සීමා නීර්ණ කෙටුම්පත මැතිවරණ කල් දැමීමට ගහන තවත් ගැටයක් වෙයිද?

නව සීමා නිර්ණ කමිටු අවසන් කෙටුම්පත සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට ඊයේ (11) පෙරවරුවේ බාර දෙනු ලැබිය. සමස්ත සීමා නිර්ණය කටයුත්ත මැයි 2 දින වන විට අවසන් වනු ඇති බව ආණ්ඩුව පවසයි.

එම කමිටු වාර්තාවට අනුව, 2017 දී 8771 ක් වුණු මන්ත්‍රී සංඛ්‍යාව අඩකින් පමණ අඩු කර ඇත. එනම්, ඡන්දයෙන් තේරී පත්වන පළාත් පාලන නියෝජිතයින් සංඛ්‍යාව 4714 ක් දක්වා සීමා කර තිබේ.

ලංකාවේ ගම් සභා ක්‍රමය පැවති යුගයේ මැම්බර් මහත්වරු 9000 ක් පමණ පළාත් පාලන නියෝජිතයින් ලෙස විය. එය 2011 දී මෙම සංඛ්‍යාව 4484 කටසීමා කරනු ලැබීය.

2012 දී ජයලත් – රවී කමිටුව විසින් ඡන්දයෙන් තේරී පත්වන සංඛ්‍යාව 5092 ක්, සමානුපාතය තවත් 1500 ක් ද ලෙස සභික සංඛ්‍යාව 6600 දක්වා වැඩි කරනු ලැබීය.

2017 කාන්තා නියෝජනය, හා සමානුපාතික නියෝජනය එකතු වූ එම සංඛ්‍යාව 8400 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2018 ඡන්දයෙන් ඕවර් හැන්ග් (එල්ලන ලද මන්ත්‍රී සංඛ්‍යාව ද ඇතුළුව) සභිකයින් 8771 ක් පත් විය.

අද මහින්ද දේශප්‍රිය සභාපතිවරයා විසින් බාර දී ඇති කමිටු වාර්තාව අනුව ඡන්දයෙන් පත් වන සංඛ්‍යාව 5092 සිට 2882 දක්වා පහත දමා ඇත. ඒ අනුව සමානුපාත ක්‍රමය ද එක්ව ඡන්දයෙන් තේරී පත්වන සංඛ්‍යාව 8400 සිට 4714 දක්වා පහත වැටේ.

මෙම පනත සම්බන්ධයෙන් කාලයක් පුරා කතා බහක් ඇතිවෙමින් තිබුණු නමුත් එය අවසන් කිරීම කල් යමින් තිබුණි. මේ වනවිට පළාත් පාලන මැතිවරණයක් සඳහා නාම යෝජනා කැඳවා විවිධ හේතු ඉදිරිපත් කරමින් එය කල් දමමින් තිබෙන තත්ත්වයකදී මෙම කෙටුම්පත අවසන් කිරීම ගැන සැක මතුවෙමින් තිබේ. අපේක්ෂයකයන් සංඛ්‍යාව අඩුකිරීම හොඳ දෙයක් වුවත් මෙය යොදාගනිමින් මැතිවරණය කල් දැමීමට අදාළ හේතු හදාගත හැකි වේ. මෙම කෙටුම්පත සම්මත වුවහොත් යම්කිසි කෙනෙකුට මෙවැනි දෙයක් තිබියදී දැනට නාම යෝජනා බාරගෙන ඇති මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයේදී අභියෝගයට ලක්කළ හැක. ආණ්ඩුව මැතිවරණය සම්බන්ධයෙන් ගසමින් සිටින ගැට අනුව මෙවැනි දෙයක් සිදුවුවත් පුදුම විය යුතු නැත.

 

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...