හම්බන්තොට වරාය විකුණලත් සංවර්ධනයට ගත්ත ණය ආපසු ගෙවා නැහැ

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සඳහා China Harbour Engineering Company (CHEC) වෙත ඇමරිකානු ඩොලර් මිලියන 554.33ක් හෙවත් යුවාන් 673.43ක් ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතුව ඇති බව Ceylon Today වාර්තා කරනවා.

දැනට හම්බන්තොට වරාය 99 අවුරුදු බදු පදනම යටතේ චීනයට බදු දී තිබෙනවා. එහි 85% ක කොටස් චීනය සතුවන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් වන්නේ 15% ක කොටසක් පමණයි.

එසේ වරාය බදු දීමෙන් ලබාගත් මුදල වරාය ඉදිකිරීමට ගත් ණය ආපසු ගෙවීමට යොදා නැති බවයි පැවසෙන්නේ.

මේ වන විට ශ්‍රී ලංකාව විසින් ඇ.ඩො. මිලියන 352.38ක් හෙවත් යුවාන් මිලියන 26.94 ක් සඳහා China Harbour Engineering Company (CHEC) වෙත ගෙවා ඇති බවත් සඳහන්.

හම්බන්තොට වරාය සංවර්ධනයේ පළමු අදියර සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 447 ක් වැය කර තිබූ අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් මිලියන 5,862 ක් වැය කර ඇත.

පළමු අදියර 2010 නොවැම්බර් 18 වන දින ආරම්භ කරන ලද අතර එය 2017 දී අවසන් කරන ලදී.

ඉන්පසුව, 2017 දී CHEC වෙතින් ලබාගත් ණය ආපසු ගෙවීමට නොහැකි බව පවසමින් යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය සීමාසහිත චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින් සමාගමට වසර 99 ක බද්දකට ලබා දුන් අතර මුදල් අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් මූල්‍ය ගනුදෙනු භාර ගන්නා ලදී. මේ අනුව මුදල් අමාත්‍යංශය CHEC වෙත ගෙවීම් සිදුකළ යුතුය.

නමුත් වසර 99කට බදු දීමෙන් අනතුරුව පවා වරාය සංවර්ධනය වෙනුවෙන් මුලදී ලබාගත් ණය මුදල පවා ගෙවා අවසන් කිරීමට තවමත් ලංකා ආණ්ඩුව සමත්ව නැතිබව Ceylon Today අනාවරණය කරයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...