ඡායාරූප කියන කතා

පසුගිය සතියේ ප්‍රකාශයට පත් වෙච්ච ජනප්‍රිය ඡායාරූප කීපයක් ඔබගේ අවධානයට. මෙම ඡායාරූප උපුටා ගැනීම ස්පුට්නික් වෙබ් අඩවියෙන්. 2021 මාර්තු 16 වන දින ලන්ඩනයේදී සාරා එවරාඩ් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමෙන් පසු ප්‍රචණ්ඩත්වයට එරෙහි විරෝධතා පවත්වනු ලැබුවා. කාන්තා හිංසනයට එරෙහිව ස්වයංව දහස් ගණනක් කාන්තාවන් උද්ඝෝෂණයට පැමිණීම විශේෂත්වයක් වී තිබුනා . කාන්තා හිංසනයට එරෙහි පුවරුවක් වයස අවුරුදු හතරක දැරියක් වන අරියානා ලැම්සෙලාරි ප්‍රදර්ශනය කිරීම පසුගිය සතියේ විදෙස් මාධ්‍ය තුළ ජනප්‍රිය ඡායාරූපයක් බවට පත්වී තිබුනා .

කාන්තා හිංසනයට එරෙහි පුවරුවක් වයස අවුරුදු හතරක දැරියක් වන අරියානා ලැම්සෙලාරි ප්‍රදර්ශනය කිරීම
ප්‍රංශයේ නැන්ටෙස් හි පැවති “ගෝලීය ආරක්ෂක නීතියට” එරෙහි උද්ගෝෂණය අතරතුර ධවල වෙස්මුහුණු කණ්ඩායමේ ක්‍රියාකාරීන්
සත්ව අයිතිවාසිකම් කන්ඩායමේ ක්‍රියාකාරීන් කිඹුල් හම් භාවිතයට විරෝධය පළ කරමින් 2021 මාර්තු 16 වන දින මෙල්බර්න් හි ප්‍රංශ විලාසිතා සන්නාමයක් වන හර්මීස්ගේ වෙළඳසැලක් ඉදිරිපිට උද්ඝෝෂණයක .
මාර්තු 21 වන දින මහා බ්‍රිතාන්‍යයේ පොලිස් නිලධාරියෙකු විසින් 2021 මාර්තු 13 වන දින ලන්ඩනයේදී පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද 33 හැවිරිදි සාරා එවරාඩ්ගේ අනුස්මරණ ස්ථානයකට රැස්ව සිටියදී පොලිසිය අත්අඩංගුවට ගන්නා සිද්දියක්.
2021 මාර්තු 13 වන දින ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හි ටනාහ් දාටාර්හි සාම්ප්‍රදායිකව කුඹුරක් හාන විට ගත් ඡායාරූපයකි

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...