2025 මැයි 21 වෙනිද, ඉතාලියේ බ්‍රෙෂියා කාස දෙල් සෝලෙ, නැත්නම් ඵෂක්‍ී ශාලාවේ නාට්‍යයක් ප‍්‍රදර්ශනය කළා. එහි අපේ ලාංකීය නළුවෙකුත් රංගනයේ යෙදුණා. ඒ බොනිෆස් සිල්වා. විජිත ගුණරත්න නාට්‍ය වේදියානන් යටතේ රංගන කාර්ය ප‍්‍රගුණ කළ ජන රැුගුම් මණ්ඩපයේ සාමාජිකයෙක්. ඔහු මේ වන විට ඉතාලියේ බ්‍රෙෂියා ජනතා නාට්‍ය කණ්ඩායමක් සමග එකතු වී වසර 5ක පමන කාලයක් තම රංගන දායකත්වය ලබා දෙනවා. විජිත ගුණරත්න කලාකරුවා නිෂ්පාදනය කළ උදාර නිදහස සහ යුද පිටියේ සවාරිය වේදිකා නාට්‍ය ද්විත්වය සමග ජනරැුගුම් මණ්ඩපයේ මෙහෙයවීමෙන් යුරෝපයේ රටවල් කීපයකම එම නාට්‍ය වේදිකා ගත කෙරුණා. ලන්ඩන්, පැරිස්, ඩෙන්මාර්ක, සහ ඉතාලියේ නගර ගණනාවකම වේදිකා ගතවුණා. එම නාට්‍ය ද්විත්වයට අමතරව සිරිත වන්දනාව පාසල් ළමුන් සම්බන්ද කරගනිමින් නිෂ්පාදනය කර වේදිකා ගත කරන්නට සමත්වූ බවද සටහන් කර තැබිය යුතුයි.
විශේෂත්වය වන්නේ වෘත්තීය නළුවන් නොවන විදෙස්ගත ශ‍්‍රමිකයින් අතරින් හැකියාවන් සහිත පිරිසක් එක්කොට ගෙන විජිත ගුණරත්නයන් විසින් කරන ලද ඒ විශිෂ්ට කාර්යයයි. එම නාට්‍ය ද්විත්වය ලංකාවේ නගර ගණනාවක මාසයකටත් අඩු කාලයක් තුළ දර්ශන වාර විසි එකක් පවත්වන්නට සමත්වීමද විශේෂයක්. සියලූ රංගන ශිල්පීන් ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ පුහුණුවීම් කටයුතු කර රැකියා වලින් නිවාඩුද ගෙන විජිත ගුණරත්නයන් සමග ලංකාවට ගොස් කළ මේ ඉදිරිපත් කිරීම සුවිශේෂී සලකුණක්. කෝවිඞ් ව්‍යසනයත් සමග යම් පසුබෑමකට ලක්වුවද එහි සාමාජිකයින් වන සාලිය සහ බොනිි තම රංග කාර්ය බ්‍රෙෂියා ජනතා නාට්‍ය කණ්ඩායම සමග සම්බන්ධ වී ඉදිරියට යෑම අපට සතුටක්.
මෙවර නාට්‍ය තේමාකරගෙන තිබුනේ රෝමයේ ධනවත් පවුලක් වටා ගෙතුන කථාවක් වන අතර අතීත වැඩවසම් යුගය සිහිපත් කරවන්නකි. එය වර්ථමානය හා මුසුකොට නව නිර්මාණයක් ලෙස එළිදැක්විනි. මෙම කණ්ඩායමේ සුවිශේෂීත්වය වන්නේ සාමූහයක් ලෙස නිර්මාන කරණයේ නියැලීම හා වැඩකරණ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඩ නගන ඒ වෙනුවෙන් අරගල කරන ඒ වෙනුවෙන් නිර්මාන කාර්යයයේ යෙදෙන පිරිසක් වීමයි. ඔවුන් සියල්ල ස්වෙච්ඡුාවෙන් කැපවූ පිරිසක් වීමද සිහිපත් කල යුතුය. සෑම බදාදාවකම සවස් කාලයේ පුහුණුවීම් හා නිර්මාන කාර්යයයේ නියැලෙන ඔවුන් විවිධ සමාජ ගැටලූ සාකච්ඡුා කරමින් ඒවා නිරාකරණයට මැදිහත් වීමද විශේෂත්වයකි. 2022 ලංකාවේ අරගලය අවස්ථාවේ බ්‍රෙෂියා නගරයේ අප සංවිධානය කල විරෝධතාවයකදී ඒ වෙනුවෙන්ම කල නිර්මාණයක් රග දැක්වූ අතර එහිදී ගෝඨා පන්නා දමන අයුරු නිරූපනය විය. එහෙත් ඒ මොහොතේ එය සිදුවී නොතිබුන පසුබිමක ජනතා බලය පිළිබඳ යම් නිශ්චිත පණිවිඩය