හම්බන්තොට ගොවි අරගලයට සහාය දක්වමින් Youth for Chenge විරෝධතාවයක

අරගලයේ නිරත හම්බන්තොට ගෙවීන්ගේ ගැටලු වලට වහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් හම්බන්තොට ගොවි සත්‍යගහයට සහය දක්වමින් එම සත්‍යග්‍රහය ඉදිරිපිට ඊයේ (03) වෙනසක තාරුණ්‍ය සංවිධානය විසින් විරෝධතාවයක් පවත්වා තිබේ.

වන අලි කළමනාකරණ රක්ෂිතය ගසට්ටුව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86ක නියෝජිතයන් ආරම්භ කළ සත්‍යග්‍රහයට ඊයේ දින 45ක් සම්පූර්ණ වී තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ළහිරු වීරසේකර පැවසුවේ සත්‍යග්‍රහයේ නිරත ගොවීන් තමන්ගේ වගාව අරකෂා කරගැනීමේ විසදුම් ලෙස පරිසරය වන සතුන්ට ජීවත්වීමට ඇති පරිසරය අරකෂා කරන ලෙස ඉල්ලා සිටින බවයි. හම්බන්තොට ආශ්‍රිතව ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති නිසා වන අලින්ට තම වාස භූමි අහිමිව ගොස් ඇති බවද ඔහු පවසයි. ආණ්ඩුව රක්ෂිතය ගැසට් කර සමාගම්වලට පලතුරු වැවීමට ඉඩම් ලබාදීම ගල් කොරි සඳහා අවසර දීම හේතුවෙන් වන සතුන් ගොවි බිම්වලට පැමිණෙමින් සිටින බවද ළහිරු වීරසේකර මෙහිදී පැවසීය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...