පාර්ලිමේන්තුව අසළදී අත්අඩංගුවට ගත් සියලුදෙනාට ඇප

පාර්ලිමේන්තුව අසලදී විරෝධතාවයේ නිරතව සිටියදී අද (04) දහවල් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 13දෙනා පෞද්ගලික ඇප මත නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම පිරිස අද පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට මහරගම පොලීසිය කටයුතු කර තිබුණා.

කෙසේවෙතත් නඩුව විවෘත අධිකරණයේ විභාගයට නොගත් අතර මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේදී විභාග කෙරුණා.

එහිදී කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පවසා ඇත්තේ මේ වන විට විපක්ෂය මගින් ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් එරෙහිව ගෙන එන විශ්වාසභංගය පිළිබදව කරුණු ඇතුළත් ලිපියක් භාරදීම සඳහා මෙම පිරිස එම ස්ථානයට ගොස් සිටි බවයි.

එහිදී පොලීසිය අනීතිකව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බැවින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ඔහු කරුණු දක්වා සිටියා.

පසුව මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගත් පුද්ගලයින් 13 දෙනාවම පෞද්ගලික ඇප මත මුදාහැරීමට කටයුතු කළා.

මීට අමතරව තලංගම පොලීසිය විසින් අද දහවල් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ තවත් ඉල්ලීමක් ප්‍රතික්ෂේප වුණා.

ඒ හෙට (05) සහ අනිද්දා (06) පාර්ලිමේන්තුව අසලළ විරෝධතා පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...