අතීතාගමනය ලිපි පෙළෙහි පස්වන දිඟහැරුම සේම, 2024 නව වසරේ අතීතාගමනයේ පළවෙනි ආගමනය වෙන්නෙ අද. ප්‍රේමය සමරමින් දින ගෙවෙන කාළයක, ප්‍රේමයේ සැමරුමට දිනයක්, නොමැතිනම් ආදරවන්තයන් සැමරුමට දිනයක් අනවශ්‍ය යැයි මත පළවුවත් , මේ ලෝකයේ මානවයන් තුළ රැදී පැවතිය යුතුම, ප්‍රේමය , දයාව , අන්‍යෝන්‍ය ලැබැදියාව දියාරුව යන නිසාවෙන්ම ගෙවීයන සෑම දිනක්ම ප්‍රේමයේ ස්මරණ දින වේනම් යැයි හැඟෙන බැවින් ලෝකයේ සෑම මනුස්සයෙක්ම එකිනෙකාට ආදරය වෑස්සන සැබෑ ආදරවන්තයින් වේවායි ප්‍රාර්ථනා කරමු.
මෙම පස්වන අතීතාගමනය තුළින් වර්තමානයේ ලංකාව තුළ කතිකාවතක් ගොඩනැඟී ඇති මාධ්‍ය ආචාරධර්ම, සමාජ මාධ්‍ය නියාමනය, මාධ්‍ය වාරණ සේම අතීතයේ මාධ්‍ය භාවිතය හරහා සක්මනින් අවසන නූතන මානවයාගේ දිශානතිය කොතැනටද යන්න පිළිබදවද මහාචාර්ය ඇසකින් දකිමු.
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අංශයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ.
“මහාචාර්යතුමා මාධ්‍ය ඉතිහාසය ගැන පරිනාමය ගැන ඔබතුමාගෙන් මූලිකවම අසා දැනගන්න කැමතියි.”
” ඔව්, ලෝක මට්ටමින් ගත්තම මාධ්‍ය ඉතිහාසය එහෙම නැත්නම් පරිනාමය මූළික අවධි තුනකට බෙදෙනවා.”
“ඔය පූර්ව නූතන යුගය කියන්නෙ අටවෙනි සියවසේ ඉදන් මුල්ම පත්තර බිහිවෙන කාළය.”
” ඒක අවුරුදු දෙදහස් දෙසීයක විතර කාළයක්. ”
“ඒ කාළය ජනමාධ්‍ය එහෙම නැත්නම් සම්ප්‍රදායික මාධ්‍ය අවධිය කියලා කියනවා”
” ඊට පස්සෙ ඔය පළවෙනි පත්තර බිහිවෙන්නෙ 1610 දශකයේ වගේ.”
“එතන ඉදන් 19 වෙනි ශතවර්ෂය අවසානයේ ගුවන් විදුලිය බිහිවෙනවා.”
” එ කියන්නෙ 1895 විතර, ඊට පස්සෙ තමයි රූපවාහිනිය බිහිවෙන්නෙ විසිවෙනි ශතවර්ෂයේ 1920 ගණන් 1930 ගණන් වල.”
“එතකොට ඒ මාධ්‍ය තුන අපි හදුන්වනවා නූතන මාධ්‍ය යුගය කියලා.”
” ඊට පස්සෙ 1960 ගණන් 1970 ගණන් වලින් පස්සෙ, 20 ශතවර්ෂයේ අවසානයේ 21 ශතවර්ෂයේ මුල් භාගයේ එනවා මේ new media, ඒ කියන්නෙ නව මාධ්‍ය එහෙම නැත්නම් අන්තර්ජාලය පදනම් කරගත්ත ඔය කියන සමාජ මාධ්‍ය යුගය කියන ප්‍රභේදය මතුවෙනවා.”
එතකොට අවධි තුනක් තියනවා.”
” එතකොට මහාචාර්යතුමා ඕනෑම මාධ්‍යයක් විසින් ඉටුකළයුතු කාර්යභාරයක් ලෙස ඔබතුමා සලකන්නේ මොනවද?
“ඔව්, සාමාන්‍යයෙන් අපි නූතන මාධ්‍ය ගත්තොත් පුවත්පත් ගුවන් විදුලිය රූපවාහිනිය වගේ, ඒවායින් කළ යුත්තේ මිනිසුන්ගේ තියන තොරතුරු අවශ්‍යතාවත් ඔවුන්ගේ විනෝදාශ්වාදයන් නැතිනම් සමාජ සම්බන්ධතාවත් පවත්වාගෙන යෑමට අවශ්‍ය කරණ තොරතුරු සහ සන්නිවේදනය කිරීම සම්පාදනය කිරීම තමයි මාධ්‍යක මූළික අරමුණ විය යුත්තේ.”
” මහාචාර්යතුමා හිතන විදියට දැන් මාධ්‍ය ඔය කියන කාරණා තුළ ගොනු වෙලා ඉන්නවද ? නැත්නම් ඉන් ඔබ්බට ගිහින් තියනවද?”
” ඕව ඒක මෙහෙමයි , ඔය මාධ්‍ය කියන එක, එක් එක් සමාජ ක්‍රමවලදි ඒක ඉටුකරන භූමිකාව එකයි. ”
” ඒත් ඒක කාගෙ වුවමනාවටද ඒ මාධ්‍ය වැඩියෙන්ම වැඩ කරන්නෙ, කාගෙ වුවමනාවන්ද ප්‍රකාශයට පත්කරන්නේ ,කාගේ අදහස් ප්‍රකාශ කිරීමද වැඩියෙන් බාධා කරන්නෙ නැත්නම් සීමා කරන්නෙ කියන කාරණය යුඟයෙන් යුඟයට වෙනස් වෙනවා”
“උදාහරණයක් විදියට, පහුගිය අවුරුදු 400ක අපි සදහන් කළ නූතන මාධ්‍ය විදියට ගැණුන පුවත් පත් ගුවන්විදුලි රූපවාහිනි ගත්තොත් ඒවා මේ ධනේශ්වර සමාජ ක්‍රමයේ තිබුණ මාධ්‍ය.”
” ඒ කියන්නෙ මහාචාර්යතුමා මාධ්‍ය හරහා යම් කොටසකගේ වුවමනා එපාකම් , අභිලාෂයන් සමාජයට සම්ප්‍රේෂණය වීමක් වෙනව කියලද කියන්නෙ?
“ඒක මෙහෙමයි, ඔය නූතන යුගයේ මාධ්‍යන් සමස්ථයක් විදියට පාලනය කරේ ධනේශ්වර පංතිය, ඒ කියන්නේ සමාජයේ නිෂ්පාදන ආයතන සතු පංතිය විසින්ම තමයි මේ මාධ්‍ය ක්ෂෙත්‍රයේ තියන ආයතන සහ ඒ තියන මාධ්‍ය නාළිකා ඔක්කොම පාලනය කරන්නෙ නැත්නම් මෙහෙය වන්නෙ.”
“සමහරවිට ඒ මාධ්‍ය ආයතන පුද්ගලික වෙන්න පුළුවන් නැත්නම් යම් කණ්ඩායමකට අයිති වෙන්න පුළුවන් රාජ්‍යයට, ආණ්ඩුවට අයිති වෙන්න පුළුවන්, ඒ මොනම දේකට අයිති වුනත් මේවා යම්කිසි සමාජ ස්තරයක හෝ සමාජ පංතියක වුවමනාවන් මූළික වශයෙන් නියෝජනය කරණවා.”
ඔය ගැන උදාහරණයක් කියනවනම් කාල් මාර්ක්ස් (Karl Marx- German philosopher and economist) කියලා තියනවා, ධනේශ්වර පංතියේ චින්තනය තමයි ජාතියේම, ජන සමාජයේම චින්තනය විදියට මාධ්‍ය විසින් ඉදිරි පත් කරන්නෙ කියලා.
” මොකද මාධ්‍ය ආයතන වල හිමිකාරීත්වය තියෙන්නෙ එයාලගේ අතේ.”
” ඒගොල්ලන්ට බාධාවක් එන්නෙ නැති විදියට විරෝධයක් එන්නෙ නැති විදියට තමයි තොරතුරු සංස්කරණය කරලා නැත්නම් යම්කිසි විදියකට වාරණයකට ලක් කරලා නියාමනයක් ඔස්සේ ඉදිරිපත් කරන්නේ ඒ පංතියේ වුවමනාවන්ට අනුව.”
“ඒක ධනවත් සමාජයේ මූලික වශයෙන් දක්නට ලැබෙන දෙයක් ඇත්ත වශයෙන්ම.”
“එතකොට මහාචාර්යතුමා මහජන වුවමනාවන් ඉටුකළයතු බුද්ධිමය , අධ්‍යාත්මික , මතවාද නිෂ්පාදන ක්ෂේත්‍රයක් වන මාධ්‍ය මේ විදියට ධනේශ්වර පංතියේ ග්‍රහණයට ලක්වීම ගැන ඔබතුමාට හිතන්නෙ මොනවද?
” ඇත්තටම මාධ්‍ය විසින් public interest එහෙම නැත්නම් මහජන වුවමනාවන් සමස්ථයේ වුවමනාවන් නියොජනය කලයුතුයි.”
“සිද්ධාන්ත වශයෙන් එහෙම වුනත් වැඩවසම් යුඟයේ ඉඩම් හිමියෝ තමයි මාධ්‍ය බලය අල්ලන් හිටියේ ඊටත් එහා වහල් සමාජයේ වහල් හිමියෝ තමයි බලය අල්ලන් හිටියෙ.”
” දැන් ධනේශ්වර සමාජයේ ධනපතීන් තමයි බලය අල්ලන් ඉන්නෙ.”
” එතකොට ඒ අය ආණ්ඩුව පිහිටුවනවා, ආණ්ඩුව මඟින් රාජ්‍ය කරවනවා, රජ්‍යයේ කොටසක් විදියට මාධ්‍ය තමන්ගේ වුවමනාවන්ට අනුව යොදාගන්නවා.”
” මහාචාර්යතුමා කියපු මේ දේවල් වලින් අපිට හොද ප්‍රවේශයකට එන්න පුළුවන් නේද මහාචාර්යතුමා, දැන් ඔය කියන මාධ්‍ය ඒකාධිකාරය monopoly එක සමාජ මාධ්‍ය ආගමනය තුළ බිඳවැටීමම මේ සමාජ මාධ්‍යයන්ට නියාමනයන් වාරණයන් ගෙන ඒමට හේතුභූත වෙන්න පුළුවන් නේද?
” ඔව් ඒකෙ තර්කෙකුත් තියනවා ඇත්ත වශයෙන්ම.”
“දැන් ඔබ කිව්වා වගේ නූතන මාධ්‍යයේ නැත්නම් පත්තර ගුවන් විදුලිය රූපවාහිනි ආදියෙහි තිබුණ විශේෂ ලක්ෂණයක් තමයි ඒක මාර්ගික සන්නිවේදනය, one way communication කියන එක.”
“උදාහරණයක් විදියට දේශපාලකයන්ට ඕන දේ මාධ්‍ය යොදාගෙන මහජනතාවට ප්‍රකාශ කලත් එයට පෙරලා උත්තර බැදීමක් කරන්න බැහැනෙ මහජනතාවට”
“ඒ නිසා ඒ පංති එයාලගෙ වුවමනාවන් ඵලදායි විදියට සාර්ථකව සමාජය පාලනය කරගෙන පීඩිත පංති මත ආධිපත්‍යය යොදන්න පාවිච්චි කළා.
” ඒත් සමාජ මාධ්‍ය ආගමනය තුළ එයට බාධා පැමිණුනා.”
“මහාචාර්යතුමා, අතීතයෙත් වර්තමානයේ මෙන් මේ සමාජ මාධ්‍ය කරණ කර්තව්‍යයම වෙනස් ආකාරයට සිද්ධ වුණා නේද?
” ඔව් ඔබ කිව්වා හරියට හරි. ”
“අපි දැන් හුඟක් වෙලාවට හිතනවා මේ සමාජ මාධ්‍ය 20 ශතවර්ෂයේ අඟ භාගයේ මේ තාක්ෂණයත් එක්ක ආපු දෙයක් හැටියට.”
“නමුත් එහෙම නෙමෙයි, සමාජ මාධ්‍ය මානව සමාජයේ ආරම්භයේ ඉදලම තියන දෙයක්.”
“විශේෂයෙන්ම මධ්‍යතන යුගයේ මාළු බාන්නන්ගේ සංගම් , පරණ කාර් එකතු කරන්නන්ගේ සංගම් තිබුණා. එ් සමාජ කණ්ඩායම් අතර යම්කිසි network එකක් තිබුණා.”
“ඒවා ඒ කාලෙ තිබුණ ප්‍රාථමික අවධියේ social media.”
” නව තාක්ෂණය නොතිබුණත් ලිපි මඟින්, ටෙලිෆෝන් මඟින් පෑනේ මිතුරු වැනි දේවල් හරහා ඒ සන්නිවේදන ගොඩනඟා ගත්තා.”
“ඔබතුමා දකින විදියට සමාජ මාධ්‍ය හා එහෙම නැත්නම් new media සහ පුවත් පත් , ගුවන් විදුලි රූපවාහිනිය යන mass media අතර වෙනස කුමක්ද?
” සමාජ මාධ්‍ය තුල එකවර ග්‍රාහකයාට සන්නිවේදකයා විය හැකියි, සන්නිවේදකයාට ග්‍රාහකයා විය හැකියි.”
“Mass media, one way වුනත් Social media, multi way වෙනවා.”
” එක්කෙනක්ගෙන් බහුතරයකට නොව බහුතරයකගෙන් බහුතරයකට සන්නිවේදනය කරන්න පුළුවන් වෙනවා. ”
” සමාජ මාධ්‍යය ආගමනය මිනිස් ප්‍රජාවට කරණ බලපෑම ඔබතුමා දකින්නෙ කුමන ආකාරයටද? “
” ලෝක ජනගහනයෙන් 64% කෝටි පන්සියයක් පමණ ජනතාවක් මේ සමාජ මාධ්‍ය කියන platform හරහා අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කරනවා.”
” ඒ ප්‍රවණතාව දේශපාලන අවකාශයට, ආර්ථික සම්බන්ධතා වලට, රාජ්‍ය බලයට, ආණ්ඩුවල ස්ථාවරත්වයට, අධ්‍යාපනයට, සංස්කෘතියට ,සදාචාරයට ආදී සියළුම ක්ෂේත්‍ර වලට මේ සන්නිවේදනයේ ඇතිවුන නව තත්වය ඇත්ත වශයෙන්ම විප්ලවීය බලපෑමක් කරනවා කිව්වොත් හරි.”
“මේ ඔස්සේ සංවිධානය වීම් තොරතුරු සම්ප්‍රේෂණය කිරීම් එකවර බහුතරයක් පිරිසකට කිරීමට හැකිවීම විශේෂයෙන්ම ලෝක දේශපාලන ස්ථාවරත්වයට එක්තරා විදියට විශාල බලපෑමක් අභියෝගයක් හා තර්ජනයක් වෙනවා.”
“මේ නිසා තමයි විවිධ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා, පනත්, නියාමනයන්, තාක්ෂණික, නෛතික උපාය මාර්ග පිළිබදව වැඩිපුර අවධානය යොමු වෙලා තියෙන්නෙ.”
“නියාමනය සහ වාරණය යන්නට ඔබතුමාගේ නිර්වචනය මොකක්ද?
“නියාමනය regulations කියන්නේ ඕනෑම මාධ්‍ය, සමාජ පද්ධති විතරක් නෙමේ ඕනෑම ස්වභාවික පද්ධති වලට පවා ආවේණික සාමාන්‍ය ස්වභාවික තත්වයක්.”
“නියාමනයක් නොවෙනවනම් යම්තැනක එය අවුල් වෙනවා, බිඳ වැටෙනවා, අකාර්යක්ෂම වෙනවා.”
” උදාහරණයක් විදියට අපේ ශරීරය නිසිලෙස නියාමනය වියයුතුයි.”
“එහි අඩංගු ලවන, ප්‍රොටීන් ,විටමින් ,ඔක්සිජන් නිසියාකාරව පැවතිය යුතුයි, නැත්නම් පද්ධතිය අවුල් වෙනවා.”
“ඒ වගේම තමයි යම් සමාජයක තියන සන්නිවේදන මාර්ග පද්ධතිත් නියාමනය වීම ස්වභාවික අවස්ථාවක්.”
“එතකොට මේ නියාමනය කියන්නෙ යම් සංකීර්ණ සමාජයක පුද්ගලයන් අතර තිබෙන තොරතුරු සහ සන්නිවේදන අශ්‍යතාවය, හැමටම සාධාරණ විදියට යම්කිසි පොදු ප්‍රතිපත්තියකට ගෙනඒම එහෙම නැත්නම් සැමගේම අයිතිවාසිකම් උල්ලංඝනය නොවන විදියට තහවුරු කිරීම තමයි නියාමනය කියලා කියන්නෙ. “
“නියාමනය ස්වභාවිකව සිදුවන දෙයක්.”
හරියකට කැළයක සත්ව ගහණය ස්වභාවිකව පාලනය වෙනව වගේ.
” නියාමනය හැම පාර්ශ්වයකටම වාසියක්. එහෙම වුනේ නැත්නම් ඒක විනාශ මූලික වෙනවා.”
” අර හොබ්ස් (Thomas Hobbes-English Philosopher) කිව්වා වගේ හැම කෙනෙක්ම හැම කෙනෙක්ටම විරුද්ධව යුද්ධයක් ප්‍රකාශ කරන්න පටන් ගන්නවා හරි නියාමනයක් නැති තැන.”
“වාරණය Censorship කියන්නේ යම්කිසි සමාජ පංතියක් විසින් ඒ අයගේ ඕනෑ එපා කම් වලට අනුව මේ සන්නිවේදන නැත්නම් තොරතුරු ප්‍රවාහය පාලනය කිරීම ,සීමා කිරීම සහ ඒ මඟින් අනිකුත් පාර්ශ්වයන්ට හානියක් සිදුවීම් එහෙම නැත්නම් අයිතිවාසිකම් උල්ලංඝනය වීම.”
“වාරණය කියන්නෙ අර කැළයක උදාහරණයම ගත්තොත්, කැළයකට නීතියක් දානව වගේ එක් සත්ව කොටසක් මැරීම තහනම් කරලා.”
“එවැනි තත්වයකදී ස්වභාවික තුලනය බිඳ වැටිලා එක් කොටසකට වාසියක් වෙනවා.”
“නියාමනය ස්වාභාවික ප්‍රපංචයක් වාරණය නීතිමය ප්‍රපංචයක්.”
“එතකොට මහාචාර්යතුමා ඇයි මේ සමාජ මාධ්‍යය තුල නියාමනයක අවශ්‍යතාව, නීති සම්පාදනයක අවශ්‍යතාව ඉස්මතු වෙලා තියෙන්නේ?”
“සන්නිවේදන හා තොරතුරු ක්ෂේත්‍රයේත් මාධ්‍ය ක්ෂේත්‍රයේත් ඔය කියන නියාමනය රූපවාහිනි, පත්තර, ගුවන් විදුලි වලත් අති දැවන්ත නියාමන පද්ධති රාශියක් හරහා සිදුවෙමින් පවතිනවා.”
“ආචාරධර්ම මගින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ නීතිරීති මඟින් ඒ ඒ ආයතන තුල පවතින නියාමන ක්‍රමවේදයන් හරහා , ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා , ස්වයං නියාමනයන් හරහා, ආදී ක්‍රමෝපායන් හරහා නියාමනයක් ප්‍රශස්ත මට්ටමින් සිද්ධ වෙනවා.”
“නව මාධ්‍ය නැත්නම් සමාජ මාධ්‍ය බිහිවෙනවත් එක්කම සම්ප්‍රදායික නියාමනයෙන්, වෘත්තීය මට්ටමින් බැහැරව අතිවිශාල කොටසක් මේ සන්නිවේදන හා තොරතුරු ක්ෂේත්‍රයට අවතීර්ණ වුණා.”
“ඒ නිසාම වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ භූමිකාව හෑල්ලුවට ලක්වීමක් දියාරු වීමක් වෙලා.”
“ඒ නිසාම මෙවෙනි පද්ධති බිහිවෙන කොට ඒ සමඟම අදාල සමාජයට එය ගලප්පවා ගැනීම සදහා යම් නියාමන පද්ධති බිහිවිය යුතුයි.”
” මේ වගේ තත්වයක සමාජ මාධ්‍ය හරහා තොරතුරු සම්ප්‍රේෂණයේ අවාසිදායකත්වය ඔබතුමා දකින්නේ කොහොමද?”
“ආයතනික ව්‍යුහයෙන් තොරව විවිධ ස්තර වල පුද්ගලයන් විවිධ අධ්‍යාපන මට්ටමේ අය මෙතනට ඇවිත් සාමාන්‍ය සමාජයේ ක්‍රියාපිළිවෙළ , කතා කරන භාෂවෙන් ඒ අයගේ සිතුවිලි, අදහස් උපදෙස්, ප්‍රමිතියෙන් තොරව මුදාහැරීම සිදුවෙන්න පටන් ගන්නවා.”
“ජනතාව තුල අවිඥ්ඥානිකව පවතින ඕපදූප, දූෂණ, අපරාධ , වැනි ප්‍රාථමික ගණයේ දේවල් සදහා පවතින කැමැත්ත නැමියාව ගතිකත්වය නිසා එය උත්කර්ෂනය කිරීමට මේ මාධ්‍ය හරහා අවකාශය සැළසෙනවා.”
“පොදුවේ ගත්තම ගූණාත්මක මාධ්‍යට තියෙන තැන අඩුවුනා.”
“ඉල්ලුමට සැපයුම මිස ගූණාත්මක දේ දීමෙහි අවශ්‍යතාවෙන් තොරව ව්‍යාපාරික ස්වභාවය පමණක් ඉස්මතු වීමක් වෙලා තියනවා.”
“ඔබතුමා හිතන විදියට මෙවෙනි තත්වයක් පාලනය කරමින් ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවද?”
“මෙවෙනි තාක්ෂණික පද්ධති බිහිවෙන කොට ඒ තාක්ෂණික පද්ධති එක්කම ඒ සමාජයට ඒක ගලපා ගැනීම සදහා අදාල නියාමන පද්ධති බිහිවෙන්න ඕන දියුණු වෙන්න ඕන වර්ධනය වෙන්න ඕන.”
” මේ අලුත් තාක්ෂණය මහා දැවන්ත ජනතාවක් අතර යෑම සීමා වාරණ පැනවීම නෙමේ කරන්න ඕන ඒ අයට එය පරිහරණය කරන්නට අවශ්‍ය සංස්කෘතික මට්ටම සාක්ෂරතාව නෛතික රාමු දෙන්නයි ඕන.”
“ඇත්ත වශයෙන්ම අනෙකුත් මාධ්‍යන්ට වගේ නව මාධ්‍ය සංස්කෘතිකයක් බිහිවෙන්න ඕන.”
“මහාචාර්යතුමා , වර්තමානයේ මිනිසුන්ගේ සිතුවිලි , චර්යාවන් සෘජුවම මාධ්‍යයේ පාලනයට යටත් වෙලා කිව්වොත්.?”
“අනිවාර්යයෙන්ම, ඒකෙ තර්කයක් ඇත්තෙම නැහැ.”
” මේ යුගයේ මාධ්‍ය කියන්නෙ මිනිසුන්ගේ සිතුවිලි, මිනිසුන්ගේ සංවේදීතාවයන්, ඔවුන්ගේ බුද්ධි මට්ටම, ඔවුන්ගේ චර්යාවන් ඔවුන්ගේ මනෝභාවයන් යම්කසි විදියකට හසුරවන මෙහෙයවන පාලනය කරන ඒවා මත ආධිපත්‍යය පවත්වාගෙන යන සමාජ ආයතනයක්.”
“දෛනිකව social discourse සමාජ කතිකාව සංවිධානය කරලා සමාජයට සම්ප්‍රේෂණය කරන්නෙ මාධ්‍ය මඟින්. ”
“මහාචාර්යතුමා මාධ්‍ය පරිණාමය මානව පරිහානය අතර තියෙන්නෙ කොයිතරම් පරතරයක් කියලද හිතෙන්නෙ.?
“දැන් තියෙන මේ මාධ්‍ය බිහිවෙන්නට කලින් ඓතිහාසික වශයෙන් ගත්තොත් මිනිසුන්ගේ තොරතුරු අවශ්‍යතාවයන්, මිනිසුන්ගේ නියාමනය, ආගමික ශික්ෂණයක් මඟින් තමයි පාලනය වුනේ.”
“වෙන විදියක් තිබුණෙ නැහැ මිනිස්සුන්ට තොරතුරු ගන්න.”
“නූතන මාධ්‍ය බිහිවෙන කොට ආගමික නැමියාව බොහෝ දුරට අඩුවුණා.”
” යුරෝපයේ සහ බොහෝ රටවල ආගම මඟින් ඉටුකරපු කාර්යය මාධ්‍ය විසින් ඉටු කරන්න පටන් ගත්තා.”
“ආගම බහුතරයක් මිනිසුන් නොසළකා හැරීමට පටන් ගත්තා.”
” මාධ්‍ය හැසිරුනේ වෙළදපල වටිනාකම් අනුව, ආගම හැසිරුණේ අධ්‍යාත්මික සදාචාර මූලධර්ම අනුකූලව. ”
“සම්ප්‍රදායික සමාජය බිද වැටීමෙන් පසුව 17 වෙනි ශතවර්ෂයෙන් වගේ පස්සෙ නූතන සමාජය බිහිවුනාට පස්සේ කාර්මික විප්ලවය ඇතිවෙනවා, ධනේශ්වර පංතිය බලය අල්ලගන්නවා.”
” එයාලා ආර්ථිකය විතරක් නෙමේ දේශපාලන විතරක් නෙමේ සන්නිවේදන හා මාධ්‍ය බලයත් එයාලගෙ අතට ගන්නවා.”
“ආර්ථික වුවමනාවන්ට අනුව වෙළදපල නිර්මාණය වෙනව වෙළදපලට අනුව හැසිරෙන්න පටන් ගන්නවා.”
” අන්න එතකොට ආගමික සදාචාරය ආගමික වටිනාකම නැති වෙලා වෙළදපල වටිනාකමට ප්‍රමුඛත්වය ලැබෙනවා.”
“සම්ප්‍රදායික සමාජයේ තිබුණෙ වාච්‍යකේන්ද්‍රීය සන්නිවේදනයක්.”
” වචනය දිවිහිමියෙන් සැළකුවා.”
” සන්නිවේදනය ආගම සංස්කෘතිය ආර්ථිකය කලාව මිනිස්සුන්ගෙ දෛනික ජීවිතය එකට ඒකාබද්ධ වෙලා තිබුණෙ.”
“ඒ නිසා මිනිස්සු තුල ස්ථාවරයක් තිබුණා , අනෙකා පිළිබද ලොකු හැගීමක් තිබුණා , අධ්‍යාත්මික වටිනාකමට මූලික තැන දුන්නා.”
“නූතන සමාජයේදී අධ්‍යාත්මිකත්වයට වඩා භෞතිකත්වයට මූලික තැන දුන්නා.”
“කාර්මික විප්ලවයෙන් පස්සෙ මිනිස්සුන් එකිනෙකා දිහා තමුන්ට ප්‍රයෝජනයක් දෙන අළෙවිකරණ භාණ්ඩයක් ලෙස බලන්න පටන් ගත්තා.”
“දැන් එ් සමාජය උච්චතම ස්ථානයට ගිහින් තියෙන්නෙ.”
“මාධ්‍ය තුලත් සිද්ධ වෙන්නෙ මෙයමයි.”
“එතන ඉදන් තමයි පරිහානියට පත්වීම පටන්ගත්තෙ, අධ්‍යාත්මිකවය අභිබවා භෞතිකත්වයට මූලිකත්වය දීම හරහා.”
“නියාමනයක් සමාජයක යහපැවත්මට අත්‍යවශ්‍ය නම් දැන් අපේ රට තුළ ක්‍රියාත්මක කරන්න සැලසෙන මාර්ගගත සුරක්ෂිතතා පනත හා නියාමනය සම්බන්ධව කැළඹීමක්, විරෝධයක් ඇතිවෙලා තියෙන්නෙ ඇයි?”
“නියාමනයක් අනවශ්‍ය කියන එක නෙමේ මෙවෙනි දෙයක් කළයුත්තේ කෙසේද යන්නයි සළකා බැලිය යුත්තේ.”
” එහි අවශ්‍යතාව පිලිබදව මූලික වශයෙන් සමාජයතුල කතිකාවක් දියත් කල යුතුයි.”
“කාන්තාවට ළමයින්ට සිදුවන අපචාර, ආර්ථිකයට රාජ්‍යයට සමාජ සදාචාරායට , මිනිස් ප්‍රතිරුපවලට අපහාස කිරීම් රැවැට්ටීම් මේ ඔක්කොම අලුත් මාධ්‍ය හා සන්නිවේදන සංස්කෘතිය නිසා සිදුවෙනවා කියලා සමාජය තුල නියාමනයන් ගෙන ඒමට කලින් එහි අත්‍යවශ්‍යතාවය පිළිබදව කතිකාවක් ඇති කලයුතුයි මූලිකවම. ”
“මෙවෙනි නීති හදනකොට මේ සමාජ මාධ්‍යට අදාලම සියළුම පාර්ශ්ව මේ සදහා සම්බන්ධ කරගන්න ඕන.”
“එතකොට මාධ්‍ය සමාගම්ද , මාධ්‍ය අයිතිය කරුවොද , පරිශීලකයින්ද මාධ්‍ය නාලිකාද, ජාත්‍යන්තර සමාගම්ද ,නීතිවේදීන්ද , විද්වතුන්ද මේ සියළු අය එක මේසයකට ගෙනල්ලා ඒ සාකච්ඡාවකින් එන කෙටුම්පතකින් තමයි මේක හදන්න ඕන.”
“එංගලන්තෙ මේක හදන්න අවුරුදු පහක් හයක් ගියා ඇත්ත වශයෙන්.”
“ජර්මනියේත් එහෙමයි, රුසියාවෙත් එහෙමයි.”
” මේවා එකපාරකින් හදන්න පුළුවන් ඒවා නෙමෙයි.”
” අපේ රටේ වුනේ මොකක්ද මේ කවුද ඇමතිවරයෙක් හදපු එකක් ගෙනවිත් ඒක එක පාරටම දැම්මා.”
” අන්න ඒකයි වරද.”
“ඒක ආපු ක්‍රමවේදයයි වැරදි.”
” ඒක නිසා තමයි මේ සමාජය කැළඹීමක් ඇති වෙලා තියෙන්නෙ.”
” නියාමනය අවශ්‍යයි, එය ගෙන ආ යුතු ක්‍රමවේදය පිළිබදව තමයි සැලකිලිමත් වෙන්න ඕන.”
“මෙවෙනි ආයතන අයිති ගෝලීය බහුජාතික සමාගම් හරහා මේ සදහා නියාමනයක් ඇති කරගන්න බැරිද මහාචාර්යතුමා?”
“අන්න එ්කයි.” “ඒක එක අවස්ථාවක්.”
“නැත්නම් අපිට බැහැ මේක කරන්න.”
“අපි මේ මොන නීති දැම්මත් ඒක ඒ ගොල්ලො පිළිගන්නෙ නැහැ.”
“ඒක පිළිගන්න නම් අපේ තියෙන ජාතික නීති පද්ධතියක් තියෙන්න ඕන ඒවා සම්බන්ධව.”
” එතකොට ඒ නීති පද්ධතිය මත ඉදලා තමයි අපි ඒ ගොල්ලන්ට චෝදනවාක් කරන්න ඕන.”
“උදාහරණයක් විදියට මෙන්න මේ පුද්ගලයට අපේ රටට අදාල මෙන්න මේ content එක හරහා අපේ ප්‍රතිරූපයට හානියක් අපිට අලාභයක් වෙනවා කියලා අපේ නීති මත ඉදලා තමයි ඉදිරි පත් කරන්න ඕන.”
“ඒ ගෝලීය සමාගම් හා අපේ ජාතික රාජ්‍යයේ තිබෙන නෛතික පද්ධති අතරත් සම්බන්ධයක් ගොඩනැගෙන්න ඕන.”
” එතකොට තමයි යම් සම්මුතියකට එන්න පුළුවන්.”
“එතකොට මහාචාර්යතුමා අපි වගේ පොඩි රටකට පුළුවන් ද එවෙනි විශාල බහුජාතික සමාගම් එක්ක එහෙම සම්මුතියකට එන්න?”
“අන්න එතනත් බොහොම වැදගත්, අපි මේ මොන නීති දාගත්තත් සමහර විට ඒක ඒ ගොල්ලන් පිළිනොගන්න පුළුවන්.”
” ඒ සමාගම් හැම වෙලේම හිතන්නේ එයාලගෙ වුවමනාව.”
” අපි හිතන්න ඕන අපේ ජාතික සංස්කෘතික රාමුතුලට ඇතිවන බලපෑම, එම සමාගම් සමඟ කේවල් කිරීම තුළ යම් කිසි සම්මුතියකට එන්න ඕන.”
” ඒ සදහා අපේ ජාතික නීති පද්ධතියක් හදලා ඒ තුළ ඉදගෙන තමයි ඒ සම්මුතියට එන්න පුළුවන්.”
” එවැනි විශාල සමාගම් සමඟ කතා කරන කොට කලාපීය වශයෙන් කතා කරලා මෙවෙනි ප්‍රශ්ණ වලට විසදුම් ලබාගන්නත් පුළුවන්.”
“මහාචාර්යතුමා ලෝක ජනගහනයෙන් බහුතරයක් පරිහරණය කරණ මෙවෙනි new media නැත්නම් සමාජ මාධ්‍ය හරහා ලෝකයට මොනයම් විදියක හෝ තර්ජනයක් විය හැකිද?”
“ඇත්තටම, මේ සමාගම් විශාල ප්‍රාග්ධනයක් එක්ක ක්‍රියාත්මක වන විශාල සමාගම්.”
” ඒ සමාගම් වල ක්‍රියාකාරීත්වය රටවල් වල ස්ථාවරත්වයට, ආර්ථිකයට සෘජු බලපෑමක් කරන්න පුළුවන්.”
“මම මේකට කියන්නෙ ජාල තන්ත්‍ර වාදය කියලා.”
“එම සමාගම් වල බලය අතිවිශාල බලයක්.”
“රටක් ආර්ථිකයක් අඩපණ කරන්න ඒ හරහා පුළුවන්.”
“අරාබි වසන්තයෙදි ඒ වගේ තත්වයක් උදාවුනේ.”
“ලෝක ජනගහනයෙන් global plat form වල කෝටි 500ක් විතර 64% විතර විවිධ ජාතික රාජ්‍යන්ට අයත් මිනිසුන් ඉන්නවා.”
” ඒ 64% සම්පූර්ණයෙන්ම පාලනය කිරීමේ මෙහෙයවීමේ බලය එම සමාගම් වලට තියනවා යම්කිසි ආකාරයකට.”
” ඒක ජාතික රාජ්‍යයන්ට තර්ජනයක් වෙන්න පුළුවන්.”
“ඒක රාජ්‍යයක් තුළ තවත් රාජ්‍යයක් නිර්මාණය වෙමින් පවතිනව වගේ තත්වයක් මේ සිදුවෙමින් පවතින්නෙ ඇත්තටම.”
“ඒක යම්කිසි සංකීර්ණ තත්වයක්.”
“ඔබතුමා හිතනවද අතීතයේ හිටපු මිනිසාට වඩා දියුණු නිදහස් ලෝකයක් මේ සන්නිවේදනයේ තාක්ෂණයේ දියුණුව තුළ මිනිසාට ලැබිලා තියනවා කියලා?”
“අතීතයේ ඉදන් වර්තමානයේ අද දක්වා මේ සන්නිවේදන මාධ්‍යයන්ගේ වර්ධනයත් එක්කම බොහෝ දෙනෙක් කල්පනා කරනවා මිනිසා මහ විශාල නොනිදහසක ඉදලා නිදහස දක්වා ගමන් කරනවා කියලා.”
” ඇත්ත වශයෙන්ම අපේ තිබුණ නිදහස අපි අහිමි කරගනිමින් යන්නෙ.”
” ආර්ථික ,දේශපාලන සහ සන්නිවේදන වශයෙනුත් එහෙමයි”
“උදාහරණයක් වශයෙන් කොරෝනා කාලේ සිට වර්ධනය වුන මේ චිපිකරණය chip migration හරහා පෘථිවි ජනගහනය යම්කිසි ආකාරයකට ගෝලීය සමාගම් අන්තර්ජාලය ඔස්සේ ඩිජිටල් තාක්ෂණය එක්කම ජාල මගින් පාලනය කිරීමේ හැකියාව ලබාගෙන තියනවා.”
“දැනටමත් අපිට අන්තර්ජාලයට ප්‍රවේශයක් තියනව, facebook තියනව, youtube තියනව, email තියනව.”
” දැනටම අපේ digital identity එක form වෙලා තියනව digital අවකාශය තුල national identity එකට අමතරව”
“ඒ කියන්නෙ අපි කැමති මොනවද, කොහෙද ඉන්නෙ, මොනවද කරන්නෙ, කන්නෙ මොනවද, ලේ වර්ගය මොකක්ද, ඔක්කොම ඒ සමාගම් වලට monitor කරන්න පුළුවන්.”
අපි හැමෝම දැන් open. එතනදි අපි නොසිතූ විදියට සංකීර්ණ හිර වීමකට ලක්වෙලා.
“මහාචාර්යතුමා ඔය කියන විදියට හිතෙන්නෙ අපි රොබෝවරු බවට පත් වෙලා වගේද කියලා.?”
“අන්න එතනට තමයි එන්නෙ. ඒ කියන්නෙ homosapien ලා homotechnicas බවට පත් වෙමින් යන්නෙ.”
“ඒ අර්ථයෙදි අතීතය වඩාත් හොදයි කියලා හිතෙනවා.”
“අපි මෙතරම් කල් හිතන් හිටියෙ හැම සිදුවීමකටම ඉහලින් ස්වභාවධර්මය තිබෙනවා කියලා. දැන් ඒ නියාමය වෙනසක් වෙලා තියනවද මහාචාර්යතුමා?”
” මානව සමාජයේ සංවර්ධනය කියලා කියන්නෙ තියන පද්ධති එන්න එන්න සංකීර්ණ වීම තමයි ඇත්ත වශයෙන්ම.”
” ඒ සංකීර්ණ වෙන්න වෙන්න ඒ වට තියන අවදානමත් වැඩි වෙනවා.”
” ඒක තමයි ඒකෙ නියමානුකූලතාවය.”
“පුරාතන සමාජයේ සමාජයක් විනාශ වී යාමේ සම්භාවිතාව සහ නූතන සාමාජයක් විනාශ වී යාමේ සම්භාවිතාව වැඩියි, සූක්ෂමතාවය නිසා සහ සංකීර්ණත්වය නිසා.”
“හැබැයි සංකීර්ණ වෙන්න වෙන්න සුරක්ෂිතතා පද්ධතිත් ඒ හා සමානව බිහිවෙනවා.”
“ඔබ මතුකරන එකේ වැදගත්ම ප්‍රශ්නෙ මෙතන තියෙන්නෙ මේ තාක්ෂණික හෝ වේවා ආර්ථික හෝ වේවා මේ පද්ධති අපි කාර්යක්ෂම වීම අපි සංකීර්ණ වීම අපි තාක්ෂණීකරණය විමෙහි යම් සීමාවක් තියනවද කියල යන්නයි” එහෙම නේද?
“ඇත්තටම දැන් අපි මේ ස්වභාව ධර්මය අතික්‍රමණය කර හමාරයි.”
“එම අතික්‍රමණය පිළිබදව තව ටිකක් පැහැදිලි කළොත් මහාචාර්යතුමා”?
“පහුගිය අවුරුදු දෙදහසක තුන්දහසක විතර කාළය තුල ස්වභාව ධර්මයට අනුව හැඩගැසීමනෙ අපි කලේ ඇත්තටම”.
“පසුකාළිනව සමාජ පද්ධති වලට අනුව මනුස්සයා අනුපූර්ණය වීම තමයි සිද්ධ වුනේ.”
“දැන් මනුස්සයා කරන්න හදනව මිනිසාව වෙනස් කිරීමට.”
“මෙතෙක් කල් මිනිහව වෙනස් කරන්න බැරිවුනා.”
“මනුස්ස ස්වභාවය වුනේ යුද්ධ කරනවා, කෝලහාල කරනව ගැටුම් ඇති කරගන්නවා, ආයෙ සමතකයට පත් වෙනවා”
“පහුගිය සියවසේ මැද භාගයෙන් පස්සෙ දැන් ජාන වෙනස් කිරීම මගින් (Genetic Modification) මනුස්සයා වෙනස් කිරිමට පුළුවන් කියන ස්ථාවරයකට ඇවිත් තියනවා.”
“ඒ ක්‍රියාවලියත් දැන් කරගෙන යනවා.”
“මේ ලෝකෙ විවිධ බලගතු පද්ධති එහෙම නැත්නම් සමාගම් වෙන්නත් පුළුවන් යම් පංතියක් වෙන්නත් පුළුවන් ඒ ගොල්ලන්ට ඕන ආකාරයට එ පද්ධති වලට ක්‍රම වලට ගැලපෙන විදියට මිනිස්සු වෙනස් කරනවා, මීට කලින් ඒක කරන්න බැරිවුනා.”
“තව විදියකින් කියනව නම් හොමෝ සේපියන් (homosapien) හොමෝ ටෙක්නිකස්( homotechnicas) කෙනෙක් බවට පත්කරනවා ඔහුගේ ජාන වෙනස් කිරිම මගින්.”
” ඔහු ඊට පස්සේ විධාන ක්‍රියාත්මක කරන විධාන වලට අදාල වැඩ කරණ කෙනෙක් බවට පත්කරනවා.”
“දැන් වෙමින් පවතින්නෙ ඒක.”
” බොහොමයක් සමාගම් විශාල වශයෙන් ආයෝජනය කරන්නෙ දැන් ඒ සදහා ඇත්ත වශයෙන්ම.”
“මනුෂ්‍යත්වය දියුණු කිරීමට නෙමේ මනුෂ්‍යත්වය ඉක්මවා ගිය, අපි කියනව ඒකට post human පශ්චාත් මනුෂ්‍ය සම්බන්ධතා කෙලින්ම කියනවනම් homotechnicas කියන තාක්ෂණික මානව ගතිගුණ සහ ඒ සම්බන්ධතා වර්ධනය කිරීමට අවශ්‍ය වන පර්යේෂණ සහ පසුබිමක් තමයි දැන් සකස් කරමින් ඉන්නෙ ඇත්ත වශයෙන්ම හැම පැත්තෙන්ම.”
“අවසාන වශයෙන් වර්තමානයේ මනුෂ්‍යත්වය, මනුෂ්‍යය වර්ගයාගේ තාක්ෂණික දියූණුවේ අවසානය කොතනටද කියලා ඔබතුමා හිතන්නෙ.?
“මනුෂ්‍යවර්ගයාගේ ජාන වෙනස් කරමින් homotechnicas තත්වයට ගියා කියන්නෙ මනුෂ්‍යයත්වය, මනුෂ්‍යය වර්ගයා අවසානයි.”
” අන්න එතන තමයි අරගලය තියෙන්නේ.”
” අන්න එතනට යන්න නොදෙන විදියට තමයි මිනිස්සු මේ යුගයේ සවිඥ්ඤානික වියයුතු.”
“මේ යුගයේ තියෙන්නෙ මේ ජාති අරගලයක්වත්, පංති අරගලයක්වත්, ආගමික අරගලයක්වත් නෙමේ, දේශසීමා අරගලවත් නෙමේ මනුෂ්‍යත්වය බේරා ගැනිමේ අරගලයක්.”
“අපේ කතාවේ නිෂ්ටාව වෙන්න ඕන මනුෂ්‍යත්වය, ඒක තමයි අපේ ප්‍රමිතිය අපේ සීමාව වෙන්න ඕන.”
“එතනින් එහාට කතාවක් නැහැ අපිට ඇත්ත වශයෙන්ම.”
“නමුත් දැන් බටහිර ශිෂ්ටාචාරය ඒ සීමාව ඉක්මවා ගිහින් එතනින් එහා කතාවක් ආරම්භ කරලා තියනවා.”
“ඒක තමයි සංක්‍රාන්ති මනුෂ්‍යත්වය, post human එහෙම නැත්නම් homotechnicas කියන තත්වය.”
“ඒ කතාව ඒ යුඟය පිළිබදවයි ඒ අවදානම පිළිබදවයි අපි වඩාත් තිව්‍රර ලෙස අවධානය යොමු කළයුත්තේ කියලයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.”
මේ කතාබහ හරහා සියල්ල පැහැදිලි වෙමින් පවතී යැයි හැඟේ. අවසානයක් නොදකින යුධ ගැටුම්, කෝලහාල, දූෂණ, වංචා, ලේ වැඟිරීම්, ළමා මරණ, අපචාර, වැනි කියූ නොකියූ බොහොමයක් මනුෂ්‍යත්වයේ පිරිහීම් හමුයේ සොබාදහම දඬුවම් දීම නවත්වා මුනිවත රැකීමට තීරණය කර ඇති සෙයකි. දුන් කිසිදු දඬුවමකින් පාඩම් ඉගෙන නොගන්නා ලෝකයක වැසියන්ට සියල්ල ඉවසා අවසන තම වර්ගයාගේ නිමාව තම වර්ගයා මතින්ම සනිටුහන් කිරීමට තීරණය කර ඇති සෙයකි. පෘථිවි තලයේ මනුෂ්‍යවර්ගයාට මුහුණ දීමට සිදුවන දරුණුතම අවධානම පෙනෙන නොපෙනෙන මානයේය. මනුෂ්‍යත්වය නොරකින නොදකින කළ දුර්සථ පාලනයකින් ක්‍රියාත්මක වන රොබෝවරු ලෙස මනුෂ්‍යවර්ගයාගේ සංක්‍රාන්තිය සිදුවීම ආරම්භ වී ඇත.
අප දැන් ජාලගත විය යුත්තේ මනුෂ්‍යත්වය රැක ගැණීම උදෙසා මනුෂ්‍යවර්ගයාම අරභයා මනුෂ්‍යත්වය වගා කරලීමටය.