Breaking News

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් වූ සයදෙනෙකුට නිදහස

ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන්වූ සයදෙනෙකු නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගකර තිබේ.

එම සයදෙනා වන්නේ එස්. නාලිනී , ආර්. පී. රවිචන්ද්‍රන්, ශාන්තන්, මුරුගන්, රොබට් පියස්, ජයකුමාර් යන අයයි.

මෙම නඩුවේ තවත් වරදකරුවෙකු වූ ඒ. ජී. පෙරාරිවාලන් පසුගිය මැයි මාසයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කිරීමෙන් පසුව එම කරුණුම ඉතිරි සය දෙනාටත් අදාළ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

වරදකරුවන් සත්දෙනාම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි අතර, වසර 30කට වැඩි කලක් සිරගතව සිටි ඇත.

1991 මැයි මාසයේ තමිල්නාඩු ප්‍රාන්තයේදී ධණු නම් මරාගෙන මැරෙන LTTE සාමාජිකාවක් එල්ලකරන ලද ප්‍රහාරයකින් රජිව් ගාන්ධි ඝාතනයට ලක්විය. මෙම ඝාතනය සැලකුණේ, 1987 දී ඔහු අගමැතිව සිටිය දී ඉන්දීය රජය සාමසාධක භටයන් එවීම හරහා ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට සම්බන්ධවීමට එරෙහිව LTTE සංවිධානය විසින් කළ පළිගැනීමක් ලෙසිනි.

ගාන්ධි නායකත්වය දැරූ කොංග්‍රස් පක්ෂය වරදකරුවන් නිදහස් කිරීමට අධිකරණය ගත් තීරණය විවේචනය කර තිබේ.

මුල දී, 1998 දී පැවැත්වුණු නඩු විභාගයක් මඟින් මරණ දණ්ඩනයට නියම කරන ලද පුද්ගලයින් 25 දෙනෙකු අතර සිකුරාදා නිදහස් කිරීමට නියෝගය නිකුත්වූ වරදකරුවන් ද විය.

ශ්‍රේෂ්ඨාධිකරණය වරදකරුවන්බව තීරණය කළේ ඔවුන්ගෙන් සත්දෙනෙකු පමණි. වරදකරුවන්ගෙන් සිව්දෙනෙකුට – පෙරාරිවාලන්, එස්. නාලනී, සාන්තන් සහ ස්‍රීහරන් – මරණ දණ්ඩනය නියමවූ අතර, තවත් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවිය. ඉතිරි අය සියලු චෝදනාවන්ගෙන් නිදොස්කොට නිදහස් කරන ලදී.

ගාන්ධිගේ වැන්දඹු බිරිඳ සෝනියා ගාන්ධි විසින්, සිරකරු ඒ වන විට ගැබ්ගෙන සිටිනබව පෙන්වමින් ඉදිරිපත්වූ සහන දැක්වීමේ පෙත්සමකට අනුව, 2000 වසරේ දී නාලිනීගේ මරණ දඬුවම ලිහිල් කරනු ලැබුණි.

ඔවුන්ගේ සමාව අයැදුම් විභාග කිරීමට ප්‍රමාදවූබවක් පවසමින් 2014 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙරාරිවාලන්, සාන්තන් සහ ස්‍රීහරන් යන අයගේ ද මරණ දණ්ඩනයන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස ලිහිල් කෙරිණි. එහිදී ඇතැම් පිරිස් වෙත නියමවූ සිරදඬුවම් කාලය වූවේ වසර 20ක කාලයකි. 2018 වසරේ තමිල්නාඩු ප්‍රාන්ත රජය මෙම පිරිස නිදහස් කිරීමට එය ගත් තීරණය ප්‍රකාශයට පත්කළ නමුත්, ප්‍රාන්තය විසින් ඔවුන් නිදහස් කරනු වැලැක්වීම සඳහා ෆෙඩරල් රජය නීතිමය අභියෝගයක් එල්ල කර තිබුණි.

කෙසේවෙතත් ෆෙඩරල් ආණ්ඩුවේ එම විරෝධයට එරෙහිව වරදකරුවන් වූ පිරිස විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගත් ශ්‍රේෂඨාධිකරණය ඔවුන් නිදහස් කිරීමට නියෝග කර තිබේ.

leave a reply