ඉන්දියාවට තීරු බදු වැඩිවෙද්දී ලංකාවේ අපිට සිහිවිය යුතු දෙය

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට පනවා තිබූ තීරු බද්ද තවත් වැඩි කරමින් ඉන්දියාවෙන් පළිගැනීමට තීරණය කර තිබේ. ඒ සමඟම ලංකාවේ බදු ප්‍රතිශතය අඩු කිරීම සඳහා එකඟවූ දේවල් මොනවාද යන්න ගැන නැවතත් සංවාදයක් ඇතිව තිබේ.

ඉන්දියානු ජනාධිපතිනි දෞපදී මුර්මු එරට රුසියාවෙන් තෙල් මිලදී ගැනීම ගැන ඇමරිකාවෙන් එල්ල වූ විරෝධතාවය ප්‍රතිචාර දක්වා තිබුණි.

දෞපදී මුර්මු පවසා තිබුනේ තමන්ගේ රට නියෝග පිලි නොපදින බවත් තීරණ පමණක් ගන්නා බවයි. එසේම රටේ මතය අනුව තමන් තෙල් සහ ගෑස් ගන්නේ කොහෙන්ද යන්න ගැන තීරණය කරන බවද ඇය පවසා තිබේ.

ඒ අනුව ඉන්දියාවට අතිරේක 25%ක තීරු බද්දක් පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඒ අනුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (06) විධායක නියෝගයක් නිකුත් කරමින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

ඒ අනුව ඉන්දියාවෙන් එක්සත් ජනපදයට ආනයනය කෙරෙන ඉන්දියානු භාණ්ඩවලින් අය කෙරන මුළු තීරු බදු ප්‍රතිශතය 50%ක් දක්වා ඉහළ යනු ඇත. මෙම අතිරේක බදු පැනවීමත් සමග එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති ඉහළ ම තීරු බදු අනුපාත සහිත රටවල් අතරට ඉන්දියාවද එක් වේ. මෙම අතිරේක තීරුබදු නිසා ඉන්දියාව බ්‍රසීලය සමඟ ඉහළම බද්දට මුහුණ දෙන අතර, එමඟින් වියට්නාමය සහ බංග්ලාදේශය වැනි කලාපීය තරඟකරුවන්ට සාපේක්ෂව ඉන්දියාවට සැලකිය යුතු අවාසි සහගත තත්වයන්ට මුහුණ දීමට සිදු වනු ඇත.

එම විධායක නියෝගයේ සඳහන් වන්නේ “මෙම නියෝගය නිකුත් කළ දින සිට දින 21කට පසු ඇමෙරිකාවේ නැගෙනහිර වේලාවෙන් පෙ.ව. 12:01ට හෝ ඊට පසු පරිභෝජනය සඳහා පැමිණෙන හෝ පරිභෝජනය සඳහා ගබඩාවලින් පිට කරනු ලබන භාණ්ඩ සම්බන්ධයෙන් නව තීරු බදු අනුපාතය ක්‍රියාත්මක වනු ඇත,” යනුවෙනි.

ඒ අනුව මේ වන විට පනවා ඇති මූලික බද්ද අගෝස්තු 7 වන දින සිට ක්‍රියාත්මක වන අතර, අතිරේක බද්ද දින 21 කට පසු ක්‍රියාත්මක වේ.

නමුත් ලංකාවට අදාළව ගතහොත් ට්‍රම්ප් විසින් පනවා තිබූ සියයට 40 ක බද්ද විටින් විට සියයට 20 දක්වා අඩුකර තිබුණි. දැන් මතුවන ප්‍රශ්නය වන්නේ ට්‍රම්ප් අපි ගැන දුක සිතීම සඳහා ලංකාව එකඟවූ දේවල් මොනවාද යන්නයි. ආණ්ඩුව මෙතෙක් එවැනි එකඟතාවයක් ගැන හෙළිකර නැත. ආණ්ඩුව පවසමින් සිටින්නේ එම අඩුකිරීම ආණ්ඩුවේ රාජතාන්ත්‍රික ගනුදෙනුවලදී දක්වන දක්ෂතාවය නිසා සිදුවූ බවයි. නමුත් ඉන්දියාවට බදු වැඩිකිරීම හරහා පෙන්නුම් කරන්නේ බදු ප්‍රතිශත තීරණය කරන්නේ යම් රටක් ඇමරිකාව කෙරෙහි දක්වන අවනත බාවය අනුව එය වෙනස් වෙන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...