විදුලි බිල නැවතත් වැඩිකිරීම – විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ අලුත්ම ‘ගේම්’ එක

ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවල පියවර 2කින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

යෝජිත ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල නියෝජිතයින් පසුගියදා (29) ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලින වැඩසටහන් හඳුනා ගැනීමේ ජාතික සභා අනු කමිටුවට පැහැදිලි කිරීමක් සිදුකර ඇති බව වාර්තා වනවා.

දැනට විවිධ පාර්ශවලට රුපියල් බිලියන 650ක් ණය වීම හේතුවෙන් මෙම මිල වැඩිම ඉල්ලා ඇති බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම මිල වැඩිකිරීමට ප්‍රධාන හේතුව විදුලි බල මණ්ඩලය විකිණීමට ආණ්ඩුව තුළ පවතින වුවමනාවයි. එහිදී විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යාමට තමන්ට නොහැකි බව පෙන්වීමට රාජ්‍ය සුබ සාධන කපා දමා ජනතාව මත බර පැටවීම එහි එක් ක්‍රියාමාර්ගයකි. අනික් ක්‍රියාමාර්ගය වන්නේ විදුලි බල මණ්ඩලය මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන ආයතනවලට එය ලාභ ලබන බව පෙන්වීමයි. ‘කවුරුත් පාඩු ආයතන මිලදී ගන්නේ නෑ, ලාභ ඒවා තමයි විකුණන්නේ’ යනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත පවසා තිබුනේ මේ නිසාවෙනි. විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යාම ජනතාවට බරක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළද මෙය පෞද්ගලීකරණය කිරීම හරහා ලාභ ලැබීම වෙනුවෙන් ජනතාවට තවත් බර දැරීමට සිදුවෙනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...