එයා දැන් බැඳලා

බොහෝ සාද කසාදවලින් නිමවන අතර කසාද නිසාම සාද ද නිමවනු පෙනේ.

කසාද කියූ පමණින් මැවෙන මුල් චිත්‍රය මනරම් ය.සලරූ බඳු විචිත්‍රවත්ය.

එහෙත් ව්ත්‍රය මෙන් නොව යථාව අඳුරුය.

අපේ හැටියටනම් කසාද බැඳීම පණයන වැඩකි.උඩරට ,පහතරට අනාගත් ප්‍රීෂූට් සිට එම්ප්ටි පොකට් දක්වා දිවෙන බරපතළ දඩුවමකි.

භයානකම තත්ත්වය වන්නේ කසාදේ දින දකින මනමාලි ඊට පසුදින සිට බාහිර හා අභයන්තරිකව වෙනස් වීමයි.මනාලයාගේ කියාද වෙනසක් නැති අතර බොහෝ විවාහකයෝ කසාදය දික්කසාදය කරා රැගෙන යාමට මේ තත්ත්වයන් හේතුවේ.

කසාදයත් ගැහැණියත් දිහා ආපස්සට හැරී සිතන්නට යොමුකළේ “එයා දැන් බැඳලා ටෙලියයි “.

කසාදය ගැහැණියකට ආරක්ෂිත උපක්‍රමයකි.එහෙත් එය වලංගු වන්නේ සමාජ සම්මතය තුළ සම්මතයැයි පිළිගත් ගැහැණියට පමණද?

ගණිකාවක් වූ ගැහැණිය වෛවාහික බිරිඳ වුවද සමාජ නිර්මිතය ඇය නැවතත් පෙර ලෙසම කියවයි.

ඒ වූ කළී හංවඩු ගැසීමේ නියතියයි.

විශාඛා,සුජාතා,යසෝදරා,මහාමායා සදා වන්දනීය ගැහැණුය.ඔවුන් නමින් සාහිත්‍යය ,කලාව,සංස්කෘතිය පෙනී සිටියි.

ලංකාවේ බාලිකා පාසල් විශාඛා ,සුජාතා ලෙස නම්කළා මිස සිරිමලා,අම්බපාලිලා,මාගන්ධිලා නමින් වෙන්වූයේ නැත.ඔවුහු ඉතිහාසය වෙනස්කරගත් ගෑණුන් වුව ඉතිහාසේ ඔවුන් පිළිබඳ නිර්වචන අප කියවා ඇත්තේ වැරදි ලෙසටමය.

කළුම හෝ සුදුම නොවන වර්ණිත මිනිස් සතා හවංඩු තුළින් ආන්තිකවීම සාපරාධී වරදකි.

එයා දැන් බැඳලාහි සුද්දී ස්ත්‍රී භූමිකාව නරකයැයි සම්මත ගැහැණිය පිළිබඳ සාර්ව කියවීමක් කරයි.

බොහෝ නරක ,කැත,අවලස්සන මේ සියල්ල සමාජ නිර්මිතයන්‍ ය.හොඳ සාපේක්ෂව දැකීමත්,නරක සාපේක්ෂව කියවීමත් වඩාත් මානවවාදී ලොවක් උදෙසා අවශ්‍යය.

එය රටක් සංවර්ධනය වීමෙහිලා පෙන්වන භෞතික ජීවන තත්ව දර්ශකයේ පැහැදිලි වෙනසකි.වාරණයට ලක්වන ලාංකීය ගැහැණියගේ ජීවන ගැටලු රැසක් නිවාරණයට ලක්කෙරෙන සමාජීය වෙනසකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...