නිදන් කව

ඇසෙන විට
හැම විට ම
අතීතයේ
වදුල තුළ
සැඟව ඇති
නිදන් ගැන
මට සිතෙන
දෙයක් ඇත

අනාගතයේ දිනෙක
කැණ බලන මිනිසකුට
ලැබෙන සේ යම් දෙයක්
නිදන් කළ යුතු නොවෙ ද
මා වුව ද…

මුතු මැණික් – රන් කොතල
දඹ පිළිම – රජ කිරුළු
උගුල් මැද
නිදන් කළ
පරපුරට
කට කොණින්
සිනාසෙමි.

අරක්ගත් භූතයින්
ඇදී එන නාගයින්
පිළිනොගනු ඇත එදින
අනාගත මිනිස් මිත,

ඔබ පැමිණ කණින විට
අතීතෙට අයිති නැති
මිනිසුන් ද සිටිය වග
ඔබට වැටහෙනු පිණිස
මං ලියන මේ කවිය
නිදන් කර තබන්නෙමි.

තරු අතර යනෙන විට
ආලෝක වේගයට
ග්‍රහලෝක මත සෑදෙන
ගම් නගර අතර මැද
බය නැතුව මේ කවිය
ගෙනියන්න…

සැක කරන අය වෙතොත්
මිනිස් පැතුමන් නිතර
අතීතෙන් මා එවූ
අතීතෙට අයිති නැති
මේ කවිය ඒ අයට
පෙන්නන්න…

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...