විදුලි බිල නැවතත් වැඩිකිරීම – විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ අලුත්ම ‘ගේම්’ එක

ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවල පියවර 2කින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

යෝජිත ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල නියෝජිතයින් පසුගියදා (29) ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලින වැඩසටහන් හඳුනා ගැනීමේ ජාතික සභා අනු කමිටුවට පැහැදිලි කිරීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.

දැනට විවිධ පාර්ශවලට රුපියල් බිලියන 650ක් ණය වීම හේතුවෙන් මෙම මිල වැඩිම ඉල්ලා ඇති බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම මිල වැඩිකිරීමට ප්‍රධාන හේතුව විදුලි බල මණ්ඩලය විකිණීමට ආණ්ඩුව තුළ පවතින වුවමනාවයි. එහිදී විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යාමට තමන්ට නොහැකි බව පෙන්වීමට රාජ්‍ය සුබ සාධන කපා දමා ජනතාව මත බර පැටවීම එහි එක් ක්‍රියාමාර්ගයකි. අනික් ක්‍රියාමාර්ගය වන්නේ විදුලි බල මණ්ඩලය මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන ආයතනවලට එය ලාභ ලබන බව පෙන්වීමයි. ‘කවුරුත් පාඩු ආයතන මිලදී ගන්නේ නෑ, ලාභ ඒවා තමයි විකුණන්නේ’ යනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත පවසා තිබුනේ මේ නිසාවෙනි. විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යාම ජනතාවට බරක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළද මෙය පෞද්ගලීකරණය කිරීම හරහා ලාභ ලැබීම වෙනුවෙන් ජනතාවට තවත් බර දැරීමට සිදුවෙනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...