පොහොර බෙදීමත් online ක්‍රමයට

රසායනික පොහොර ලබා දීමේ වැඩසටහන යටතේ 2022 සහ 2023 මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න දැනුම් දෙයි.

ලියාපදිංචිය මාර්ගගත (online) ක්‍රමයට පමණක් සිදුකරන බැවින් www.agrarian.lk වෙබ් අඩවියට පිවිස සිය තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි විය යුතු වෙයි.

බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට රසායනික පොහොර අවශ්‍ය නම් මෙසේ ලියාපදිංචිය අනිවාර්ය බවයි කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

2022.08.15 සිට 2022.08.31 අතර කාලය ගොවීන්ට ලියාපදිංචිය සඳහා අවස්ථාව වෙන්කර ඇත. මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි වීමේදී යම් ගැටළුවක් පැන නැගුනහොත් තම ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයා හෝ තම ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන නිලධාරියකුගේ සහය ලබා ගත හැකි බව අබේරත්න සඳහන් කරයි.

මෙහිදී මාර්ගගත (online) ක්‍රමය පවිච්චි කළ හැකි ගොවීන් කොපමණ සංඛ්‍යාවක් සිටිනවාද යන්න ගැන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අවබෝධයක් ඇති බව නොපෙනේ.

ආණ්ඩුවේ අලුත්ම වැඩපිළිවෙල වී ඇත්තේ සෑම දෙයක්ම් online ක්‍රමයට සිදුකිරීමට යාමයි. පාසල් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපන, තෙල් ලබාදීම පමණක් නොව දැන් පොහොර ලබාදීමද online හරහා කිරීමට ආණ්ඩුව උත්සාහ කරනු පෙනේ. මෙහි සැබෑ වුවමනාව වන්නේ පොහොර ලබාගන්නා ප්‍රමාණය සීමා කිරීම බව ගොවීන්ගේ අදහස වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...