Breaking News

හිටපු චීන අසූචි ඇමතියා ඉන්ධන අර්බුදයට මුවාවී ජනතාව හමුවට

මෙතෙක් කල් ජනතාවට බොරු කිව් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වෙනුවට අද අත්‍යවශ්‍යය සේවා මොනවද කියලා ජනතාවට කියන්න එළියට බැහැලා තිබුණේ සැඟව සිටි මහින්දානන්ද අලුත්ගමගේ. මැයි නමවන ද ජනතා ප්‍රහාරයෙන් පසුව සැඟව සිටි එකා දෙන්න හිමීට තෙල් පෝලිං ඇතුලෙන් මතු වෙන්න පටන් අරන් තියෙනවා. නාමල් රාජපක්ෂ පසුගිය දවසක කංචන විජේසේකර සමගමාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙනවා. අද ද විෂය භාර ඇමැතිවරයා හෝ එම අමාත්‍යංශයේ කෙනෙක් වෙනුවට මාධ්‍ය ඉස්සරහට එන්නෙ ජනතාව ගහලා පන්නපු හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ. විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය ජනතා ද්‍රෝහියන් ගතකරන අමාත්‍යාංශයක් බවට පත්වී තිබෙනවා.

මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමති ව සිටිද්දි සමස්ත ගොවි ජනතාවට ම බොරු කිව්වා සේ අද තමන්ට අදාලම නැති තැනකට ඇවිත් සමස්ථ රටවැසියාට පට්ටපල් බේගලයක් ඇඟට නොදැනී අතහැරියා කියන එක තමයි අපේ අදහස. එළඹෙන දහ වෙනිදා සිට නොකඩවා තෙල් ජනතාවට ලබා දෙන්න අවශ්‍යය වැඩපිළිවෙළ සූදානම් කරලා තියෙනවා කියලා ඔහු කියනවා. මහින්දානන්ද අලුත්ගමගේ අද එසේ පැවසුවත් ඊයේ දිනයේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සතු ඉන්ධන පිරවුම්හල් ඉන්ධන සැපයුම සඳහා විදේශීය සමාගම්වලට ලබාදීමට කැබිනට් මණ්ඩලයට (27) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා තිබුණා.

මෙම පිරවුම්හල් ඉන්ධන නිපදවන රටවල්වල සමාගම්වලට ලබාදීමට බලාපොරොත්තු වන බව ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. එම සමාගම් මාස 6 ක් හෝ වසරක කාලයක් ඔවුන්ගේ මව් සමාගම්වලින් ණය ක්‍රමයකට ඉන්ධන ලබාගෙන සැපයීමෙන් ශ්‍රී ලංකාවට විදේශ මුදල් පිළිබඳව බරක් නොවිය යුතු බවත් අමාත්‍යවරයා කීය.

මේ පිරවුම්හල් විදෙස් සමාගම් වලට ලබාදීමට සූදානම් වන්නේ නොකඩවා ඉන්ධන ලබා ගැනීමට දෙන දොළ පිදේනියක් ලෙසයි. මේ අර්බුදකාරී මොහොතේදී පවා අපි දන්නවා ඉන්දියාවට ලබා දුන් ඉන්ධන බෙදා හැරීමේ බලය නිසා අපේ රටේ ජනතාව කොපමණ දුෂ්කරතාවයකට පත්ව ඉන්නවද කියලා. රජය සතුව තිබෙන පිරවුම්හල් ටිකත් විදෙස් සමාගම් වලට ලබා දුන්නොත් අපිට කුමක් සිදු වෙයිද.

leave a reply