වීරයෙක් ඇවිල්ලා බේරගනියි කියලා හිතන එක බොරු කියලා ඔප්පු වෙලා ඉවරයි – ළහිරු වීරසේකර

ජනතා දේපොළ විකිණීමටත්, චීන ඇමරිකන්, ඉන්දියානු මැදිහත්වීම්වලට එරෙහිවත් තරුණ ප්‍රජාව පෙරට පැමිණිය යුතු බව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

යුගධනවී බලාගාරය , තෙල් ටැංකි සංකීර්ණය, සෙලෙන්දිවා හරහා විකුණන්න යන කොළඹ තියෙන ඉඩම් ටික විකුණනවාට අමතරව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති කිව්වා රජයට අයත් ඉඩම් 50ක් විකුණන්න යනවා කියලා. මේ ඉඩම් දේශීය විදේශීය ආයෝජකයන්ට පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික විශ්ව විද්‍යාල හදන්න ලබාදෙන බව ඔහු කිව්වා. එක පැත්තකින් චීනය අපේ රටේ ජනතා දේපොළ අත්පත් කරගනිද්දී මේ ආණ්ඩුව ඒවා දෙන්න සැදී පැහැදී ඉන්නවා. ඉන්දියාව තව පැත්තකින් ඇවිල්ලා මේ ජනතා දේපොළ තමන් යටතට ගන්න දැවැන්ත උත්සාහයක නිරත වෙමින් ඉන්නවා. අපි තරුණ ව්‍යාපාරයක් ලෙස මේ රටේ තරුණයන්ගෙන් අහනවා දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නෙ කාගෙන් වෙඩි කාලා මැරෙන්න කියලා තීරණය කරන්න. අපි ඇමරිකන් සොල්දාදුවාගෙන් වෙඩි කාලා මැරෙනවද? ඇමරිකාවත් එක්ක ඉන්න ඉන්දියන් සොල්දාදුවාගෙන් වෙඩි කාලා මැරෙනවද ? නැත්තම් අපි චීනේ ප්‍රහාරවලට ලක්වෙලා මැරෙනවද? අපිට ඉස්සරහට විදුලි බල මණ්ඩලයට ලංකා ඉන්දියන් තෙල් සමාගමෙන් තෙල් දෙන්නෙ නැහැ. ඛණිජ තෙල් සංස්ථාවෙන් තෙල් දෙන්න පුළුවන් කියලා කියන්නේ දින කිහිපයකට. ලෝකය බලය අල්ලගන්න බලාගෙන ඉන්න චීන, ඉන්දියාව, ඇමරිකාව වැනි රටවල් අපිව තමන්ගේ අණසකට ගන්න බලන් ඉන්නෙ. මේ පාලකයෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ හෙන්චයියෝ. උදය ගම්මන්පිල යුගදනවී බලාගාරය දෙද්දී මරාගෙන මැරෙන්න හදනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික දෙද්දී මීක් සද්දයක් නැහැ. අපි තරුණයන්ගෙන් අහන්නෙ අර විදිහට වෙඩි කාලා මැරෙනවද නැත්තම් ඔබට මට ජිවත් වෙන්න තියෙන මේ රට මේ පරිසරය මේ ජනතා දේපොළ ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් වදිනවද කියලා. මේකට උත්තරේ මේක දාලා පලායන එක නෙමෙයි. ජීවිතය සුඛිත මුදිත කරගන්න අපිට වෙන විකල්පයක් නැහැ සටන් කිරීම හැර. පසුගිය කාලෙ තිබුණ ගුරු අරගල, ගොවි අරගල, කොතලාවල පනතට එරෙහි අරගලය, කම්කරු අරගල පෙන්නුවා හෙට තව නායකයෙක් බිහිකරන එක නෙමෙයි වැඩේ කියලා. වීරයෙක් ඇවිල්ලා බේරගනියි කියලා හිතනවානම් ඒවා බොරු කියලා ඔප්පු වෙලා ඉවරයි. දැන් මේ සටනේ නායකත්වය තරුණ ප්‍රජාව ගත යුතුයි.”

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...