සිංහ පැටවෙකුගේ අවසාන ඉරණම – “Lion King කියන්නේ සැබෑ ජීවිතය නෙමෙයි”

මෙහෙම කියන්නේ වසර 20කට වඩා කාලයක් වනජීවි සමඟ කටයුතු කරපු සෆාරි ක්‍රියාකරුවෙකු වන Kurt Schultz විසින්.

Lion King චිත්‍රපටයේ නම් බැබූන් කෙනෙක් සිංහ පැටවෙක් අහස දෙසට දික් කරලා, වනන්තරයේ නව නායකයාව නැත්නම් රජතුමා හඳුන්වා දෙනවා. ඉතින් පහළ ඡායාරූපවල සිදුවීම දැකපු අයත් මේ ගැන කියලා තිබුණේ Lion King වගේ කියලා.

හැබැයි සැබෑ කතාව නම් ඊටත් වඩා සෑහෙන්න අමිහිරි කතාවක්.

කර්ට් මේ ගැන කියලා තිබුණේ මේ බැබූන් වඳුරා ඔහු මුලින්ම වැඳිරියක් කියලා හිතලා තිබුණේ. පස්සේ ඔහු ගත්ත ඡායාරූප දැකලා තමා පිරිමි සතෙක් කියලා හඳුනා ගෙන තියෙන්නේ.

ඔහු කියන විදිහට මේ බැබූන් වඳුරා මේ සිංහ පැටවාට සලකලා තියෙන්නේ, හරියට බැබූන් පැටවෙකුට වගේ.

අනිත් බැබූන්ලාගෙන් ඈත් වෙලා මෙයා වෙනම මේ සිංහ පැටියාව බලාගන්න එකත්, ගහෙන් ගහට මාරු වෙන එකත් ඔහු මීට පෙර දැකපු සිදුවීම්වලට වඩා සෑහෙන්න වෙනස් බවයි කර්ට් කියන්නේ.

ඒ වගේම මේ සිදුවීම වුණු 2020 වසරේ පෙබරවාරි 01 වනදා අධික උණුසුම් ගතියක් දකුණු අප්‍රිකාවේ කූගර් වනෝද්‍යානයේ පැවති බවත් කර්ට් පවසා තිබුණා. ඒ නිසාම සිංහ පැටවා දැඩි ලෙස වෙහෙසට පත් වෙලා තමා ඉඳලා තියෙන්නේ.

මේ මොනවා වුණත් ස්භාවධර්මයේ නීතියක් කියලා දෙයක් තියෙනවා. ඉතින් හැමදෙම වෙන්නේ ඒ නීතිය අනුවයි, කර්ට් කියන විදිහට ඒක Lion King තරම් සුන්දර නැහැ.

සාමාන්‍යයෙන් බැබූන් ලා කියන්නේ ඉතාමත් ශක්තිමත් සහ ආක්‍රමණශිලි වානරයක් පිරිසක්. ඉතින් මෙයාලා රංචුවක් අතරට සිංහ පැටවෙකු අහු වෙනවා කියන්නේ, සිංහයන් පවා ඒ පැටවා බේරාගන්න උත්සාහ කරන්න තියෙන අවස්ථාව අඩුයි.

මෙයාලා ගොඩාක් වෙලාවට දිවියන්ගේ පැටව් එහෙම අහු වුණාම මරලා දානවා. ඒකට හේතුවක් තමයි බැබූන්ලාට ඕන නෑ ඒ පැටව් ලොකු වෙලා එයාලාට තර්ජනයක් වෙනවාට. ඉන්න ඒ නිසා මරලා දානවා කියලා සඳහන් වෙනවා.

කර්ට් මේ සිදුවීම් ඇස් දෙකට දැකලා තියෙන බවත් සිංහ පැටවුන් ද එලෙසම මරා දමන බවත් ඔහු අසා ඇති බවත් කියලා තියෙනවා. ඉතින් කර්ට් කියන්නේ මේ සිංහ පැටවාගේ ඉරණමත් ඒ විදිහට විසඳෙන්න ඇති කියලයි.

 සංජේ රණවක

In this photo taken Saturday, Feb. 1, 2020, a male baboon carries a lion cub in a tree in the Kruger National Park, South Africa. The baboon took the little cub into the tree and preened it as if it were his own, said safari ranger Kurt Schultz who said in 20 years he had never seen such behaviour. The fate of the lion cub is unknown. (Photo Kurt Schultz – www.kurtsafari.com via AP)

 

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...