරිපත් කර ඇති බවයි. මේ ආකාරයට විශේෂිත පොහොර ගෙන්වීමට බව කියමින් ප්‍රමිති සකස් කිරීමට යාමෙන් චීනයෙන් ගෙන්වීමට සැරසු අසූචි ගොඩවල් ලංකාවට ගෙන ඒමට අවශ්‍ය නීතිමය ආවරණය සකසා ගැනීමද යන සැක මතුවන බව ළහිරු වීරසේකර පැවසීය.

 

leave a reply