ලංකාවේ දරුවන් සහ ගුරුවරුන් online අධ්‍යාපනය නිසා විඳින දුෂ්කරතා ‘Aljazeera’ හෙළිකරයි

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය තුළ දරුවන්ට විඳීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳ ජ්‍යාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන අල් ජසීරා වාර්තා කර තිබේ.

අන්තර්ජාල සේවාවන්හි දුර්වලතාවය හේතුවෙන් ඌව පළාතේ – බෝහිටියාව ගම්මානයේ දරුවන් කඳු,පර්වත,ගස් මුදුන් හි සිට අධ්‍යාපනය හදාරන ආකාරය අල් ජසීරා මාධ්‍ය ආයතනය ඡායාරූප ද සමඟින් වාර්තා කර තිබේ.

සිය පාඩම් මාලා අන්තර්ජාලය ඔස්සේ දරුවන්ට ලබාදීමට ගුරුවරුන්ට කඳු මුදුන් වෙත යාමට සිදුව ඇති බවත් දරුවන්ට ද එම ඉගැන්වීම් සඳහා සහභාගී වීමට මෙන්ම පාඩම් මාලා දුරකථනය ඔස්සේ භාගත (Download) කරගැනීමට ද මෙසේ අවධානම් සහගත ක්‍රියාවන්හි නිරත වීමට සිදුව ඇති බව එම වාර්තාව පෙන්වා දෙනු ලබයි.

සෑම දරුවෙකුටම ලැප්ටොප් සහ ජංගම දුරකථන නොමැති අතර දරුවන් කිහිප දෙනෙකුට එකම උපාංගය බෙදා ගැනීමට සිදුව තිබීම ඉතාම කණගාටු දයක තත්ත්වයක් බවද එම මාධ්‍ය වාර්තා පවසයි. මෙම දරුවන්ගේ මව්පියන් බොහෝ දෙනෙක් ගොවීන් වේ.

දිනකට දෙවරක් පමණ ඉගැනීම සඳහා පර්වටතයට යන දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් පසුපස යාමට මව්පියන්ට සිදුව ඇති බවත් ගම්මානයට ඔන්ලයින් අධ්‍යාපනය සඳහා මූලික පහසුකම් කිසිවක් නොමැති බවත් මෙම මාධ්‍ය වාර්තාව හරහා පෙන්වා දී ඇත.

ජ්‍යාත්න්තර මාධ්‍ය ආයතනය පෙන්වා දෙන්නේ කොවිඩ්-19 වසංගතයට පෙර ඔවුන් ගම්මානයට කිලෝමීටර් 16 ක් තරම් දුරින් පිහිටි රජයේ පාසලකින් ඉගෙනුම ලබා ගත් නමුත් මේ වන විට පාසල වසා දමා ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...