Breaking News

ෆ්ලූස්සි 2023/2025 ඔබගේ පවුලේ කෙනෙකු ගෙන්වා ගැනීමට අදාල අයදුම් පත සකසන්නේ කෙසේද?

පවුල් සහයක සේවකයින් සඳහා ඉල්ලූම් කරන්නේ කෙසේද?

මෙය ස්ථීර රැකියා පදනම යටතට ගැනෙන අතර 2023 වසර වෙනුවෙන් 9500ක කෝටාවක් වෙන්කර ඇත.

https://portaleservizi.dlci.interno.it/ ලින්ක් එකෙන් අදාල වෙබ් පිටුව වෙත ප‍්‍රවේශ විය හැක.

ඒ සඳහා ඔබගේ Spid හෝ Cie භාවිතා කල යුතුය.

පවුල් සහයක ඉල්ලූම් පත සඳහා ඔබ තෝරාගත යුත්තේ Modello A-bis යන ඉල්ලූම් පත‍්‍රයයි.

අදාල ඉල්ලූම් පත‍්‍රය පෙර සූදානම් කර ගැනීම සඳහා ඔක්තෝබර් 30 සිට දෙසැම්බර් 31 දක්වා කාලය ලබා දී ඇත. සතියේ සෑම දිනකම පෙරවරු 8.00 සිට රාත‍්‍රී 8.00 දක්වා එය ක‍්‍රියාත්මකයි.

ඒ සඳහා ඉල්ලූම් පත‍්‍ර යොමුකල යුතු Click day වන්නේ දෙසැම්බර් 4 පෙරවරු 9.00 සිටයි

ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 26 දක්වා ඔබ තෝරාගත් ඉල්ලූම් පත‍්‍රය පුරවා අවශ්‍යනම් නැවත සංසෝධනය සඳහා අවස්ථාව ඇත. ඒ සඳහා ”C “Compila Domande” හෝ “Ricerca Domande” හරහා ප‍්‍රවේශ විය හැක.

ඔන් ලයින් ඉල්ලූම් පත‍්‍රයට අමතරව ඊට බාහිරින් සකස් කර ගන්නා ලේඛණ සහ ඔබේ අනන්‍යතා ලේකණ අමුනා සූදානම් කර ගැනීමටද අවස්ථාව තිබේ.

එහිදී ඒ සෑම ලේඛණයක්ම 2MB වලට වඩා වැඩි නොවිය යුතු අතර සියල්ල pdfලෙස තිබිය යුතුවේ.

එක් තැනකදී ඔබට
Colf Confedilizia – Convivente
Colf Confedilizia – Non Convivente
Colf Federterziario

ලෙස හමුවනු ඇත. ඔබ ආයතනයකට ඉල්ලූම් නොකරන හෙයින් මුල් දෙකෙන් එකක් තෝරන්න.

ඉන්පසු ඔබ මෙම ඉල්ලූම් පත ඉදිරිපත් කරන අවස්ථාව වන විට කී දෙනෙකු වෙනුවෙන් ඉල්ලූම් කර තිබේද (මීට පෙර අවස්ථාවන්ද සහිතව* සඳහන් කල යුතු අතර ඔබේ ආදායම් වාර්ථා ඉදිරිපත් කල යුතුවේ.

එමෙන්ම පැමිනෙන විදේශිකයා සඳහා නවාතැන් පහසුකම් සහතික කල යුතුය.

අවසානයේ පහත සඳහන් ලිපි ලේඛණ ඔබ ඇමිනිය යුතුවේ.

එහෙත් සමහර ලේඛණ අවශ්‍ය වන්නේ ඔබේ ඉල්ලූම් පත‍්‍රය තේරී පත්වී කෙනෙකු ඉතාලියට පැමිණි පසු ව වන හෙයින් ඒ වෙනුවෙන් පොරොන්දු සහතික ස්වයංව දැනට ඉදිරිපත් කල හැකිවේ.

වැදගත්ම සහතිකය වන්නේ දෙසැම්බර් 4 ට දින 15කට පෙර Centro impiego වෙත අදාල ඉල්ලූම් පත යොමුකර ඉන් ලැබෙන පිලිතුර හෝ කෙනෙකු රැකියාවට යොමු කරාවිද යන්නට අදාල කටයුත්ත සම්පූර්ණ කිරීමයි.

එම ලේඛණය පුරවා සහතික කල ඊ මේල් (PEC) එකක් යොමු කල යුතුවේ. – මේ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත පහත පළමු ඇමුණුමේ තිබේ 
ආදායම සහතික කිරීම හා දායක මුදල් ගෙවා ඇති බවට කෙරෙන ස්වයං සහතිකය
සකස් කර ගන්නා ලද Contratto di Soggiorno

Idoneità del alloggio (දැනට ස්වයං සහතිකයක් ප‍්‍රමානවත් වන අතර තේරී පත්වූ විට පමනක් කොන්ත‍්‍රත්තෝ දි සර්ජෝර්නෝ අත්සන් කරන අවස්ථාවේ ඉදිරිපත් කල හැක*

දිව්රුම් ප‍්‍රකාෂය dichierazione di aseverazione

Copia Passaporto Lavoratore සේවකයාගේ ගුවන් ගමන් බලපත‍්‍රයේ පිටපතක්

මෙයට අදාල වැඩි දුර තොරතුරු හා ස්වයං සහතික කීපයක් අමුනා ඇත.


Centro impiego වෙත අදාල ඉල්ලූම් පත යොමුකර 

Modulo per Centro Impiego


ඉල්ලුම්පත සම්පූර්ණ කර ගැනීම සඳහා ඔබට අවශ්‍ය වන අනෙකුත් ලිපි ලේඛන

dichierazione di aseverazione

Redditi e documenti

Modulo da compilare online

Contratto di lavoro per Allegare domanda


ඉල්ලුම් පත පියවරෙන් පියවර පුරවන ආකාරය දැනගැනීම සඳහා පහත ඇති pdf එක download කරගන්න

Vademecum FLUSSI 2023 ASSISTENZA FAMILIARE


leave a reply