දත් දොස්තරගේ බල්ටිය

රනිල් රාජපක්ෂ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇදවැටීම වර්තමාන ආන්ඩුවේ ප්‍රතිපත්තිමය අවුලක් යැයි හුවා දක්වමින් සමාජය තුළ බිඳ වැටී තිබූ තමන්ගේ ප්‍රතිරූපය නංවා ගැනීමට පහුගිය කාලයේ කටයුතු කළ දත් දොස්තර කෙනෙකු විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂය වෙත පැනීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ වර්තමාන පිළිවෙත පිළිගෙන ඊට සහාය පළ කිරීම සඳහා මේ දත් දොස්තර ආණ්ඩුවට එකතු වීමට නියමිතයි. තමන්ට ලැබෙන වරදාන වරප්‍රසාද පිළිබඳ සාකච්ඡාව අවසන් වී නොමැති හෙයින් එය තවදුරටත් කල් යමින් පවතින අතර දත් දොස්තර ආණ්ඩුවට එකතු වූ සැනින් ප්‍රබල අමාත්‍යාංශයක් ලබාදීමට රනිල් රාජපක්ෂ ආණ්ඩුව එකඟතා පළ කර තිබේ.

මේ දත් දොස්තර වඩා රුචිකත්වයක් දක්වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාගැනීමටය. අහිංසක මිනිස්සුන්ට ලබා දෙන බේත් පෙත්තෙන් පවා කොමිස් ගසා කාල ඇති පළපුරුද්ද නිසාත් එහි රස දන්න නිසාත් මේ දත් දොස්තර විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට බල්ටිය ගැසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ම ඉල්ලා සිටින බවද දැනගන්නට තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...