අරගලයට සහය පළකළ බ්‍රිතාන්‍ය තරුණියගේ වීසා අවලංගු කරයි

අරගලයට සහය පළකරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ නේවාසික වීසා සහිතව වෛද්‍ය හේතුන් මත මෙරට රැඳී සිටින බ්‍රිතාන්‍ය තරුණියක වන කිලී ෆීසර්ගේ වීසා අවලංගු කළ බව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව

එළැඹෙන 15 වැනි දාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙසටයි මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී තිබේ.

මෙම තරුණියගේ විදෙස් ගමන් බලපත්‍රය පසුගිය සතියේ ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට ගැණුනි.

වීසා කොන්දේසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ඇගේ ගමන් බලපත්‍රය තම විමර්ශන ඒකකය භාරයට ගෙන විමර්ශනය කිරීමෙන් පසු ඇයගේ වීසා අවලංගු කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසා ඇත.

ඉන්පසුව දින හතක් ඇතුළත අගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඇයට දැණුම් දී තිබුණු අතර ඒ අනුව පසුගිය සඳුදා ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ගොස් තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කිලී ෆීසර් නවාතැන්ගෙන සිටින නිවහන වෙත ගොස් විමර්ශන කරන අයුරුද ඇය මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණි.

එහිදී ඇය ප්‍රශ්නකර සිටියේ මෙරට ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ විරෝධතාවයන් ගැන සමාජ මාධ්‍ය හරහා කතාකිරීම වරදක්ද යනුවෙනි.

එහෙත් කිලී ෆීසර් තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සඳහන් කර තිබුණේ “මගේ ආරක්ෂාව ගැන ඇති බිය නිසා මම මෙහි තත්ත්වය ගැන බොහෝ දේ වාර්තා කිරීම පසුබට වූ බව ඔවුන්ට අවබෝධවී ඇතැයි විශ්වාස නැත. මාව නැවත ආරක්‍ෂිත බටහිර රටකට යැවීමෙන් සිදු වන්නේ මේ සමස්ත දූෂිත ක්‍රමය තුරන් කිරීම මගේ ජීවිත මෙහෙයුම බවට පත් කර ගැනීම පමණයි.”

මෙරට සංචාරය කරන විදේශකයින්ට අවශ්‍ය නම් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ වුවද නිරතවිය හැකි බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පසුගිය මැයි මස අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කර තිබුණි.

ඒ, මැයි මස 19 වැනිදා බ්‍රිතාන්‍යයේ ස්කයි රූපවාහිනි සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...