හම්බන්තොට ගොවි අරගලයට සහාය දක්වමින් Youth for Chenge විරෝධතාවයක

අරගලයේ නිරත හම්බන්තොට ගෙවීන්ගේ ගැටලු වලට වහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් හම්බන්තොට ගොවි සත්‍යගහයට සහය දක්වමින් එම සත්‍යග්‍රහය ඉදිරිපිට ඊයේ (03) වෙනසක තාරුණ්‍ය සංවිධානය විසින් විරෝධතාවයක් පවත්වා තිබේ.

වන අලි කළමනාකරණ රක්ෂිතය ගසට්ටුව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86ක නියෝජිතයන් ආරම්භ කළ සත්‍යග්‍රහයට ඊයේ දින 45ක් සම්පූර්ණ වී තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ළහිරු වීරසේකර පැවසුවේ සත්‍යග්‍රහයේ නිරත ගොවීන් තමන්ගේ වගාව අරකෂා කරගැනීමේ විසදුම් ලෙස පරිසරය වන සතුන්ට ජීවත්වීමට ඇති පරිසරය අරකෂා කරන ලෙස ඉල්ලා සිටින බවයි. හම්බන්තොට ආශ්‍රිතව ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති නිසා වන අලින්ට තම වාස භූමි අහිමිව ගොස් ඇති බවද ඔහු පවසයි. ආණ්ඩුව රක්ෂිතය ගැසට් කර සමාගම්වලට පලතුරු වැවීමට ඉඩම් ලබාදීම ගල් කොරි සඳහා අවසර දීම හේතුවෙන් වන සතුන් ගොවි බිම්වලට පැමිණෙමින් සිටින බවද ළහිරු වීරසේකර මෙහිදී පැවසීය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...