Breaking News

බන්දුල නැවතත් 2600 බඩු මල්ලක් 1998ට දෙනවලු

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20 ක් ඇතුළත් සහන මල්ලක් සතොස පාරිභෝගිකයන් වෙත ලබාදීමට සැළසුම් කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. සාමාන්‍ය වෙළඳපොලේ රුපියල් 2600 ක් වටිනා මෙම සහන මල්ල රුපියල් 1998 කට ලබාදීමට කටයුතු කරන බව ඇමතිවරයා පවසයි.

මෙම වැඩපිළිවෙල සඳහාම 1998 ක්ෂණික දුරකතන අංකයක්ද හඳුන්වා දී ඇති අතර එම දුරකතන අංකය ඇමතීම හරහා සහන මල්ල නිවසටම ගේනවා ගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

හෙට දිනයේ සිට මෙම සහන මල්ල සතොස අලෙවිසැල් හරහා මිලදී ගත හැකි අතර පළමු සති දෙක තුළ නිවසටම ගෙන්වා ගන්නා අයගෙන් කිසිදු ප්‍රවාහන ගාස්තුවක් අය නොකිරීමටද තීරණය කර ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ගුණවර්ධන මහතා සඳහන් කළේ.

මීට පෙර සතොස ආයතනයේ මැදිහත්වීමෙන් රුපියල් 1000 ක සහන මල්ලක් ලබාදීමට කටයුතු කළ අතර කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල විය. ඇතැම් පුද්ගලයන් ප්‍රකාශ කළේ එම භාණ්ඩ ප්‍රමාණය වෙනත් වෙළඳසැල්වලින් රුපියල් දහසකට වඩා අඩු මුදලකට මිලදී ගත හැකිව තිබූ බවයි.

leave a reply