දත් දොස්තරගේ බල්ටිය

රනිල් රාජපක්ෂ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇදවැටීම වර්තමාන ආන්ඩුවේ ප්‍රතිපත්තිමය අවුලක් යැයි හුවා දක්වමින් සමාජය තුළ බිඳ වැටී තිබූ තමන්ගේ ප්‍රතිරූපය නංවා ගැනීමට පහුගිය කාලයේ කටයුතු කළ දත් දොස්තර කෙනෙකු විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂය වෙත පැනීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ වර්තමාන පිළිවෙත පිළිගෙන ඊට සහාය පළ කිරීම සඳහා මේ දත් දොස්තර ආණ්ඩුවට එකතු වීමට නියමිතයි. තමන්ට ලැබෙන වරදාන වරප්‍රසාද පිළිබඳ සාකච්ඡාව අවසන් වී නොමැති හෙයින් එය තවදුරටත් කල් යමින් පවතින අතර දත් දොස්තර ආණ්ඩුවට එකතු වූ සැනින් ප්‍රබල අමාත්‍යාංශයක් ලබාදීමට රනිල් රාජපක්ෂ ආණ්ඩුව එකඟතා පළ කර තිබේ.

මේ දත් දොස්තර වඩා රුචිකත්වයක් දක්වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාගැනීමටය. අහිංසක මිනිස්සුන්ට ලබා දෙන බේත් පෙත්තෙන් පවා කොමිස් ගසා කාල ඇති පළපුරුද්ද නිසාත් එහි රස දන්න නිසාත් මේ දත් දොස්තර විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට බල්ටිය ගැසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ම ඉල්ලා සිටින බවද දැනගන්නට තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...