Breaking News

වෙඩිතලතිව් ස්වභාවික රක්ශිතයෙන් කොටසක් ඉවත් කිරීමේ ප්රයත්නයක් නැවතත්

 ජගත් ගුණවර්ධන

වෙඩිතලතිව් ස්වභාවික රක්ශිතයේ කොටස් ඉවත්කර ඒවායේ ජලජීවී ව්යාපෘති ඇති කිරීමේ සැලසුම් නැවතත් වරක් ක්රි්යාවට නැංවෙමින් තිබේ.ඒ අනුව මෙවර හෙටයාර් 169ක් මෙම ස්වභාවික රක්ශිතයෙන් ඉවත්කර වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 2(4) වන වගන්තිය යටතේ නියෝගයක් සකසා,ඊට අමාත්යි අනුමැතිය ලබාගෙන ගැසට් පත්රායක් ප්ර කාශ කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතී.මෙම කටයුතු සිදු වන්නේ හිටපු වනජීවී අමාත්යටතුමා විසින් ඉදිරිපත් කරන ලද 2021.07.20 දිනැති අංක 21/1351/314/016 දරන අමාත්ය මන්ඩල සංදේශයට ලැබී තිබෙන අමාත්යම මන්ඩල අනුමැතිය පදනම් කරගෙන වේ.

වෙඩිතලතිව් ස්වභාවික රක්ශිතයෙන් කොටසක් විදේශීය සහ දේශීය ව්යාපාරිකයෙන් සුලු පිරිසකට ඉස්සන් ඇතුලු ජල ජීවී වගාවන් සඳහා ලබාදීමේ යෝජනාව ඉදිරිපත් වන්නේ 2017 වසරේදීය.

එය,නිසි නීතිමය ක්රියා පටිපාටියට අනුව කරනලද ඉන්පසුව ඒ සඳහා ඉදිරිපත් වූ අමාත්ය5 මන්ඩල සංදේශයකට අනුව ක්රිජයා කරමින් මේ ප්රයදේශයට අදාලව පාරිසරික තක්සේරු අධ්ය්යනයක් (Environmental Assessment Study) (ESA) විශේශඥ කමිටුවක් වෙත ඉදිරිපත් කර එම කමිටුවේ නිරීක්ශනයන්ද පාදක කරගෙන අනතුරුව වනජීවී සංරශන දෙපාර්තමේන්තුව 2020 වසරේදී තීරනය කලේ එම ප්රදේශ ස්වභාවික රක්ශිතයෙන් ඉවත්කිරීම නුසුදුසු බවයි.

වෙඩිතලතිවු ස්වභාවික රක්ශිතය ප්රකාශයට පත් කරනු ලබන්නේ වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 2(1) වගන්තිය යටතේ අමාත්යවරයා විසින් කල නියෝගයක් 2016.03.01 දිනැති අංක 1953/13 දරන අතිවිශේශ ගැසට් පත්රයේ පලවීමත් සම්ඟිනි.මේ නියෝගයට පදනම වූයේ 2009-2012 දක්වා විශේශඥ මන්ඩලයක් විසින් සිදුකල සර්ව පාරිසරික තක්සේරුවේ (Strategic Environmental Assessment)(SEA) නිර්දේශයක් අනුවය.එම වාර්තාවම ජලජීවී කටයුතු සඳහාත් සුදුසු භූමි ගෙනහැර දක්වා තිබේ.

එසේම මෙම ආරක්ශිත ප්රවදේශයෙන් බැහැර ඉඩම් කොතෙක් තිබුනත් ජලජීවී වගා ව්යාමපෘති සඳහා වෙඩිතලතිවු ස්වභාවික රක්ශිතයේ ඉඩම් ලබා ගැනීමට පජ්මනක් වසර පහක් පුරා කටයුතු කරන්නේ කුමන හේතුවන් නිසාද යන්න පැහැදිලි නැත.එසේම මුල් වතාවේදී හෙක්ටයාර් 1500 පමන භූමි ප්රිමානයක් ජලජීවී වගා ව්යාඥපෘති සඳහා ඉලා තිබූ නිසා මෙම හෙක්ටයර් 169 මුල් අවස්ථාවේ ඉලා සිටින භූමිය වී පසුව වරින්වර කොටස් වශයෙන් තව තවත් ඉඩම් ඉල්ලා සිටීමේ විශාල අවදානමකුත් පවතී.

මේ නිසා මෙම භූමිය ලබාදී අවම වශයෙන් මෙම ඉඩම් ඉල්ල් සිටීමේ ප්ර ශ්නයවත් නිමාවනු ඇතැයි සිතිය නොහැකිය.එසේම ජලචර පක්ශීන් අතින් සුවිශේශී සරු බවකින් යුතු මේ ප්රමදේශයේ සිදුකරන ජලජීවීඉ වගාවන්ට මෙම ජලචර පක්ශීන් පැමිනීම කිසිසේත් වලක්වන්නට නොහැකි වේ.මේ නිසා පක්ශීන්ට විවිධ හිරිහැර සහ හානි සිදුවීමත් අනිවාර්යි අනතුරකි.

වෙඩිතලතිවු ස්වභාවික රක්ශිතයේ තිබෙන සුවිශේශී පරිසර වටිනාකම් සහ අලංකාරය එය උතුරු පලාතේ සංචාරක ව්යාසපාරයේ ප්රේවර්ධනයට අතිශයින් වැදගත් වන්නකි.මේ නිසා ජලජීවී අගාවට ඉඩම් ලබාදීම වෙනුවට පරිසරයට හානි නොවන සේ සංචාරකයන්ට නැරඹුම් භූමි තෝරාගෙන ඒ හරහා මෙම ප්රසදේශයයේ සංචාරක කර්මන්තය දියුනු කිරීම වඩාත් පරිසර හිතකාමී මෙන්ම ධරනීය සංවර්ධන පියවරද වන්නේය.

leave a reply