රනිල්, ඔය සෙල්ලම පරිස්සමෙන් කරන්න

රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ලිබරල් ගෝල බාලයන්ට අපට කීමට ඇත්තේ බටලන්දේ ඉදන් ‘මානවම්ම’ වෙනකම් රනිල්ගේ බංකොලොත්, විනාශකාරී, සිගාල දේශපාලනය ගැන අවබෝධයෙන් අප දේශපාලනයේ නියුතු බවයි. ඔබලා තරම් ඉක්මනින් අපට ඉතිහාසය අමතක වන්නේ නැත. රනිල්ගේ නැවතුමෙන් බැසගොස් ජනතා අරගලය පාවා දීමට ඔබට හැක. එය ඔබේ ‘ලිබරල් නිදහස’ බවද අපට සැකයක් නැත. ඒ ගැන පන්තීමය විශ්ලේෂණයකින් තොරව මේ අරගලයට අප සම්බන්ධ වුයේ නැත.

‘මානවම්ම’ සහ ‘ගෘෂා’ ඔබට අපරිමිත විනෝදයක් ලබා දුන් බව අපට සැකයක් නැත. රනිල් කියන බබාව වඩාගෙන වැල්පාලමෙන් එතෙර කිරීමේ වගකීම ඔබ මේ වනවිටත් බාරගෙන ඇත. අපට කීමට ඇත්තේ අපි රාජපක්ෂලාට කීවාක් මෙන්ම ‘ ඔය සෙල්ලම පරිස්සමෙන් කරන’ කියායි. රනිල්ගේ ශක්‍යතා කලාපයෙන් මේ අරගයට ඉවතට ගමන් කර බොහෝ කාලයක් ගතවී තිබේ. රනිල්ගේ පරණ උපක්‍රම මේ අලුත් තත්ත්වය තුල කෙසේවත් වැඩ නොකරන බව පමණක් ලියා තබමු .

ගෘෂා දන්නා ලිබරල් රනිල්ට අපි ‘අසඩක්’ ව මදක් සිහි කැඳවනු කැමැත්තෙමු.
”මතක තියගනින් ශව්වා උඹට තේරෙන කෙහෙල් මලක් නෑ උඹල ඉවරයි… මේක අලුත් යුගයක්..ඒකයි මං නීතිය ඉස්සරහ පිටට ආවේ.. මේක මහජන යුගයක් කාගෙන් බේරුණත් මහජනයගෙන් බේරෙන්න බෑ මහජන යුගයක දි”
– අසඩක්
හුණුවටයේ කථාව

Share post:

Popular

More like this
Related

නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...

රවි කරුණානායක අත්අඩංගුවට 

හිටපු අමාත්‍යවරයෙකු සහ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු...

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...