නැහැ කිව්ව මන්දපෝෂණය දැන් බරපතල තත්ත්වයෙන් තියෙනවලු

Date:

මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500 ක ට ආසන්න මුදලක් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට සහන ලබා දීමට වෙන් කර ඇති බව නොවැම්බර් 29 වැනිදා පාර්ලිමේන්තුවේදී සදහන් කළ සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පෙන්වා දෙන්නේ, අද වන විට පවතින ලොකුම ප්‍රශ්නය ළමා මන්දපෝෂණය බවයි.

”මේ වෙන කොට අපි කරපු සමීක්ෂණ අනුව දරුවන් 21000 ක් ඉන්නවා මේ තත්වයට භාජනය වෙච්ච. අපි විශ්වාස කරනවා ඒ විසි එක් දාහ හතලිස් දහසකට පමණ වර්ධනය වෙයි කියලා. ”

මෙරට ළමා මන්දපෝෂණය වැඩිවී ඇති බවට මීට මාස දෙකකට ඉහතදී යුනිසෙෆ් ආයතනය කළ අනාවරණය රජය විසින් බැහැර කර තිබුනේ එම තොරතුරු ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉතා පැරණි කාල පරාසයකට අයත් දත්ත භාවිත කර ඇති බවට චෝදනා කරමිනි.

සැප්තැම්බර් මාසයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් පදනම් කරගනිමින් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, වෛද්‍ය චමල් සංජීව විසින් සිදු කරනු ලැබූ මාධ්‍ය ප්‍රකාශයක් පදනම් කරගනිමින් රාජ්‍ය සේවා කොමිසන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කිරීම රට පුරා වෘත්තීය සමිතිවල දැඩි විරෝධයට හේතු විය.

රටේ දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් වෛද්‍ය සංජීව සිදු කළ අනාවරයෙන් පසුව රජය විසින් දීප ව්‍යාප්ත ලෙස මන්දපෝෂණය මැඩපැවැත්වීම සඳහා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළ අතර පසුගියදා යුනිසෙෆ් සංවිධානය අනාවරණය කර තිබුනේ මෙරට දරුවන් 50000 ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.

එම සංඛ්‍යාව 40000 ක් පමණ විය හැකි බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල දැන් විශ්වාස කරයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ යම් යම් පුද්ගලයන් ප්‍රකාශ කරන ආකාරයේ ඉහළ මන්දපෝෂණ තත්වයක් රටේ තවමත් නැති බවයි. ආහාර වේලක වෙනස්කම් හේතුවෙන් රටේ ජනතාවගේ පෝෂණ තත්ත්වය කඩාවැටී ඉහළ මන්දපෝෂණ තත්වයක් එකපාරටම මතුවේ යැයි විශ්වාස කළ නොහැකි බවත් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයක් වෙනුවෙන් දැනටම ක්‍රියාමර්ග ගෙන ඇති බවත් කෙහෙළිය ඒ අවස්ථාවේ පවසා තිබුණි.

රට මුහුණ දී සිටින ආර්ථික අහේනියේ වැඩිම බර දරන්නට සිදුවී ඇත්තේ දරුවන්ට බව අනාවරණය කළ එක්සත් ජාතීන්ගේ වාර්තාවක් උග්‍ර මන්දපෝෂණය අතින් දකුණු ආසියා කලාපයේ ඉහළම ස්ථානයක ශ්‍රී ලංකාව රැදී සිටින බව පෙන්වා දී මාසයක් ගතවීමන් පසු ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සහ ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනය ද සිය සමීක්ෂණයක් මගින් ඔක්තෝබර් මාසයේදී හෙළි කර තිබුනේ දරුවන් පාසල් යැවීමට සහ බේත් හේත් මිලදී ගැනීම සඳහා නොකා නොබී සිටීමේ දුෂ්කර තීරණය ගැනීමට ශ්‍රී ලංකාවේ ජනතාවට සිදුවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...