බියට අයිසිං දමා ඇත…. පරිස්සමෙන් කේක් කන්න

ඇමෙරිකාවේ සිටි දර්ශණවාදියෙක් මෙන්ම එරට නිදහස් ප්‍රකාශයේ සම්පාදකයාද වූ තෝමස් ජෙෆෙර්සන් ප්‍රකාශ කලේ කිසියම් රටක ආණ්ඩුවක් ජනතාවට බයනම් එරට තුල නිදහසක් ඇති බවත් එරට ජනතාව ආණ්ඩුවට බයනම් එතැන කුරිරුකමක් ඇතිබවයි.

ගෝටා රෙජිමය පැමිණ ඉතා සුළු කාලෙකින් සමාජය වෙත මුදාහැර ඇති බිය ඉතා නිර්මාණශිලියි. එය කෙතරම් නිර්මාණශීලි දැයි කිවහොත් තොමර්ස් ජෙෆෙර්සන්ට එහාගොස් බිය මත අයිසිං දමා ඇති අතර කුරිරුකම වෙනුවට අපිට හමුවන්නේ ජාතිය, මල් මල් බලාපොරොත්තු, ආරක්ෂාව වගේ දේවල්ය.
මේ සටහන කියවන අවස්ථාව වෙනකොට කොරෝනා වසංගතයට අදාල ආණ්ඩුවේ ‘පුරසාරම් මය ඉන්ටවල් ‘ ඉවර වී ඇති අතර කෝවිඩ් වසන්ගතය දේශපාලනමය ගේම් වලට වඩා බලවත් බව ‘ සර් ගේ බලකායට’ කියා දෙමින් සිටියි. ලෝකයම කොවිඩ් ට එරහිව වැක්සින් සෙවීමේ තරගයක නිරත වී ඇති අතර අපේ ඇමතිවරු එලියට් වයිට් ගේ කලගෙඩි උස්සගෙන ගංගා තරණය කරයි.

ලංකාවේ දේශපාලනය තුල හොද වගේ පෙනෙන ආණ්ඩු, නරක ආණ්ඩු, පොල්පොට්වාදී ආණ්ඩු, නිද්‍රාශීලි ආණ්ඩු මෙන්ම ආණ්ඩුවක් වගේ නොපෙනෙන ආණ්ඩු ජනතාව විසින් අත්විද ඇත. මේ අතරින් ගෝටා රෙජීමය ස්ථානගත වන්නේ සහයෝගය සහ විරෝධය එකම හස්ථයකින් කළමනාකරණය කළහැකි ආණ්ඩුවක් ලෙසයි. ඔබ ආණ්ඩුවට විරෝධී උනාට ආණ්ඩුව ඔබට විරුද්ධ වන්නේ නැත. ඒ වෙනුවට ප්‍රකෝප වූ ජනතාව ඔබට විරුද්ධව අවි අමෝරනු ඇත. මේ දවස්වල මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා දිවෙන පුවත් වල නොපෙනෙන – නොදැනෙන නාඩිය තියෙන්නේ එතනයි.

ආණ්ඩුව විසින් කොරෝනා වසංගතය පාලනය කිරීම දේශපාලනීකරණය කොට ඇති බවට අතලොස්සක් දෙනා ආණ්ඩුවට චෝදනා කරන අතර එයට ආණ්ඩුව විසින් පිළිතුරු නොදෙන බවක් පෙනේ. ඒ වෙනුවට ජනතාව ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරැ දීමට ඉදිරිපත් වී ඇත.

දැන් නොමග ගිය මිනිසුන්ට එරෙහිව තුවක්කු පත්තුවෙන්නේ නැත. තුවක්කු අග මල් පිපී ඇති අතර කළුපාට ග්‍රෙනේඩ් සමනළ වර්ණයෙන් පාටගැන්වී ඇත. ඒත් තුවක්කු වල තවමත් සජීවී උණ්ඩ ඇති අතර ග්‍රෙනේඩ් තවමත් සක්‍රීයයි. යම් හෙයකින් තුවක්කු වලින් වෙඩි උණ්ඩ පිටඋනොත් ඒ ආණ්ඩුවේ වරද නොවේ. ඒ මවුබිමට ආදරය කරන කුපිත වූ ජනතාවගේ වැඩකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...