Breaking News

භාෂණයේ නිදහස මරා රජය සූදානම් වෙන්නේ ඉදිරි මැතිවරණ ක්‍රියාවලියට

මහජන කවුන්සිලය සඳහා වූ ව්‍යාපාරය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.එහිදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවත් නීතිය හා සාමය මෙන්ම ආගමීක සංහිඳියාව ඇති කිරීමට යැයි පවසමින් නීතිය අවභාවිතා කිරීම පිළිබඳව සාකච්ඡාවට ගනු ලැබුවා.

එහිදී අදහස් දැක්වූ නීතීඥ නුවන් බෝපගේ ප්‍රකාශ කර සිටියේ නතාෂාව අත්අඩංගුවට ගත්තද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ අයි සී සී පී පනත යටතේ කෙනෙකු ප්‍රකාශයක් කළ පමණින්  අත්අඩංගුවට ගන්න බැරි බවයි. නතාෂා එම ප්‍රකාශය සිදු කරන්නේ විනෝදාස්වාද වැඩසටහනකදී එම ප්‍රකාශය සිදු කිරීම තුළ ප්‍රචණ්ඩත්වයක් හෝ  කෝපි වෛරී සහගත තත්වයක් යටතේ නෙමෙයි ප්‍රකාශ කරන්නේ. ඒ අනුව ඇයව අත් අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කිරීමක්.

මේ න්‍යාය පත්‍රය පිළිබඳව අපි සැක කරනවා. මේක බොහෝ විට සම්බන්ධ වෙන්න පුළුවන් ඊලග මැතිවරණ ක්‍රියාවලියට. ගෝඨාභය ඇතුළු රාජපක්ෂවරුන් බලය ලබා ගත්තේ මේ ආකාරයටමයි. ඒ ක්‍රියාවලියම කරමින් රනිල් වික්‍රමසිංහ ඊළඟ මැතිවරණයට යන්න උත්සාහ දරනවා ද කියන බරපතළ සැකය අප හමුවේ පවතිනවා.

මේ සියල්ල නැවත සම්බන්ධ වෙනවා මොවුන් ඉදිරියේ දී ගෙන ඒමට නියමිත නීති වලට.ඉදිරියේදී පනත්  හැටක් පමණ සංශෝධනය කරන්න උත්සාහ දරමින් ඉන්නවා.

වසන්ත මුදලිගේ  ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි අතර වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය එහිදී දැඩි ලෙස විවේචනයට ලක් කරනු ලැබීය.

leave a reply