ණය එක්ක ඇමැතිවරුත් වැඩිවෙන ලකුණු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාගැනීමට නියමිත ණය ලබාගැනීමෙන් පසු නව කැබිනට් ඇමති ධූර ප්‍රමාණයක් ලබාදීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක ණය මුදලක් ලබාදීම වෙනුවෙන් අදාළ අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇති බවට අපේක්ෂාව හේතුවෙන් අලුත් ඇමති මණ්ඩලය පත් කිරීම කල් යනු ඇත.

කැබිනට් මණ්ඩලය සඳහා නව ඇමතිවරුන් දොළොස් දෙනෙක් පත් කිරීමට අදාළ ලැයිස්තුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රනිල් වික්‍රමසිංහට මීට මාස කිහිපයකට පෙර යවා තිබුණි.

නමුත් එම පත් කිරීම් දිගින් දිගටම කල් ගිය අතර ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ අවස්ථා කිහිපයකදී විරෝධය පවා එල්ල වුණා.

මේ වන විට කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් අට දෙනෙක්ගෙන් සමන්විත අතර ජනාධිපතිවරයාට තවත් අමාත්‍යවරුන් දොළොස් දෙනෙක් පත් කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ අනුව ලබන ජනවාරි මස පත් කරනු ලබන නව ඇමති මණ්ඩලය සඳහා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන, කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්, ඒ එල් එම් අ තාවුල්ලා සමඟ සමඟි ජනබලවේගයේ ප්‍රබලයෙක් ද පත් කිරීමට නියමිත බව පැවසේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...