‘ලුසී‘ නැමති ඇතින්න සම්බන්ධ විරෝධතා උත්සන්න වෙමින් තිබේ

ලංකාවෙන් ගෙන යනු ලැබ කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව රඳවා සිටින ‘ලුසී‘ නැමති ඇතින්න සම්බන්ධ විරෝධතා උත්සන්න වෙමින් තිබේ.

1977දී පින්වල අලි අනාථාගාරයේ සිට කැනඩාවට යවන ලද මෙම ඇතින්න වසර 40ක් පමණ හුදකලාව ගතකර ඇති බවට චෝදනා එල්ල වී ඇත. කොරෝනා වසංගතය හේතුවෙන් සත්වෝද්‍යානය වසා දමා තිබුණු කාලයේ ඇය සිරගතකළ ආකාරයෙන් තැබීම නිසා නියමිත බරට වඩා රාත්තල් 1000ක් පමණ වැඩි බරකින් සිටීම නිසා ශාරීරික සෞඛ්‍ය ගැටලු මතුව ඇත. ඇතින්නගේ ශරීරයේ බර දරා සිටීමට නොහැකි වීම නිසා ඇතිවන තත්වය ඇගේ මරණයට හේතු විය හැකි බව පශු වෛදවරු පෙන්වා දී ඇත.

මේ හේතුව නිසා ඇය ඇවිද්දවීමේ කටයුතු ආරම්භ කර ඇතත්, හුදකලාව තැබීඹට එරෙහිව සත්ව අයිතින් සම්බන්ධ කණ්ඩායම් ලොව පුරා විරෝධතා ආරම්භ කර ඇත.

එඩ්මන්ටන් වැලි සත්වොද්‍යානයේ සීමිත පහසුකම්වලින් පීඩා විඳිනවාට වඩා ඇය ස්වභාවික පරිසරයකට නිදහස් කරන්නැයි ඉල්ලා තරුණ තරුණියෝ පිරිසක් අද(26) කොළඹ පිහිටි කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත් වූහ. එම අවස්ථාවේදී ඇතින්න ස්වභාවික පරිසරයකට නිදහස් කරන ලෙස ඉල්ලීමක් කැනඩාවේ අගමැතිවරයාට යැවීම සඳහා කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයට භාර දී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...