Breaking News

Varaha Roopam-‘වරාහ රූපම්’ බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි

විෂ්ණු වාසු

මේ ගීතය යෙදෙන්නේ මේ දිනවල සියළුම බොක්ස් ඔෆිස් වාර්තා බිඳගෙන [Kannada Cinema box office] ලැව්ගින්නක් සේ පැතිරෙන “කාන්තාරා” චිත්‍රපටියේ. මේ චිත්‍රපටියේ පිටපත ලියා අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන භූමිකාව රඟපාන්නේ රිෂාබ් ෂෙට්ටි. කාන්තාරා ‘ඇකඩමි සම්මාන’ සඳහා ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබා තියෙනවා.

‘වරාහ රූපම්’ ගීතයට පාදක ප්‍රධාන රාග වශයෙන් තෝඩි, මුඛාරි සහ කනකාංගි මුලට එනවා. සාමාන්‍යයෙන් අපේ දකුණු ඉන්දියානු කර්නාටක සංගීත රචනා වලදී රාග කීපයක් භාවිත කරනවානම් (අපේ භාෂාවෙන් රාගමාලිකා) එක් රාගයකින් තවත් රාගයකට මාරැවෙන්නේ අඩුම තරමින් පේළි හතරක්වත් එකම රාගයෙන් ගායනා කිරීමෙන් පසුව. නමුත් මේ ගීතයේ සෑම පේළියක්ම පාහේ වෙනස් රාගයක ස්වර පරාසය භාවිත කරමිනුයි ගායනා කරන්නේ. ඒක කරන්න පුළුවන්නේ ශාස්ත්‍රයක් ඉහලට ප්‍රගුණ කළ පරිනතයෙකුට විතරයි. Singer SAI VIGNESH

දකුණු ඉන්දියාවේ, කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රකට ජනශ්‍රැති නර්ථන සම්ප්‍රදායක් වන “යක්ෂගණ” ප්‍රවේණියේ යෙදෙන මේ අංගය භූතකෝල ලෙසත් හැඳින්වෙනවා. මා තරැණ සංගීත ශිෂ්‍යයෙකුව මදුරාසියේ ශිල්ප හැදෑරෑ අවදියේ, මගේ ජීවිතයෙන් මාස නවයක් කේරලයේ ඕට්ටම්තුලල් සහ කර්ණාටකයේ යක්ෂගණ නර්ථන ශෛලීන් පිළිබඳව හැදෑරීම් සඳහා කැප කරලා තියෙනවා. [මං තරං හොඳ රස්තියාදුකාරයෙක් මේ ලෝක ධාතුවේම ඉන්නවාදැයි සැකයි]

මේ ගීතය ගැන මට මාගලක් ලියන්න පුළුවනී. ඊට ලේසියි වැඩිදුර කථා කරන්න කැමැති අය කෝපි කෝප්පයක් බොන්නත් එක්ක ගල්කිස්සට එනවානං. මේ රෑප රචනය, චිත්‍රපටියේ යෙදෙන ගීතයට අමතර රෑපරාමුද මුසුකොට තැනූ නව නිර්මාණයක් බව සලකන්න.
Vishnu Vàsu

leave a reply