බස්වල සැරසිලි ගැලවීම නැවතත්

ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසා තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ධාවනයට නුසුදුසු තත්වයෙ තිබියදී ධාවනය, වර්ණය වෙනස් කිරිම, ඝෝෂාකාරී විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය,මෝටර් වාහන වල ඉදිරියෙ, පිටුපස සහා බඳහි පැතිවල චිත්‍ර මොස්තර සහා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරිම යනාදිය පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුකරන බවයි.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේදි බස් රථයක් ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයක පිටුපස ගැටී මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටද කඩාගෙන අඩි 1000ක් පමණ පහළ ප්‍රපාතයට පෙරළී ගියේ ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේදිය.

මෙලෙස අනතුරට ලක් වුයේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් හා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු 32 දෙනෙකු රැගෙන විනෝද චාරිකාවක ගිය බස් රථයකි.

අනතුරින් 15 දෙනෙකුට දිවි අහිමි වූ අතර බස් රථයේ සිටි 17 දෙනෙකු තුවාල සිදු වුවා.

අනතුරට ලක්වූ පිරිස බේරා ගැනීමට ඉදිරිපත්වූ දෙනෙකුද මෙහිදී තුවාල ලබා තිබුණි.

අනතුරට හේතු ලෙස දැනට හෙළිදරව්වී ඇති කරුණක් වන්නේ බසයේ කාර්මික දෝෂයක් නිසා මෙම අනතුර සිදුවූ බවයි. දැන් ආණ්ඩුව නැවතත් සූදානම් වන්නේ බස්වල සැරසිලි ඉවත් කිරීමට ප්‍රමුඛතාවය දීමටයි.

බස්වල සැරසිලි ඉවත් කිරීම සහ වෙනත් පරික්ෂා කිරීම් ආණ්ඩුව විසින් නවතා දමනු ලැබුවේ පෞද්ගලික බස් සංගම් විසින් විරෝධය දැක්වීමත් සමඟයි. දැන් නැවතත් එය අරඹන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. එසේම වාහනවල ප්‍රමිතිය, රියදුරන්ගේ ප්‍රමිතිය, මාර්ගවල ගැටළු ගැන ප්‍රමුඛ අවධානයක් ලබා නොදී අනතුරු සිදුවීම වලක්වා ගන්නේ කෙසේද යන්න ආණ්ඩුව පැහැදිලි කලයුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...