Breaking News

පොහොර බෙදීමත් online ක්‍රමයට

රසායනික පොහොර ලබා දීමේ වැඩසටහන යටතේ 2022 සහ 2023 මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න දැනුම් දෙයි.

ලියාපදිංචිය මාර්ගගත (online) ක්‍රමයට පමණක් සිදුකරන බැවින් www.agrarian.lk වෙබ් අඩවියට පිවිස සිය තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි විය යුතු වෙයි.

බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට රසායනික පොහොර අවශ්‍ය නම් මෙසේ ලියාපදිංචිය අනිවාර්ය බවයි කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

2022.08.15 සිට 2022.08.31 අතර කාලය ගොවීන්ට ලියාපදිංචිය සඳහා අවස්ථාව වෙන්කර ඇත. මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි වීමේදී යම් ගැටළුවක් පැන නැගුනහොත් තම ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයා හෝ තම ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන නිලධාරියකුගේ සහය ලබා ගත හැකි බව අබේරත්න සඳහන් කරයි.

මෙහිදී මාර්ගගත (online) ක්‍රමය පවිච්චි කළ හැකි ගොවීන් කොපමණ සංඛ්‍යාවක් සිටිනවාද යන්න ගැන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අවබෝධයක් ඇති බව නොපෙනේ.

ආණ්ඩුවේ අලුත්ම වැඩපිළිවෙල වී ඇත්තේ සෑම දෙයක්ම් online ක්‍රමයට සිදුකිරීමට යාමයි. පාසල් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපන, තෙල් ලබාදීම පමණක් නොව දැන් පොහොර ලබාදීමද online හරහා කිරීමට ආණ්ඩුව උත්සාහ කරනු පෙනේ. මෙහි සැබෑ වුවමනාව වන්නේ පොහොර ලබාගන්නා ප්‍රමාණය සීමා කිරීම බව ගොවීන්ගේ අදහස වී තිබේ.

leave a reply