නිදහසේ සත්‍යග්‍රහයට පොලීසිය මැරයන් යොදා පහරදෙයි

ආණ්ඩුව විසින් සැමරීමට නියමිතව තිබූ ඊනියා නිදහසට විරෝධය දක්වමින් මරදාන එල්ෆින්ස්ටන් අසළ නිදහසේ සත්‍යග්‍රහයට මැර ප්‍රහාරයක් එල්ල කර තිබේ.

වාර්තා වෙන ආකාරයට සත්‍යග්‍රහය පැවැත්වෙමින් තිබූ අවස්ථාවේ ඒ ස්ථානයට පැමිණි පිරිසක් සත්‍යග්‍රහයේ නිරත පිරිස වෙත බාධාවෙන ආකාරයෙන් හැසිරී තිබේ. ඒ අවස්ථාවේ පොලීසිය එම මැර පිරිස ඉවත් කිරීම වෙනුවට සත්‍යග්‍රහයේ පිරිස විසිරුවා හැරීමට කටයුතු කර ඇත.

පොලීසිය විසින් ජල සහ කදුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර තිබේ.

මේවනවිට ප්‍රහාරය හේතුවෙන් පිරිසක් රෝහල්ගතකර ඇති බවද තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...