ණය එක්ක ඇමැතිවරුත් වැඩිවෙන ලකුණු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාගැනීමට නියමිත ණය ලබාගැනීමෙන් පසු නව කැබිනට් ඇමති ධූර ප්‍රමාණයක් ලබාදීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක ණය මුදලක් ලබාදීම වෙනුවෙන් අදාළ අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇති බවට අපේක්ෂාව හේතුවෙන් අලුත් ඇමති මණ්ඩලය පත් කිරීම කල් යනු ඇත.

කැබිනට් මණ්ඩලය සඳහා නව ඇමතිවරුන් දොළොස් දෙනෙක් පත් කිරීමට අදාළ ලැයිස්තුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රනිල් වික්‍රමසිංහට මීට මාස කිහිපයකට පෙර යවා තිබුණි.

නමුත් එම පත් කිරීම් දිගින් දිගටම කල් ගිය අතර ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ අවස්ථා කිහිපයකදී විරෝධය පවා එල්ල වුණා.

මේ වන විට කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් අට දෙනෙක්ගෙන් සමන්විත අතර ජනාධිපතිවරයාට තවත් අමාත්‍යවරුන් දොළොස් දෙනෙක් පත් කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව ලබන ජනවාරි මස පත් කරනු ලබන නව ඇමති මණ්ඩලය සඳහා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන, කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්, ඒ එල් එම් අ තාවුල්ලා සමඟ සමඟි ජනබලවේගයේ ප්‍රබලයෙක් ද පත් කිරීමට නියමිත බව පැවසේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...