ලංකාවේ දරුවන් සහ ගුරුවරුන් online අධ්‍යාපනය නිසා විඳින දුෂ්කරතා ‘Aljazeera’ හෙළිකරයි

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය තුළ දරුවන්ට විඳීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳ ජ්‍යාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන අල් ජසීරා වාර්තා කර තිබේ.

අන්තර්ජාල සේවාවන්හි දුර්වලතාවය හේතුවෙන් ඌව පළාතේ – බෝහිටියාව ගම්මානයේ දරුවන් කඳු,පර්වත,ගස් මුදුන් හි සිට අධ්‍යාපනය හදාරන ආකාරය අල් ජසීරා මාධ්‍ය ආයතනය ඡායාරූප ද සමඟින් වාර්තා කර තිබේ.

සිය පාඩම් මාලා අන්තර්ජාලය ඔස්සේ දරුවන්ට ලබාදීමට ගුරුවරුන්ට කඳු මුදුන් වෙත යාමට සිදුව ඇති බවත් දරුවන්ට ද එම ඉගැන්වීම් සඳහා සහභාගී වීමට මෙන්ම පාඩම් මාලා දුරකථනය ඔස්සේ භාගත (Download) කරගැනීමට ද මෙසේ අවධානම් සහගත ක්‍රියාවන්හි නිරත වීමට සිදුව ඇති බව එම වාර්තාව පෙන්වා දෙනු ලබයි.

සෑම දරුවෙකුටම ලැප්ටොප් සහ ජංගම දුරකථන නොමැති අතර දරුවන් කිහිප දෙනෙකුට එකම උපාංගය බෙදා ගැනීමට සිදුව තිබීම ඉතාම කණගාටු දයක තත්ත්වයක් බවද එම මාධ්‍ය වාර්තා පවසයි. මෙම දරුවන්ගේ මව්පියන් බොහෝ දෙනෙක් ගොවීන් වේ.

දිනකට දෙවරක් පමණ ඉගැනීම සඳහා පර්වටතයට යන දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් පසුපස යාමට මව්පියන්ට සිදුව ඇති බවත් ගම්මානයට ඔන්ලයින් අධ්‍යාපනය සඳහා මූලික පහසුකම් කිසිවක් නොමැති බවත් මෙම මාධ්‍ය වාර්තාව හරහා පෙන්වා දී ඇත.

ජ්‍යාත්න්තර මාධ්‍ය ආයතනය පෙන්වා දෙන්නේ කොවිඩ්-19 වසංගතයට පෙර ඔවුන් ගම්මානයට කිලෝමීටර් 16 ක් තරම් දුරින් පිහිටි රජයේ පාසලකින් ඉගෙනුම ලබා ගත් නමුත් මේ වන විට පාසල වසා දමා ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...