Breaking News

මොණරාගල කුඹුක්කන ඔක්කම්පිටිය පාර 2 කනුව මිනිස්සුන්ගේ හදවතත් ඉවරයි

ඉඳුනිල් විජේනායක

අද ලංකාවේ සංවර්ධනය යන වචනයට මුවා වී සිදු කරමින් පවතින්නේ දේශපාලනඥයින් කොමිස් මුදල් ලබා ගැනීම සහ වටිනා කියන පරිසර පද්ධතීන් විනාශ කිරීමයි. මේ පරිසර පද්ධතීන් විනාශ කිරීම හරහා ද දේශපාලකයින් සහ ඇතැම් බලධාරීන් සිදුකරමින් සිටින්නේ වංචනික ලෙස මුදල් උපයා ගැනීම. පහත ඡායාරූප වලින් පළවන්නේ වන් අසික්කිත ක්‍රියාවකි . පාරට වත් පාරේ යන මිනිස්සුන්ට වත් අවහිරතා ඇති නොකළ මේ ඉපැරණි ගස් කපා බිම හෙලමින් සිද්ධ කරන්නට සූදානම් වන්නේ සංවර්ධනයක් නොව මංකොල්ලයකි.

මොණරාගල කුඹුක්කන ඔක්කම්පිටිය පාර 2 කනුව මිනිස්සුන්ගේ හදවතත් ඉවරයි

කුඹුක්කන ඔක්කම්පිටිය 2 කනුව හරහා මාර්ගය ඉදිකරනවිටදී වත් ඉවත් නොකල මෙම ප්‍රදේශයේ මාර්ගය දෙපස පිහිටි වසර 200 කටත් වඩා ඉපැරණි මාර ගස් දැන් කපා දමන්නේ ඇයි.??

මොණරාගල කුඹුක්කන හංදියේ සිට ඔක්කම්පිටිය දෙසට ගමන් කරන විට හමුවන ඉතා සුන්දර වූ රමණීය වූ 2 කනුව ප්‍රදේශයේ මාර්ගය දෙපස පිහිටි වසර 200 කටත් වඩා ඉපැරණි මෙම මාර ගස් පිහිටි ප්‍රදේශය හරහා මෙම මාර්ගයේ ගමන් කරන ඕනෑම අයෙකුට ගිමන් සිසිල ලබාදුන් තැනකි ඉතා රමණීය ලෙස පිහිටි මෙම ප්‍රදේශයේ ජනතාවටද පන නල ලබාදෙමින් වසර 200 කටත් වඩා ඉපැරණි වටිනාකමක් ඇති

මෙම පරිසරය විනාශ කරන්නේ කාගේ උවමනාවකටද…..????

වගකිව යුතු අදාල බලධාරීන්ගේ අවධානය පිනිසයි….. බලධාරීන්ගේ පිළිතුර පහත පරිදි වේ

කුඹුක්කන ඔක්කම්පිටිය මාර්ගයේ 2 කණුව ප්‍රදේශයේ පිහිටි රමණීය වූ පරිසර පද්ධතියේ තිබූ ගස් ඇත්තටම කපන්නේ ඇයි….???

මේ පිළිබදව කල විමසීමකදී මොණරාගල විදුලි අධිකාරී කාර්යයාලය සදහන් කරන්නේ වැල්ලවාය තණමල්විල යන ප්‍රදේශවල ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් විදුලි සැපයුම යතාවත් කිරීම සදහා මදුරුකැටිය ප්‍රදේශයේ පිහිටි විදුලි උප පොලේ සිට වෝල්ට් 33000 ධාරීතාවයකින් යුත් අධිබලැති විදුලි රැහැන් පද්ධතිය මෙම ප්‍රදේශය හරහා යන බැවින් මෙම ගස් ඉවත් කිරීමට අදාල ව්‍යාපෘති බාර නිලධාරීන් විසින් මෙම ගස් ඉවත් කිරීමට රාජ්‍ය දැව සංස්ථාවට භාරදී ඇති බවයි……

මිනිසුන්ට විදුලිය අත්‍යාවශය සංවර්ධනයද ඉතා අවශ්‍ය නමුත් මිනිසාගේ ජීවය රදාපවතින්නේ පරිසරය තුලිනි සංවර්ධනයට මෙවැනි සංවේදී පරිසර පද්ධති විනාශ නොකර නිසි ක්‍රමවේදයන් භාවිතාකල හැක එසේ නොකර මිනිසුන්ගේ ජීවය බදු ඉමහත් වටිනාකමක් ඇති සංවේදී පරිසර පද්ධතියක් විනාශ කිරීම කනගාටුවට කරුණකි……

පරිසර පද්ධතිය ආරක්ෂා කරමින් සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි ක්‍රම ඕනෑතරම් තිබෙන අතර ඒවා තුට්ටුවකට මායිම් නොකර ෝකයේ මෙවන් ක්‍රියා සිදු වන්නේ කෙසේදැයි විමසා නොබලා පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා කරන මේ ක්‍රියාවන් හෙලා දැකීමෙන් ඔබ්බට ගිය මෙවන් විනාශයන් කරන උන් ජනතාව විසින් මට්ටු කළ යුතුය.

 

 

leave a reply