වසන්තලාගේ නිදහස වෙනුවෙන් පාගමනක නිරතවූ කාන්තාවන් පොලීසිය බලහත්කාරයෙන් රැගෙන යයි

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, රඳවා තබාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් පාගමනක නිරතවූ කාන්තාවන් දෙදෙනා බලහත්කාරයෙන් පොලීසියට රැගෙන ගොස් තිබේ.

මෙළෙස රැගෙන ගොස් ඇත්තේ ප්‍රියන්ති ප්‍රනාන්දු සහ නිරූ ඩැනියල් යන දෙදෙනායි.

ගෝල්ෆේස් අරගලය හා සම්බන්ධ වූ මෙම දෙදෙනා අද(12) කළුතර සිට කොළඹ දක්වා විරෝධතා පාගමනකින් පැමිණීමට නියමිතව තිබුණි. එම විරෝධතා පා ගමන කළුතර බෝධිය අසළින් ආරම්භ වූ මොහොතේ සිට ඔවුන්ට පොලීසිය විසින් බාධා කරනු දක්නට ලැබුණි.

කාන්තාවන් දෙදෙනා පාගමනින් පැමිණියත් කළුතර පාළම අසලදී පොලීසියෙන් ඊට බාධා එල්ල විය. ඉන් අනතුරුව ඔවුන්ට වාද්දූව ප්‍රදේශයේදී ද පොලීසියෙන් බාධා එල්ල විය. එහිදී පොලීසිය සහ එම කාන්තාවන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය. පොලීසිය පවසා තිබුනේ මාර්ගය අවහිරවන බැවින් ඔවුන්ට පා ගමනේ යෙදීමට ඉඩදිය නොහැකි බවයි.

ඊට පසු පානදුර ප්‍රදේශයේදී පොලීසිය ඔවුන් නවත්වා පොලීසිය වෙත පැමිණෙන ලෙස බලකර තිබේ. එහිදී අවට පිරිසගේ විරෝධය මැද එම කාන්තාවන් දෙදෙනා බලහත්කාරයෙන් පොලිස් ජීප් රථයක නංවාගෙන ගොස් තිබේ. මේවනවිට ඔවුන් දෙදෙනාව පානදුර පොලීසිය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...