අප සතුව දැන් ඉතිරිව පවතින්නේ 16% පුංචි වනාන්තර බිම් කඩක් පමණයි.

Date:

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් අද දින කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. මෙම මාධ්‍ය හමුවේ අරමුණ වී තිබුණේ 2022 වසරේ සිදු වූ පරිසර විනාශය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී පූජ්‍ය කාරියමඩිත්ත ඥානාරාම හිමි,පරිසරවේදී දිමුතු සඳරුවන්,ප්‍රවීණ රංගන ශිල්පී චාමින්ද ජයසූරිය,නීතිඥ ප්‍රබෝධ රත්නායක යන අය මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූවා.

වසර මෙන්ම 2022 වසරේත් ලංකාව පුරා දැවැන්ත පරිසර විනාශයක් සිදුවිය. ජනපති හා ඇමති මණ්ඩලය මාරු වුවද පරිසර විනාශය වෙනසක් නොවූ අතර එලෙස සිදු වූ මහා පරිමාණ පරිසර විනාශයන්ගෙන් වනාන්තර ප්‍රබලම පාරිසරික හානිය ලෙස හැඳින්විය හැකිය. 1882 වසරේ 83% තිබූ වනාන්තර ප්‍රතිශතය මේ වන විට සියයට 16 දක්වා අඩු වී ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී පූජ්‍ය කාරියමඩිත්ත ඥානාරාම හිමි පවසා සිටියේය.

එම මාධ්‍ය හමුවට සහභාගි වූ පරිසරවේදී දිමුතු සඳරුවන් ප්‍රකාශ කර සිටි පරිදි මෙරට එක් දිනකට එක් අලියකු හෝ ඇතෙකු මියයැම බරපතළ ගැටලුවක් බවය. 2022 වසරේදී අලි මරණ 395 කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇති බවත්  අලි මිනිස් ගැටුම අවම කිරීමට රජය කිසිදු පියවරක් නොගන්නා බවත් ඔහු පවසා සිටියේය.

මාධ්‍ය හමුව හමුව අමතමින් ප්‍රවීණ රංගන ශිල්පී චාමින්ද ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටි පරිදි පාරිසරික ප්‍රශ්නය සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත් 74 වසර  මෙරට රාජ්‍යන් පරිසර ප්‍රශ්නය දෙස සැලකිය යුතු අවධානයක් යොමු නොකළ බවත් එම මහතා ප්‍රකාශ කර සිටියේ ය.

නීතිඥ ප්‍රබෝධ රත්නායක  මාධ්‍යයට අදහස් දක්වමින්  වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත  ,ජාතික පාරිසරික පනත වැනි නීති හා අණපනත් උල්ලංඝනය කරන්නේ මහජනතාවටත් වැඩිය ආණ්ඩුව බව එහිදී ප්‍රකාශ ප්‍රකාශ කර සිටියේය.

 

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...